කැන්ගරු දේසේ කැන්ගරු දූපත ලොව හොඳම සංචාරක කලාප අතරට

A group of people standing at a lookout at Admirals Arch, Flinders Chase National Park, Kangaroo Island

South Australia's Kangaroo Island has been named one of the top regions to visit by Lonely Planet. Source: Getty / Education Images/Universal Images Group

ඕස්ට්‍රේලියාවේ දූපතක් ලොව සංචාරය කිරීමට හොඳම කලාපයක් ලෙස නම් කර තිබේ.


ලොව අංක එකේ සංචාරක ප්‍රකාශක සමාගම වන ලෝන්ලි ප්ලැනට් සමාගම විසින් 2024 දී සංචාරය කිරීමට සුදුසු ප්‍රධාන ගමනාන්ත නම් කර තිබේ.

ඔස්ට්‍රේලියාව බොහෝ ප්‍රසිද්ධ සංචාරක ගමනාන්ත රැසකට නිවහන වන නමුත් ඒ අතරින් එකක් ලොව හොඳම සංචාරක ස්ථානයක් ලෙස Lonely Planet සඟරාව විසින් හඳුනාගෙන ඇත.

මෙසේ දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයේ පිහිටි කැන්ගරු දූපත සංචාරය කිරීමට ලොව දෙවන හොඳම කලාපය ලෙස Lonely planet සඟරාව විසින් නම් කොට තිබේ.

මෙම දූපත Karta Pintingga ලෙසද හදුන්වනු ලැබේ.

යුරෝපයේ Western Balkans හි පිහිටි ට්‍රාන්ස් ඩිනාරිකා පාපැදි මාර්ගය මෙම හොඳම සංචාරක ගමනාන්ත ලැයිස්තුවේ පළමු ස්ථානයට පත් වූ අතර ඉතාලියේ ටස්කනි නගරය එහි තෙවැනි ස්ථානයට පත්ව තිබේ.

2020 වසරේදී කැන්ගරු දූපතෙන් අඩක් පමණ වන හෙක්ටයාර් 211,474 ක භූමි ප්‍රදේශයක් බිහිසුණු ලැව්ගිනිවලින් විනාශ විය.

මෙම ඇගයීම ලැබී තිබෙන්නේ කැන්ගරු දූපත යථා තත්ත්වයට පත්වෙමින් පවතින විටය.

ලැව්ගිනි සහ COVID-19 වසංගතය හේතුවෙන් වසර දෙකක් පුරා කැන්ගරු දූපත සංචාරකයන්ට වසා දමා තිබුණි.

නමුත් එහි ඇති ස්වභාවික සහ අරුමපුදුම දේ, ස්වදේශික වනජීවී සම්පත් සහ ආහාර පාන සහ වයින් කර්මාන්තය අත්විඳීමට සංචාරකයින් දැන් නැවත කැන්ගරු දූපතට පැමිණේ.

සංචාරය කිරීමට ලොව දෙවන හොඳම කලාපය ලෙස නම් කළ කැන්ගරු දූපත ඔස්ට්‍රේලියාවේ තුන්වන විශාලතම දූපත වන අතර එය දකුණු ඔස්ට්‍රේලියාවේ වෙරළට කිලෝමීටර් 13ක් ඔබ්බෙන් පිහිටා තිබේ.

A cruise ship nears a small island port.
Kangaroo Island has been recovering since it was devastated by the 2020 bushfires and the impacts of the COVID-19 pandemic. Source: Getty / Rocket Weijers

කැන්ගරු දූපත සංචාරක නවාතැනක් වෙන්න මේ තරම් සුදුසු වන්නේ ඇයි ?

සුන්දර වෙරළ තීරයන් මෙන්ම රළු වෙරළ තීරයන්, සශ්‍රීක වනාන්තර සහ කඳු බෑවුම් ඇතුළු විවිධ භූ විෂමතා සහිත දූපතක් වන කැන්ගරු දූපත ස්වභාවික සුන්දරත්වයෙන් පිරිපුන් පාරාදීසයකි.

එහි සිටින අද්විතීය සහ විවිධ වන සතුන් නිසා එය බොහෝ විට "ඕස්ට්‍රේලියාවේ ගැලපගෝස් දිවයින" ලෙස හදුන්වනු ලැබේ.

කැන්ගරු, කෝලා, මුහුදු සිංහයන් සහ විවිධ පක්ෂි විශේෂ ඇතුළු වන සතුන් සඳහා විශාල ප්‍රමාණයක් කැන්ගරු දූපතේදී වනජීවී උද්‍යානවල සහ අභයභූමිවල , ස්වාභාවික වාසස්ථානවල දී ඔබට නිරීක්ෂණය කළ හැකි වේ.

Flinders Chase ජාතික වනෝද්‍යානය කැන්ගරු දූපතේ කැපී පෙනෙන අංගයකි.

කැපී පෙනෙන පාෂාණ, අද්මිරාල් ආරුක්කු සහ Cape du Couedic ප්‍රදීපාගාරය වැනි ආකර්ෂණීය ස්ථාන වලින් සමන්විත එය කඳු නැගීම සහ රළු වෙරළබඩ දර්ශන භුක්ති විඳීමට කදිම ස්ථානයකි.

සීල් බේ සංරක්ෂණ උද්‍යානය ඕස්ට්‍රේලියානු මුහුදු සිංහයන්ගේ ජනපදයක් වන අතර විවිධ වික්‍රමාන්විත ක්‍රියාකාරකම් සඳහාත් කැන්ගරු දූපත ප්‍රසිද්ධියට පත්වී තිබේ.

කැන්ගරු දූපතේ දී සංචාරකයින් ට sandboarding, quod biking, snorkeling ,scuba diving මෙන්ම මසුන් ඇල්ලීම, පිහිනීම සහ භූගත ගුහා ගවේෂණය වැනි විවිධ ක්‍රියාකාරකම්වල නිරත විය හැකිය.

කැන්ගරු දූපතේ සුඛෝපභෝගී නිවාඩු නිකේතනවල සිට පසුම්බියට හිතකර Cabins සහ කඳවුරු බිම් දක්වා විවිධ සංචාරකයින්ට ගැලපෙන නවාතැන් විකල්ප රාශියක් තිබේ.

කැන්ගරු දූපත එහි උසස් තත්ත්වයේ ආහාර සහ වයින් සඳහා ප්‍රසිද්ධ වන අතර නැවුම් මුහුදු ආහාර සහ මී පැණි, එහි ඇති දේශීය නිෂ්පාදන අතර වේ. විශිෂ්ට වයින් වර්ග රස බැලීමේ අත්දැකීම් ලබා දෙන මිදි වතු වලටද එහි සුවිශේෂී තැනක් හිමිවේ.

ස්වභාවධර්මයට ආදරය කරන්නන්ගේ පාරාදීසයක් වන ඔස්ට්‍රේලියාවේ කැන්ගරු දූපත නිහතමානී දූපත්වාසීන්ගේ සංග්‍රහශීලීබව විදිමින් නියම දූපත් ජීවිත අත්දැකීමක් ලැබීමට කදිම නවාතැනක් වේ.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now