ඔස්ට්‍රේලියාවේ ජාතික ආරක්ෂාවට බිහි කරන සුපිරි අමාත්‍යංශයේ තොරතුරු මෙන්න. (SBS සිංහල/වාර්තා)

මෙම නව අමාත්‍යංශය එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු අමාත්‍යංශය හා සමාන නමුත් ඇමෙරිකාවේ ස්වදේශ ආරක්ෂණ දෙපාර්තමේන්තුව හෙවත් US Department of Homeland Security ලෙස නොවන බවද අගමැති Turnbull අවධාරණය කළේය.

Australia to get new 'Home Office'

Source: SBS

ඔස්ට්‍රේලියානු මධ්‍යම පොලීසිය, ඔස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂණ අංශය සහ The Australian Security Intelligence Organisation (ASIO) යන ආයතන ත්‍රිත්වය එක්කරමින් නව ස්වදේශ කටයුතු අමාත්‍යංශයක් බිහි කිරීමට ඔස්ට්‍රේලියානු රජය පියවරගෙන තිබේ.

මේ වන විට ගෝලීය අර්බුදයක්ව පවතින ත්‍රස්තවාදය පිටුදැකීම උදෙසා මෙම පියවර ගත් බව ඔස්ට්‍රේලියානු රජය පවසයි.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ ආගමන කටයුතු පිළිබඳ  වත්මන් අමාත්‍ය Peter Dutton මෙම සුපිරි අමාත්‍යංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ඇත.

Australia to get new 'Home Office'
Source: SBS

ඔස්ට්‍රේලියාවේ ජාතික ආරක්ෂාව සම්බන්ධ ඇතැම් ප්‍රතිපත්ති සහ පද්ධති මේ වන විට අක්‍රියවී සහ ප්‍රයෝජනයක් නොමැති තත්ත්වයකට පත්ව ඇති බැවින් ඒවා ප්‍රතිසංස්කරණයට ලක්විය යුතු බවට ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Malcolm Turnbull ඊයේ (18/07) නිවේදනය කළේය.

ඔස්ට්‍රේලියාව දිනෙන් දින විවිධාකාරයේ ආරක්ෂක ගැටළු වලට මුහුණ දෙන බැවින් ඊට මනා සූදානමක් අවශ්‍ය බවද ඔහු පැවසීය.

පසුගිය දශක 4 කට අධික කාලයක් පුරාවට මෙවනිවූ ප්‍රතිසංස්කරණයක් සිදු නොවූ බවද අගමැතිවරයා පැවසීය.

මෙම නව අමාත්‍යංශය එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු අමාත්‍යංශය හා සමාන නමුත් ඇමෙරිකාවේ ස්වදේශ ආරක්ෂණ දෙපාර්තමේන්තුව හෙවත් US Department of Homeland Security ලෙස නොවන බවද අගමැති Turnbull අවධාරණය කළේය.

මෙය දේශපාලනමය තීන්දුවක් නොවන බවත් බොහෝ උගතුන්ගේ උපදේශනයන් පරිදි රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත් තීරණයක් බවත් ඔහු පැහැදිලි කළේය.

ඔස්ට්‍රේලියානු මධ්‍යම පොලීසිය, ඔස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂණ අංශය සහ The Australian Security Intelligence Organisation (ASIO) යන ආයතන ත්‍රිත්වයට අමතරව Australian Transaction Reports and Analysis Centre සහ Office of Transport Security හෙවත් ගමනාගමන ආරක්ෂණ කාර්යාලය ද අමාත්‍ය Peter Dutton ගේ ප්‍රධානත්වයෙන් මෙහෙයවේ.

ඒ අතර Peter Dutton සමග තවත් අමාත්‍යවරුන් දෙදෙනෙකු කටයුතු කරන අතර නීතිය පිළිබඳ වත්මන් අමාත්‍ය Michael Keenan සහ නීතිපති George Brandis එම අමාත්‍යවරුන් දෙපල වෙයි.


Share

2 min read

Published

Updated

By Madhura Seneviratne, Rashida Yosufzai

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now