SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ ඔබ වාසය කරන කුලී නිවාසය ලැව් ගිනි වලට හසුවුවහොත් ඔබට ඇති අයිතීන් මොනවාද? (SBS සිංහල/ වාර්තා)

What are your rights as a renter if you're affected by bushfires?
Source: Supplied

2 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි තත්ත්ව හේතුවෙන් මේ වන විට මිනිස් ජීවිත 24 ක් අහිමිවී ගොස් ඇති අතර වනජීවීන් බිලියනයකට අධික සංඛ්‍යාවක් මරුමුවට පත්ව ඇත.

එමෙන්ම නිවාස 2200 කට අධික සංඛ්‍යාවක් ගින්නෙන් විනාශ වී ඇති අතර හෙක්ටයාර මිලියන 6කට අධික ප්‍රමාණයක් පිළිස්සී විනාශ වී තිබේ.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

ඒ අතරින් ඔබ කුලියට වාසය කරමින් සිටින නිවාසය ලැව් ගිනි වලට හසුවුවහොත් ඔබේ අයිතීන් පිළිබඳ දැනුවත්ද?

ඒ පිළිබඳ මෙම ලිපියෙන් තොරතුරු ඉදිරිපත් කෙරේ.

Bushfire
Source: AAP

ඔබ කුලියට වාසය කරමින් සිටින නිවාසය ලැව් ගිනි වලට හසුවුවහොත්?

ඔබ කුලියට වාසය කරමින් සිටින නිවාසය ලැව් ගිනි වලට හසුවුවහොත් එම නිවාසයේ කුලී ගිවිසුම (residential tenancy agreement) පිළිබඳ කුලී නිවැසියන් සහ කුලී නිවාසයේ හිමිකරු අතර ප්‍රයෝගික ගැටළු මතුවී ඇති බව Tenants Queensland හි ප්‍රධාන විධායක Penny Carr, ඔස්ට්‍රේලියාවේ නිවාස හා දේපළ පිළිබඳ ප්‍රමුඛ පෙළේ වෙබ් අඩවියක් වන Domain වෙබ් අඩවියට පැවසුවාය.

එහිදී අදාළ නිවාසය සම්පූර්ණයෙන් විනාශ වී නොමැතිව ගින්නේ හානි සිදුවී ඇතිවිට එම තත්ත්වය වඩාත් සංකීර්ණ වන බව ඇය පෙන්වා දුන්නාය.

කෙසේනමුත්, බොහෝවිට එම ප්‍රයෝගික ගැටළු දෙපාර්ශවය සාකච්ඡා කර විසඳා ගන්නා අයුරුද ඇති බව Penny Carr සඳහන් කළාය.

යම් කුලී නිවසක් ගින්නෙන් මුළුමනින්ම විනාශයට පත්වී ඇත්නම් එහි කුලී ගිවිසුම (residential tenancy agreement) නිරායාසයෙන්ම අවලංගු වී යන බවද පැවසේ.

මන්ද අදාළ කුලී නිවැසියන්ට වාසය කිරීමට භෞතිකව නිවසක් නොමැතිවීම නිසාවෙනි.

Bushfire
Source: AAP

ගින්නෙන් හෝ ස්වභාවික ආපදාවකින් කුලී නිවාසයට හානි සිදුවූ විට

වික්ටෝරියා ප්‍රාන්තයේ ලැව් ගිනි වලින් හෝ වෙනත් ස්වභාවික ආපදාවකින් කුලී නිවාසයට බරපතල හානි සිදුවූ විට එහි හානිය අනුව අදාළ කුලී නිවාස ගිවිසුම අවලංගු කිරීමට කුලී නිවැසියන්ට හෝ කුලී නිවෙස් හිමියාට අයිතිය ඇත.

නමුත් නිවසේ තිබූ කුලී නිවැසියාගේ කුමන හෝ භාණ්ඩයක් එම ආපදා තත්ත්වය හේතුවෙන් හානිවීමක් හෝ විනාශ වීමක් සිදුවුවහොත් ඒවාට නිවෙස් හිමියා විසින් වන්දි ගෙවීමක් සිදු කිරීමට අවශ්‍ය නැත.

ස්වභාවික ආපදා තත්ත්ව යටතේ ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්ත වල කුලී නිවැසියන්ට සහ කුලී නිවාස හිමියන්ට ඇති අයිතීන් පිළිබඳ පහත වෙබ් යොමු වලින් වැඩි විස්තර දැනගත හැකිය.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

වික්ටෝරියා ප්‍රාන්තය

දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය

ක්වීන්ස්ලන්තය

ටස්මේනියා ප්‍රාන්තය

බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය

Australian Capital Territory

Northern Territory

Bushfire
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now