ඇමෙරිකානු - ඉරාන යුධ උණුසුමත් සමග ඔස්ට්‍රේලියාවේ ඉන්ධන මිල ඉහළ යාමේ අවදානමක් (SBS සිංහල/ වාර්තා)

For the first time on record, the price of US oil has dipped below zero.

For the first time on record, the price of US oil has dipped below zero. Source: AAP

ඇමෙරිකාව සහ ඉරානය අතර ඇතිවී ඇති යුධ උණුසුම සමග ලෝකයේ ඉන්ධන මිල ඉහළ යනු ඇතැයි බොහෝ දෙනා බියට පත්වී තිබේ.


SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


මේ හේතුවෙන් ඔස්ට්‍රේලියාවේද ඉන්ධන මිල විශාල ලෙස ඉහළ යනු ඇතැයි අනුමාන කෙරේ.

Fuel prices
Source: AAP

ඇමෙරිකානු - ඉරාන යුධ උණුසුම

ඉරානයේ ජෙනරාල් කසීම් සුලෙයිමානීව ඇමෙරිකාව විසින් ඝාතනය කිරීමත් සමග ඇමෙරිකාව සහ ඉරානය අතර මෙම යුධ උණුසුම ආරම්හ විය.

ඉරානයේ දෙවැනි බලවත්ම පුද්ගලයා ලෙස සැලකුණු ජෙනරාල් කසීම් සුලෙයිමානී, ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවරට ඇමෙරිකාව එල්ල කළ ප්‍රහාරයකින් ඝාතනය කෙරිණි.

එයට පිළිතුරු ලෙස ඉරාකයේ පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරු වලට ඉරානය මිසයිල ප්‍රහාර එල්ල කළේය.

එයින් ඇමරිකානු සෙබළුන් කිහිප දෙනෙකු ඝාතනය විය.

මේ අතර ඉරාකයේ උතුරු දිග පිහිටි බාලාද් ගුවන් හමුදා කඳවුරට එල්ල වූ රොකට් ප්‍රහාර වලින් නිලධාරීන් දෙදෙනකු ඇතුළු හතරදෙනකු තුවාල ලබා ඇත.

මෙම කඳවුරේ ඇමරිකානු භටයන්ද සිටි අතර තුවාල සිදුවී ඇත්තේ ඉරාක නිලධාරීන් දෙදෙනකුට සහ භටයන් දෙදෙනකුට බව හඳුනාගෙන තිබේ.

මෙම බාලාද්  ගුවන් හමුදා කඳවුරට රොකට් ප්‍රහාර අටක් එල්ලවූ බව ඉරාක හමුදාව පවසයි.

Fuel prices
Qassem Soleimani Source: AAP

ඉන්ධන මිල ඉහළ යාමේ ඉඩක්

ඉහත උණුසුම්කාරී තත්ත්වයත් සමගම ඇමෙරිකාවේ බොර තෙල් බැරලයක මිල $65 දක්වා 4% කින් පමණ ඉහළ නැග තිබේ.

මේ හේතුවෙන් ඔස්ට්‍රේලියානු වෙළෙඳපොළේ ද ඉන්ධන මිල ඉහළයාමට වැඩි ඉඩක් ඇති බව NRMA රක්ෂණ සමාගමේ නියෝජිත Peter Khoury, SBS පුවත් සේවයට පැවසීය.

ඇමෙරිකාව විසින් ඉරානයේ ජෙනරාල් කසීම් සුලෙයිමානීව ඝාතනය කිරීමත් සමග ඉරානය ඉරාකයේ සිටින ඇමෙරිකානු සෙබළුන්ට පහර දීමට පටන් ගැනීමෙන් මෙම අර්බුදය දුර දිග යන අයුරු පෙනී යන බවත් එනිසාම ලෝක වෙළෙඳපොලේ ඛනිජ තෙල් මිල ඉහළ යාමේ දැඩි අවදානමක් පවතින බවත් ඔහු පැහැදිලි කළේය.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී සෞදි අරාබියාවේ ඛනිජ තෙල් සංකීර්ණ ද්විත්වයකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයත් සමග ලෝකයේ ඉන්ධන මිල ඉහළ ගිය බවත් ඒ හා සමානම තත්ත්වයක් මෙවරද ඇතිවීමට ඉඩ ඇති බවත් ඔහු සඳහන් කළේය.

NRMA රක්ෂණ සමාගමේ නියෝජිත Peter Khoury ට අනුව ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් වල මිල සාපේක්ෂව අඩුම අගයක් ගන්නා නගර ලෙස බ්‍රිස්බේන්, සිඩ්නි සහ මෙල්බර්න් හැඳින්වේ.

ඔස්ට්‍රේලියාව භාවිතා කරන ඉන්ධන වලින් 90% ක් පමණ විදේශ රටවලින් ආනයනය කරන බව වාර්තා වේ.

මැදපෙරදිගින් පැමිණෙන එම ඉන්ධන සිංගප්පූරුව, චීනය සහ දකුණු කොරියාව වැනි රටවලදී පිරි පහදු කර ඔස්ට්‍රේලියාවට ලබා දෙන බව සඳහන්.

Fuel prices
Source: SBS Sinhala

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now