ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි වලට මුවාවී මුදල් පරිත්‍යාග එකතු කරන වංචනිකයින්ගෙන් ප්‍රවේශම් වන ලෙස ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් අනතුරු ඇඟවීම් (SBS සිංහල/ වාර්තා)

bushfire-related scams

Source: Flickr

ඔස්ට්‍රේලියාවේ ඇතිවී ඇති ලැව් ගිනි තත්ත්වයට මුවාවී වංචාසහගත ලෙස මුදල් එකතු කරන මුල්‍ය වංචාකරුවන් පිළිබඳ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ජනතාවට අනතුරු අඟවයි.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

නීත්‍යනුකුල ලැව් ගිනි අරමුදල් ලෙස පෙනී සිටිමින් හා ලැව් ගිනි වලින් පීඩාවට පත් ජන කණ්ඩායම් ලෙස පෙනී සිටිමින් එම වංචාකරුවන් මෙලෙස මුදල් එකතු කරන බවට තොරතුරු ලැබී ඇත.
NSW police have confirmed an eighth person has died as bushfires ravage the state’s South Coast region.
Source: AAP

ලැව් ගිනි වලට මුවාවී වංචාසහගත ලෙස මුදල් එකතු කිරීම

මෙවර ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි හටගැනීම පසුගිය සැප්තැම්බර් මාසයේ සිට මේ වන තෙක් සිදුවෙමින් පවතී.

ඒ අනුව පසුගිය සැප්තැම්බර් මාසයේ සිට මේ දක්වා ලැව් ගිනි වලට මුවාවී වංචාසහගත ලෙස මුදල් එකතු කිරීම සම්බන්ධව පැමිණිලි 47 ක් ලැබී ඇතැයි ඔස්ට්‍රේලියානු තරගකාරී සහ පාරිභෝගික කොමිසම (ACCC), SBS පුවත් සේවයට පැවසීය.
නමුත් ඒ සම්බන්ධ නියම පැමිණිලි සංඛ්‍යාව ඊට වඩා වැඩි විය යුතු බව ඔවුහු අවධාරණය කරති.

තමන් මුදල් වංචාකරුවන්ට හසුවූ බව බොහෝ පුද්ගලයින් නොදැන සිටීම ඊට හේතුව බව ඔස්ට්‍රේලියානු තරගකාරී සහ පාරිභෝගික කොමිසම SBS පුවත් සේවයට පැවසීය.

වංචාසහගත ලෙස මුදල් එකතු කරන්නන් පිළිබඳ පැමිණිලි කරන්න

ලැව් ගිනි වලට මුවාවී වංචාසහගත ලෙස මුදල් එකතු කිරීම සැලකිය යුතු ලෙස ඉහළ යාමක් දක්නට ලැබෙන බැවින් සියලු ඔස්ට්‍රේලියානුවාසීන් හට ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙස ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අනතුරු අඟවයි.

යම් පුද්ගලයෙකු හෝ සංවිධානයක් එලෙස වංචාසහගත ලෙස මුදල් පරිත්‍යාග එකතු කරනවා යනුවෙන් තොරතුරු ලැබුණහොත් වහාම 1300 795 995 දුරකතන අංකයෙන් ඔස්ට්‍රේලියානු තරගකාරී සහ පාරිභෝගික කොමිසම (ACCC) අමතන ලෙස ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සියලු ඔස්ට්‍රේලියානුවාසීන් ගෙන් ඉල්ලයි.

"මුදල් එකතු කරන්නා හෝ සංවිධානය නීත්‍යානුකූල දැයි තහවුරු කරගත නොහැකි fundraising වෙබ් අඩවි වලට කිසිදු අයුරකින් මුල්‍ය පරිත්‍යාගයන් නොකරන්න. එසේ මුදල් පරිත්‍යාග කිරීමෙන් අනතුරුව, එය වංචනික වෙබ් අඩවියක් බව දැනගත්තද ඔබට ඔබේ මුදල් නැවත ලැබෙනු ඇතැයි විශ්වාස නොකරන්න" යනුවෙන් ඔස්ට්‍රේලියානු තරගකාරී සහ පාරිභෝගික කොමිසමේ නියෝජිතයකු SBS පුවත් සේවයට පැවසීය.
මුල්‍ය වංචාකරුවන් විවිධ මුහුණුවරින් මෙලෙස මුදල් එකතු කිරීමේ කටයුතු කරන බවද ඔහු පැහැදිලි කළේය.

මුල්‍ය වංචාකරුවන් එලෙස බහුලව මුදල් එකතු කිරීම් පහත ක්‍රම හරහා සිදු කරන බවද ඔහු පෙන්වා දුන්නේය.

  • නීත්‍යනුකුල පුණ්‍ය ආයතනයක් ලෙස පෙනී සිටින crowdfunding වෙබ් අඩවි
  • Cold calling හෙවත් විවිධ දුරකථන ඇමතුම් වලින් හෝ නිවසට පැමිණ කතා බහ කිරීමෙන්
  • කෙටි පණිවිඩ
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ දකුණු වෙරළ ආශ්‍රිතව පිහිටි Cobargo උප නගරයේ පියෙකු සහ පුතෙකු ලැව් ගිනි වලින් මිය ගිය අතර ඔවුන්ටගේ පවුලට උපකාර කිරීමේ අරමුණින් වංචාසහගත crowdfunding වෙබ් පිටුවක් ආරම්භ කිරීමත් සමග මෙලෙස වංචාසහගත මුදල් පරිත්‍යාග එකතු කරන්නන් පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනය පැමිණි බව ABC පුවත් සේවය වාර්තා කරයි.

එය වසා දැමීමට පෙර $4,000 ක පමණ මුදලක් එකතු කරගත් බවද වාර්තා වේ.
bushfire-related scams
Firefighters urge more resources and climate action to deal with unprecedented bushfire threat. Source: AAP

GoFundMe Australia වෙතින් පණිවිඩයක්

ඔස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධතම මුදල් පරිත්‍යාග එකතු කරන වෙබ් අඩවියක් වන GoFundMe Australia සංවිධානයද මෙම මුල්‍ය වංචාකරුවන් පිළිබඳ ජනතාවට අනතුරු අඟවයි.

ඔබ මුදල් පරිත්‍යාග කිරීමට පෙර එම වෙබ් පිටුව නීත්‍යානුකුල දැයි සොයා බලා කටයුතු කරන ලෙස GoFundMe Australia හි ප්‍රාදේශීය කළමනාකාරිණිය වන Nicola Britton පවසයි.

ලැව් ගිනි සම්බන්ධ අරමුදල් සඳහා පසුගිය සති කිහිපය පුරාවට ඩොලර් මිලියන 5 ක පමණ මුදලක් පුද්ගලයින් 90,000 කගේ පමණ දායකත්වයෙන් ලැබුණු බව GoFundMe සංවිධානය නිරීක්ෂණය කළ බව ඇය පවසයි.
මේ වන විටත් ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි වලින් පීඩිත ජනයාට සහ සත්ත්වයින්ට උපකාර කිරීම පිණිස GoFundMe අරමුදල් ව්‍යපෘති 1,600 ක් පමණ පිහිටුවා ඇතැයි ඇය සඳහන් කළාය.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Port Macquarie Koala රෝහලට රටවල 100 කින් පමණ මේ වන විට ඩොලර් මිලියන 3.7 ක පමණ මුල්‍ය පරිත්‍යාග ලැබී ඇති බවද වාර්තා වේ.
bushfire-related scams
Paul the koala in the ICU recovering from burns at the Port Macquarie Koala Hospital Source: Getty Images
වික්ටෝරියානු ප්‍රාන්තයේ ලැව් ගිනි වලින් පීඩිත ජනයාට උපකාර කළ හැකි නව මුල්‍ය අරමුදලක් Victorian Bushfire Appeal නමින් පිහිටුවා ඇති බව වික්ටෝරියානු ප්‍රාන්ත රජය පවසයි.

Bendigo Bank සහ The Salvation Army යන ආයතන එක්ව මෙම අරමුදල පිහිටුවා පවත්වාගෙන යන බව සඳහන්.

ඕනෑම Bendigo බැංකු ශාකාවකින් මෙම අරමුදලට මුදල් පරිත්‍යාග කළ හැකි බව ප්‍රාන්ත අගමැති Andrews පවසයි.

ඔස්ට්‍රේලියානු රංගන ශිල්පිනී Nicole Kidman, ඇමෙරිකානු ගායිකා Pink ඇතුළු කලාකරුවන් රැසක් ඔස්ට්‍රේලියාවේ ගිනි නිවන භටයින්ට මුල්‍ය පරිත්‍යාගයන් සිදු කර ඇතැයි වාර්තා වේ.

මේ අතර සුප්‍රසිද්ධ ඔස්ට්‍රේලියානු විකට ශිල්පිනියක් වන Celeste Barber විසින් පිහිටුවනු ලැබූ අරමුදල මේ වන විට ඩොලර් මිලියන 25 දක්වා පැමිණ ඇති බව ද සඳහන්.
bushfire-related scams
Source: SBS Sinhala

Share

Published

By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි වලට මුවාවී මුදල් පරිත්‍යාග එකතු කරන වංචනිකයින්ගෙන් ප්‍රවේශම් වන ලෙස ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් අනතුරු ඇඟවීම් (SBS සිංහල/ වාර්තා) | SBS Sinhala