ලෝක ගුවන්විදුලි දිනය යෙදෙන අද (පෙබරවාරි 13) දවසේ තරු කතාව වෙන්වන්නේ එදා මෙදා අපේ රේඩියෝ කලාව හඬින් වැඩෙන් හැඩ කල ගුවන්විදුලි තරු රේඩියෝවේ අනාගතය ගැන අපිට කිව්ව දේවල් වෙනුවෙනුයි.
මේ කතාබහට එකතු වුණේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් හා ප්‍රවීණ නිවේදක නිවේදිකාවන් වන සීලරත්න සෙනරත්, කිංග්ස්ලි රත්නායක, මෝක්ෂා විජේසූරිය, දිල්ශාන් කීර්තිසර සහ නුවන් ජූඩ් ලියනගේ.

අනාගත අසන්නන්ගේ හැසිරීම යන්‍ත්‍ර මගින් නිර්ණය කිරීමෙන් සැකසෙන රේඩියෝ වැඩසටහන් සාමාන්‍ය මහජන ජීවී ගුණය නැත්තටම නැති කරාවිකිංග්ස්ලි රත්නායක

මිලියන ගණනකට එක රේඩියෝවක් වෙනුවට ඒ ඒ මනෝභාවයට සැකසුණු මිලියන ගණනක් රේඩියෝ අනාගතයේ දී බිහි වේවිමෝක්ෂා විජේසූරිය

රූප මාධ්‍යයට වඩා ගුවන්විදුලි හඬ පෞරුෂය ප්‍රබලයි. අලුත් තාක්ෂණය ආවත් ගුවන්විදුලි හඬ නැති කරන්න බැරි වේවිසීලරත්න සෙනරත්

රේඩියෝ තාක්ෂණය වෙනස් වෙවී අපි හමුවට ඒවි නමුත් රේඩියෝ සංකල්පය කවදාවත් මරා දමන්න බැහැනුවන් ජූඩ් ලියනගේ

ගුවන්විදුලිය මිනිසාට ඉතාම සමීප මාධ්‍යයක්. වෙනස් වන තාක්ෂණය හමුවේ යහපත් දේ ඒ ඔස්සේ ලබා දීමේ වගකීම ජය ගැනීම අනාගත ගුවන්විදුලි මාධ්‍යකරුවන් සතු අභියෝගයක්දිල්ශාන් කීර්තිසර
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.





