නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්ත වල ගොඩනැගිලි 3500 ක් ගිනි ගැනීමේ වැඩි අවදානමක පවතින බව හෙළිවේ. (SBS සිංහල/වාර්තා)

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගොඩනැගිලි 2500 ක් සහ වික්ටෝරියා ප්‍රාන්තයේ ගොඩනැගිලි 1000 ක් පමණ මේ අනුව අවදානම් තත්ත්වයක පවතින බව සෙනට් කමිටු විමර්ශනයෙන් හෙළිවී තිබේ.

Burning nine-storey apartment building in central Volgograd, Russia, the city on the Volga River, Sunday, Dec. 20, 2015, after a gas explosion.  Eight people were taken to a hospital. (AP Photo/ Dmitry Rogulin)

Burning nine-storey apartment building in central Volgograd, Russia, Source: AP

ඔස්ට්‍රේලියාවේ ගොඩනැගිලි ඉදිකිරීම් සම්බන්ධව ඇති නීති ලිහිල් වීම හේතුවෙන් ලන්ඩන් නුවර මුළුමනින්ම ගිනිබත්වූ Grenfell ගොඩනැගිල්ලට අත්වූ ඉරණම ඔස්ට්‍රේලියාවේ ඉදි කර ඇති බොහෝ ගොඩනැගිලි වලට සිදුවීමට ඉඩ ඇති බව ගොඩනැගිලි පිළිබඳ සෙනට් කමිටු විමර්ශනයේදී ප්‍රකාශ වී ඇත.

අවිධිමත් sprinkler පද්ධති, අනිසි ලාභ ලැබීමේ අරමුණින් ක්‍රියාත්මක වන අවම තත්ත්වයේ නියාමනයන් හේතුවෙන් මෙවැනි අවදානම් තත්වයන්ට මුහුණ දිය හැකි බව ඊයේ (19/07) සිඩ්නි නුවර පැවති හමුවකදී හෙළිවිය.

ලන්ඩන් නුවර Grenfell ගොඩනැගිල්ල මුළුමනින්ම ගිනිබත් වීමෙන් මසක් ගතවන තැන ඔස්ට්‍රේලියාවේ ගොඩනැගිලි ඉදිකිරීම් පිළිබඳ මෙසේ සෙනට් කමිටු විමර්ශනයක් සිදු කෙරේ.

ලන්ඩන් නුවර Grenfell ගොඩනැගිල්ල ගිනිබත්වීමෙන් පුද්ගලයින් 79 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා වේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගොඩනැගිලි 2500 ක් සහ වික්ටෝරියා ප්‍රාන්තයේ ගොඩනැගිලි 1000 ක් පමණ මේ අනුව අවදානම් තත්ත්වයක පවතින බව එම සෙනට් කමිටු විමර්ශනයෙන් හෙළිවී තිබේ.

සිඩ්නි හා මෙල්බන් නුවර පිහිටා ඇති මීටර් 25 ට වඩා අඩු උසකින් යුත් ගොඩනැගිලි වල ඇති sprinkler  පද්ධති අදාළ ප්‍රදේශ වල ක්‍රියාත්මක ගිනි නිවීමේ ඒකක මගින් අධීක්ෂණය කිරීමක් සිදු නොවෙන නිසා එම ගොඩනැගිලි වැඩි අවදානම් තත්ත්වයක පවතින බව ඔස්ට්‍රේලියාවේ ගිනි ආරක්ෂණ සංගමයේ ප්‍රධාන විධායක Scott Williams පැවසීය.

භයානක ගොඩනැගිලි ද්‍රව්‍ය ගොඩනැගිලි ක්ෂේත්‍රයේ නිරන්තර අර්බුද මතු කරන බව ගොඩනැගිලි ද්‍රව්‍ය  නවෝත්පාදන කවුන්සිලයේ විධායක නිලධාරී Rodger Hills පැවසීය.

ඔස්ට්‍රේලියාව තුළ ගොඩනැගිලි සඳහා එක් නීති සංග්‍රහයක් තිබුණද වෙන් වෙන්ව ගොඩනැගිලි පනත් 8 ක් පවතින බව Engineers Australia  ආයතනය පෙන්වා දෙයි.

මේ නිසා ගොඩනැගිලි ඉදිකිරීමේදී විවිධ විෂමතා මතුවන බවද ඔවුන් සිය වාර්තාවකින් ප්‍රකශ කර ඇත.

මේ අතර ගිනි ආරක්ෂණ තත්ත්වයන් පිළිබඳ සමස්ත ඔස්ට්‍රේලියාවම දැනුවත් කිරීමේ වැඩපිළිවෙලකට තමන් සහය වන බව විපක්ෂ නායක  Bill Shorten ඊයේ (19/07) ප්‍රකාශ කර තිබේ.

ඊට අමතරව ඔස්ට්‍රේලියාව පුරා ඉදිකෙරෙන මහල් නිවාස සංකීර්ණ වල ඉදිකිරීම් පිළිබඳ විගණනයක් සිදු කළ යුතු බව සෙනට් සභික  Nick Xenophon ඉල්ලීමක් කර ඇත.


Share

2 min read

Published

By Madhura Seneviratne

Source: The Age



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now