Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔස්ට්‍රේලියාවේ විවිධ ප්‍රාන්ත සහ ටෙරිටරි වල කුලී නිවාස සම්බන්ධයෙන් ඇති නීති රීති මොනවාද ?

Rental crisis deepens in Sydney.
Rental crisis deepens in Sydney. Source: Getty / Getty Image

ඔස්ට්‍රේලියාවේ විවිධ ප්‍රාන්ත සහ ටෙරිටරි වල කුලී නිවාස සම්බන්ධයෙන් ඇති නීති රීති ගැන දැනුවත් වන්න සවන් දෙන්න මේ SBS සිංහල ගුවන් විදුලි විශේෂාංගයට


Published

By Athini Amarasiri, SBS News

Source: SBS




Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ විවිධ ප්‍රාන්ත සහ ටෙරිටරි වල කුලී නිවාස සම්බන්ධයෙන් ඇති නීති රීති ගැන දැනුවත් වන්න සවන් දෙන්න මේ SBS සිංහල ගුවන් විදුලි විශේෂාංගයට


ඔස්ට්‍රේලියාවේ සාමාන්‍යයෙන් කුලී නිවසක් සඳහා ස්ථාවර කාලීන ගිවිසුමෙහි සඳහන් කර නොමැති නම් එම කාලය තුළ කුලිය ඉහළ නැංවිය නොහැක. යම් නිවසක් කුලී නිවැසියන් විසින් නැවත නැවත කුලියට ගන්නා විට, නිවාස කුලිය වැඩිවීම සාමාන්‍යයෙන් සෑම අවුරුද්දකටම එක් වරකට සීමා වේ.

ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකම හා ටෙරිටරියකම පාහේ ඇති නිවාස කුලිය සම්බන්ධ නීති මගින් කුලිය වැඩි කළ හැකි ප්‍රමාණය සීමා නොකරන නමුත් සාමාන්‍යයෙන් නිවාස හිමියන් විසින් නිවාස කුලිය වැඩිවීම ගණනය කළ ආකාරය පැහැදිලි කිරීමට අවශ්‍ය වේ.

කැන්බරා සඳහා පාරිභෝගික මිල දර්ශකයේ දැක්වෙන කුලියට වඩා සියයට 10 කින් නිවාස කුලිය වැඩි වේ නම් එම කුලී වැඩිවීම අධික නිවාස කුලියක් බවට සලකනු ලැබේ. සමහර අවස්ථා වලදී එවැනි අධික නිවාස කුලී වැඩි වීම් සිදුවන ඔස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරිය සතුව නිවාස කුලිය සම්බන්ධව ඇති නීති ලිහිල් බව ඇතැමුන් පෙන්වා දේ.

සිය අයිතිවාසිකම් ක්‍රියාත්මක කරන කුලී නිවැසියන් අසාධාරණ ලෙස කුලී නිවාස වලින් ඉවත් කිරීමට නිවාස හිමියන් විසින් "no grounds" evictions හෙවත් කිසිදු හේතුවකින් තොරව කුලී නිවසියන් ඉවත් කිරීමේ ක්‍රමය භාවිතා කරයි.

මෙම ක්‍රමය අවසන් කිරීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කිරීමට කුලී නිවැසියන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම්වලට අවශ්‍ය වී තිබේ

වික්ටෝරියා සහ ටස්මේනියා යන ප්‍රාන්ත මෙය සිදු කළ බව ප්‍රකාශ කරන නමුත් කුලී නිවැසියන් වෙනුවෙන් පෙනී සිටින උපදේශන කණ්ඩායම් පවසන්නේ ඔවුන් තවමත් නිවාස හිමියන්ට රිසි පරිදි කුලී නිවැසියන්ගේ ස්ථාවර කාලසීමාව අවසන් කිරීමට ඉඩ ලබා දෙන බවයි. හේතුවකින් තොරව කුලී නිවැසියන් ඉවත් කිරීමේ ක්‍රමයේ සහ මෙම ස්ථාවර කාල සීමාව අවසන් කිරීමට ඉඩ ලබා දෙන ක්‍රමයේ වෙනසක් නැති බව ඔවුන් විශ්වාස කරයි.

ඔස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරිය විසින් දැනටමත් මෙම ප්‍රතිසංස්කරණ සිදු කර ඇති අතර දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්තය සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය ඒ සඳහා කැපවී සිටී. අනෙකුත් ප්‍රාන්ත හා ටෙරිටරිද එය අනුගමනය කළ යුතු බව Better Renting හි විධායක අධ්‍යක්ෂ Joel Dignam ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසීය.

බොහෝ ප්‍රාන්ත සහ ටෙරිටරි වල, යම් නිවාස හිමියෙකුට සිය කුලී දේපලට ඇතුල් වීමට අවශ්‍ය නම් දින 7- 14ත් අතර කාලයකට පෙර ඒ ගැන කුලී නිවැසියාට දැනුම් දීමක් කළ යුතුය. ටස්මේනියා ප්‍රාන්තයේ නම්, අවශ්‍ය වන්නේ පැය 24 ක දැනුම් දීමක් පමණි.

වික්ටෝරියා සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ, සුරතල් සතෙකු තබා ගැනීමට කුලී නිවැසියෙකු විසින් සිදු කරන ඉල්ලීම නිවාස හිමියෙකුට අසාධාරණ ලෙස ප්‍රතික්ෂේප කළ නොහැක. මේ අතර කුලී නිවැසියන්ට සුරතල් සතෙකු ඇති කර ගැනීම පහසු කරවන කුලී නිවාස ප්‍රතිසංස්කරණ සඳහා ඔවුන් කටයුතු කරමින් සිටින බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය පවසා ඇත.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now