ඔස්ට්‍රේලියාවට නවතම Eris කොවිඩ් ප්‍රභේදය පැමිණෙයි, ඔබ දැනගත යුතු දේ මෙන්න

A woman wearing a hat and face mask walks past the Syndey Harbour Bridge

People wearing masks walk in front of the Sydney Harbour Bridge at Circular Quay in Sydney, Tuesday, January 25, 2022. (AAP Image/Steven Saphore) NO ARCHIVING Source: AAP / STEVEN SAPHORE

මේ වන විට එක් නව කොවිඩ් උප ප්‍රභේදයක් Eris නමින් ලෝකයේ ඇතැම් ප්‍රදේශවල කොවිඩ් ආසාදන වැඩි කිරීමට හේතු වන අතර එය දැනටමත් ඔස්ට්‍රේලියානු ප්‍රජාව තුළ සංසරණය වෙමින් පවතින බව විශේෂඥයෝ විශ්වාස කරති.


කොවිඩ් වසංගතය තවදුරටත් ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස නොසැලකෙන නමුත් වයිරසයේ විකෘති අඛණ්ඩව වර්ධනය වී පරිණාමය වේ.

මේ වන විට එක් නව කොවිඩ් උප ප්‍රභේදයක් Eris නමින් ලෝකයේ ඇතැම් ප්‍රදේශවල කොවිඩ් ආසාදන වැඩි කිරීමට හේතු වන අතර එය දැනටමත් ඔස්ට්‍රේලියානු ප්‍රජාව තුළ සංසරණය වෙමින් පවතින බව විශේෂඥයෝ විශ්වාස කරති.

ඒ පිළිබඳ ඔබ දැනගත යුතු මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.

Eris කොවිඩ් උප ප්‍රභේදය ගැන අප දන්නේ මොනවාද?

මෙම නව කොවිඩ් ප්‍රභේදය Eris නොහොත් EG.5.1 ලෙස නම් කර ඇති අතර එය ප්‍රථම වරට ආසියාවෙන් අනාවරණය වූ බව වාර්තා වේ.

එය Omicron ඛාණ්ඩයේත් EG.5 ඛාණ්ඩයේත් කොටසක් වන අතර එය 2023 ජූලි මාසයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අධීක්ෂණය යටතේ පවතින කොවිඩ් ප්‍රභේදයක් ලෙස ලැයිස්තුගත කර ඇත.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

මෙම උප ප්‍රභේදය ඔස්ට්‍රේලියාවට පැමිණ ඇති නමුත් සීමිත පරීක්ෂණ හේතුවෙන් තවමත් නිල වශයෙන් හඳුනාගෙන නොමැති බව බෝවන රෝග පිළිබඳ වෛද්‍යවරයකු සහ සායනික ක්ෂුද්‍රජීව විද්‍යාඥයකු වන සහකාර මහාචාර්ය Paul Griffin විශ්වාස කළේය.

Eris ලොව පුරා වර්ධනය වෙමින් පවතින බව ඔහු පැවසීය.

එය රටවල් ගණනාවක Omicron හි ප්‍රමුඛ උප ප්‍රභේදය බවට පත්වෙමින් පවතින අයුරු පෙනෙන බවද ඔහු පැවසීය.

එක්සත් රාජධානියේ සෑම කොවිඩ් ආසාදන හතකින්ම එකක් EG.5.1 ලෙස දැන් වාර්තා වේ.

ඇමෙරිකාවේ රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානයේ (CDC) නවතම දත්ත ඇස්තමේන්තු කර ඇති පරිදි EG.5.1 ඇතුළුව - දැන් ඇමෙරිකාවේ කොවිඩ් ආසාදනවලින් සියයට 17.3ක් සඳහා වග කියනු ලබන්නේ EG පෙළපතේ වයිරසය.

ඔස්ට්‍රේලියාවේ ද එවැනිම රටාවක් අනුගමනය කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව දකුණු ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලයේ ජෛව සංඛ්‍යාලේඛන සහ වසංගත රෝග පිළිබඳ මහාචාර්ය Adrian Esterman පැවසුවේය.

"Eris හට සම්ප්‍රේෂණ හැකියාව සම්බන්ධයෙන් යම් වාසියක් ඇති බව පෙනේ, එය අත්පත් කර ගැනීමට පටන් ගෙන ඇත," ඔහු පැවසීය.

ඉදිරි සති කිහිපය තුළ තවත් ආසාදනවල උච්චතම අවස්ථාවක් අපට පෙනෙනු ඇති බවත් එය Eris නිසා වනු ඇති බවත් ඔහු පැහැදිලි කළේය.

රෝග ලක්ෂණ

EG.5.1 උප ප්‍රභේදයේ රෝග ලක්ෂණ වලට නාසයෙන් දියර ගැලීම, හිසරදය, තෙහෙට්ටුව, කිවිසුම් යාම සහ උගුරේ අමාරුව ඇතුළත් වේ.

ඒවා බොහෝ දෙනෙකුට සාපේක්ෂව මෘදු ලෙස ඇතිවන බව මහාචාර්ය Paul Griffin පැවසීය.

ඒවායින් සමහරක් එන්නතෙහි බලපෑම හෝ අතීත ආසාදනය විය හැකි බවත් ඔහු පැවසීය.

මෙය මීට පෙර පැමිණි වෙනත් ප්‍රභේද සහ උප ප්‍රභේදවලට වඩා තරමක් අඩුවෙන් උණ ඇති කරන බවට ආසාදිතයින් දන්වා ඇති බවද මහාචාර්ය Griffin ප්‍රකාශ කළේය.

තවමත් COVID-19 ගැන සැලකිලිමත් විය යුතුද?

නවතම රජයේ දත්ත වලට අනුව, අගෝස්තු 2 න් අවසන් වූ සතිය තුළ ඔස්ට්‍රේලියාව පුරා COVID-19 රෝගීන් 5,431 ක් වාර්තා විය.

කොවිඩ් පරීක්ෂණ අනුපාත පහත වැටී ඇති නිසා, මෙම සංඛ්‍යා සැබෑ සංඛ්‍යා නොවන බව මහචාර්ය Griffin පැවසීය.

කොවිඩ් වසංගතය තවදුරටත් ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස නොසලකන නමුත් තර්ජනය පහව ගොස් නැතැයි ඔහු පැවසීය.

වයෝවෘද්ධ පුද්ගලයින් සහ කොවිඩ් අවදානම් සාධක ඇති පුද්ගලයින් සඳහා, COVID-19 සැලැස්මක් ලබා ගැනීමට ඔහු යෝජනා කළේය.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now