ඔස්ට්‍රේලියාවේ කැලෑ ඔටුවන් 10,000 ක් මරා දැමීමට තීරණය කෙරේ (SBS සිංහල/වාර්තා)

Thousands of wild camels to be shot dead in remote part of Australia

Source: Flickr

ඔස්ට්‍රේලියාවේ වෙසෙන කැලෑ ඔටුවන් 10,000 ක් මරා දැමීමට දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

දකුණු ඔස්ට්‍රේලියාවේ පාරිසරික සහ ජල සම්පත් දෙපාර්තමේන්තුව මෙම තීරණයට සහය පළ කර ඇතැයි වාර්තා වේ.

Thousands of wild camels to be shot dead in remote part of Australia
Source: Flickr

කැලෑ ඔටුවන් 10,000 ක් මරා දැමීමට පියවර

දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ වයඹ දිග කලාපයේ මේ වන විට ඇතිවී ඇති දරුණු නියඟය හේතුවෙන් මෙලෙස කැලෑ ඔටුවන් 10,000 ක් මරා දැමීමට තීරණය කර ඇතැයි චැනල් 9 පුවත් සේවය වාර්තා කරයි.

විශේෂයෙන්ම දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ඇබොර්ජීනියානු ප්‍රදේශයක් වන Anangu Pitjantjatjara Yankunytjatjara (APY) ප්‍රදේශයේ  සිටින කැලෑ ඔටුවන් මෙලෙස මරා දැමීමට තීරණය කර තිබේ.

ඔවුන්ගේ ගහනය ඉතා විශාල ලෙස ඉහළ ගොස් ඇති බවත් එනිසාම කලාපයේ ජල හිඟයට ප්‍රධාන වශයෙන් බලපෑම් ඇතිවී ඇති බවත් පවසමින් මෙම තීරණය ගත් බව සඳහන්.

මේ වන විට අදාළ ප්‍රදේශයේ දැඩි ලෙස පානීය ජල හිඟයක් ඇතිවෙමින් පවතින බවද වාර්තා වේ.

වර්ග කිලෝ මීටර් 102,650 ක භූමි ප්‍රමාණයකින් යුත් මෙම APY ප්‍රදේශයේ  2016 ඔස්ට්‍රේලියානු ජන සංගණනයට අනුව 2,276 ක පිරිසක් වාසය කරයි.

Thousands of wild camels to be shot dead in remote part of Australia
Aboriginal APY lands Source: Facebook

කැලෑ අශ්වයින් සහ බූරුවන්ද මැරීමට පියවර

කැලෑ ඔටුවන්ට අමතරව කැලෑ අශ්වයින් සහ බූරුවන්ද මැරීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

හෙලිකොප්ටර් උපයෝගී කරගනිමින් මෙම කටයුතු සිදු කිරීමට සැලසුම් කර තිබේ.

ඇබොර්ජීනියානු ජනාවාස වලට මෙම කැලෑ ඔටුවන් දැවැන්ත පීඩනයක් එල්ල කරමින් සිටින බවත් ඇබොර්ජීනියානු වැසියන්ගේ ආහාර නිෂ්පාදන සඳහා මෙම කැලෑ ඔටුවන්ගෙන් බරපතල තර්ජන ඇති බවත් වාර්තා වේ.

මෙනිසාම මෙම කැලෑ ඔටුවන් පාලනය කිරීම වැදගත් බව APY ප්‍රදේශයේ නියෝජිතයෙකු චැනල් 9 පුවත් සේවයට පැවසීය.

මීට පෙර ප්‍රදේශයේ පාරම්පරික ඉඩම් හිමිකරුවන් මෙම කැලෑ ඔටුවන්ව එකතු කර ඔවුන්ව විකුණා දැමූ නමුත් ක්‍රමිකව ඔවුන්ගේ ගහනය වැඩිවීම නිසා පාලනය කිරීම අපහසු කටයුත්තක් බවට පත්වී ඇත.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ Feralscan වෙබ් අඩවියට අනුව ඔස්ට්‍රේලියාවේ කාන්තාර පරිසර තුළ කැලෑ සතුන් මිලියනයකට අධික සංඛ්‍යාවක් සැරිසරන බව වාර්තා වේ.

Thousands of wild camels to be shot dead in remote part of Australia
Source: Flickr

ඔස්ට්‍රේලියාවට ඔටුවන් පැමිණියේ කෙසේද?

බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේදී ඉන්දියාවෙන් සහ ඇෆ්ගනිස්තානයෙන් ඔස්ට්‍රේලියාවට ඔටුවන් ගෙන්වා ගැනීමට බ්‍රිතාන්‍ය පාලකයෝ පියවර ගත්හ.

19 වන සියවසේ ගමනාගමන කටයුතු සහ ඉදිකිරීම් කටයුතු සඳහා මෙලෙස ඔටුවන් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමට ඔවුහු තීරණය කළහ.

එහිදී මූලිකවම ඔටුවන් ගෙන්වා ගත්තේ මධ්‍යම සහ බටහිර ඔස්ට්‍රේලියානු කලාප වෙතය.

ප්‍රවාහන පහසුකම් දියුණු වීමත් සමග එසේ ගෙන්වා ගත් ඔටුවන් කැලෑ වලට මුදා හැරුණු අතර එතැන් පටන් ඔවුහු විශාල වශයෙන් එම කැලෑ ප්‍රදේශ වල තම ගහනය බෝ කරමින් පැමිණෙති.

2008 වසර වන විට ඔස්ට්‍රේලියාවේ කැලෑ ඔටුවන් සංඛ්‍යාව මිලියනයක් පමණ වූ බව ගණන් බලා ඇති අතර එය මේ වන විට දෙගුණයක් වී ඇතැයි අනුමාන කෙරේ.

Thousands of wild camels to be shot dead in remote part of Australia
Source: SBS Sinhala

3 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now