ලැව් ගිනි මැද්දේ ඔස්ට්‍රේලියාවේ උණුසුම්ම සහ වියළිම වසර ලෙස 2019 වසර වාර්තා වෙයි (SBS සිංහල/ වාර්තා)

Australia Weather

Source: Pixabay

ඔස්ට්‍රේලියාවේ උණුසුම්ම සහ වියළිම වසර ලෙස 2019 වසර වාර්තා වන බව සඳහන්.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

අධිකම වාර්ෂික උෂ්ණත්වයක් වාර්තා වීම මෙන්ම වාර්ෂික වර්ෂාපතනය වාර්තාගත අවම මට්ටමක 2019 වසරේ පැවතුණු බව ඔස්ට්‍රේලියානු කාලගුණ කාර්යාංශය පවසයි.

Australia Weather
Source: Pexels

වසර 1910 සිට 2019 දක්වා ඔස්ට්‍රේලියාවේ උෂ්ණත්වය

1961 සිට 1990 දක්වා ඔස්ට්‍රේලියාවේ වාර්ෂික මධ්‍යන උෂ්ණත්වය සෙල්සියස් අංශක 21.8 ක් වූ බව ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

එම දත්ත වලට අනුව 2009 වසරේ වාර්ෂික උෂ්ණත්ව වර්ධනය සෙල්සියස් අංශක 0.9 ක් වූ අතර 2013 වසරේදී එම අගය 1.33 ක් විය.

වසර 2019 දී එම අගය සෙල්සියස් අංශක 1.52 ක් ගත් බව එම ප්‍රස්ථාරය පෙන්වයි.

මේ අතර ඔස්ට්‍රේලියාවේ දිවා කාලයේ උෂ්ණත්වය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව පෙනී යයි.

1961 සිට 1990 දක්වා ඔස්ට්‍රේලියාවේ දිවා කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 30.69 ක සාමාන්‍ය අගයක් ගත් බවද එම දත්ත පෙන්වා දෙයි.

Australia Weather
Source: Pixabay

පසුගිය සියවසේ ඔස්ට්‍රේලියාවේ වාර්ෂික වර්ෂාපතනය

2019 වසරේදී ඔස්ට්‍රේලියාවේ වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 277.63 ක් වූ අතර එය පසුගිය සියවසේ වාර්තා වූ පහළම වර්ෂාපතන අගය ලෙස වාර්තා විය.

වසර 1901 දී එම අගය 406.65 ක් වූ අතර 1974 දී ඔස්ට්‍රේලියාවේ ඉහළම වර්ෂාපතන අගය සටහන් විය.

එය මිලි මීටර් 759.65 ක් විය.

Australia Weather
Source: Pexels

ලැව් ගිනි වලට මග පැදීම

ඉහත කාලගුණික විපර්යාස වල අවසාන ප්‍රතිඵලය ලෙස මේ වන විට ඔස්ට්‍රේලියාවේ හටගෙන ඇති දරුණු ලැව් ගිනි තත්ත්වය හැඳින්විය හැකිය.

මෙම ලැව් ගිනි වලින් මේ දක්වා පුද්ගලයින් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවත් නිවාස 2000 කට අධික සංඛ්‍යාවක් විනාශ වී ඇති බවත් ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් පසුගිය සඳුදා (06/01) පැවසීය.

එමෙන්ම සමස්ත ඔස්ට්‍රේලියවේම මේ වන විට ලැව් ගිනි නිසා හෙක්ටයාර මිලියන 12කට අධික ප්‍රමාණයක් ගින්නෙන් පිළිස්සී ඇති බවටද ගණන් බලා තිබේ.

මෙම ලැව් ගිනි වලින් වන සතුන් මිලියන 500 ක් පමණ මිය යන්නට ඇතැයි සිඩ්නි විශ්ව විද්‍යාලය ඇස්තමේන්තු කර ඇති අතර එම මරණ ප්‍රමාණයෙන් මිලියන 480 ක් පමණ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුළ පමණක් සිදුවී ඇති බවද ගණන් බලා ඇත.

Australia Weather
Source: SBS Sinhala

2 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now