SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ මාර්ග අනතුරු වලින් සිදුවූ මරණ සංඛ්‍යාව 2019 වසරේ තවත් ඉහළට (SBS සිංහල/ වාර්තා)

Road Accident
Source: Public Domain

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

2018 වසරට සාපේක්ෂව 2019 වසර නිමාවට පත්වූයේ ඔස්ට්‍රේලියාවේ මාර්ග අනතුරු වලින් සිදුවූ මරණ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ දමමිනි.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

මෙය බරපතල ලෙස අවධානය යොමු කළ යුතු කරුණක් ලෙස ඔස්ට්‍රේලියානු බලධාරීහු පවසති.

Road Accident
Source: Flickr

2019 වසරේ ඔස්ට්‍රේලියාවේ මාර්ග අනතුරු වලින් සිදුවූ මරණ

2019 වසරේ ඔස්ට්‍රේලියාවේ මාර්ග අනතුරු වලින් සිදුවූ මරණ සංඛ්‍යාව 1182 ක් ලෙස වාර්තා වේ.

එය 2018 වසරේ සටහන් වූයේ 1135 ක් ලෙසය.

ඒ අනුව 2018 වසරට සාපේක්ෂව 2019 වසරේ ඔස්ට්‍රේලියාවේ මාර්ග අනතුරු වලින් සිදුවූ මරණ සංඛ්‍යාව 47 කින් ඉහළ ගොස් තිබේ.

අධික වේගයෙන් රිය පැදවීම, රිය පදවන විට නින්ද යාම, රිය පදවන විට දුරකතන ඇමතුම් ලබා ගැනීම සහ කෙටි පණිවිඩ type කිරීම, බීමතින් රිය පැදවීම, අපරික්ෂාකාරී ලෙස පාර මාරු වීම, මාර්ග සංඥා එළි නොතකා රිය පැදවීම වැනි  ප්‍රධාන හේතු නිසා මෙම මරණ සිදුවී ඇති බව සඳහන්.

Road Accident
Source: Flickr

ප්‍රාන්ත වශයෙන් සිදුවූ මරණ

2019 වසරේදී ඔස්ට්‍රේලියාවේ මාර්ග අනතුරු වලින් සිදුවූ වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙනි.

එම ප්‍රමාණය 352 ක් ලෙස සටහන් වී තිබේ.

2018 වසරේදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මාර්ග අනතුරු වලින් සිදුවූ මරණ සංඛ්‍යාව 346 ක් ලෙස සටහන් වූ අතර 2019 වසරේ එම සංඛ්‍යාව ඉක්මවා ගොස් ඇත.

එමෙන්ම 2018 වසරට සාපේක්ෂව 2019 වසරේදී වික්ටෝරියා, බටහිර ඔස්ට්‍රේලියා සහ දකුණු ඔස්ට්‍රේලියා යන ප්‍රාන්ත වලද මාර්ග අනතුරු වලින් සිදුවූ මරණ සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ.

Road Accident
Source: AAP

2019 වසරේ එක් එක් ප්‍රාන්ත වල මාර්ග අනතුරු වලින් සිදුවූ මරණ සංඛ්‍යාව

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය - 352

වික්ටෝරියා ප්‍රාන්තය - 263

දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය - 113

ක්වීන්ස්ලන්තය - 217

ටස්මේනියා ප්‍රාන්තය - 32

බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය - 164

Australian Capital Territory - 06

Northern Territory - 35

Road Accident
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now