SKIP TO MAIN CONTENT

සිතා මතා පරිසරයට ගිනි තබා ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි වලට රුකුල් දුන් පුද්ගලයින් 24 දෙනෙකු පොලිස් අත්අඩංගුවට (SBS සිංහල/ වාර්තා)

Bushfire
Source: AFP

3 min read

Published

By Madhura Seneviratne


Skip to article content

සිතා මතා පරිසරයට ගිනි තබා ලැව් ගිනි වලට රුකුල් දුන් ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පුද්ගලයින් 24 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

පසුගිය නොවැම්බර් මාසයේ සිට විවිධ අවස්ථාවන්හි දී මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

Bushfire
Source: AAP

සිතා මතා ගිනි තැබීම්

ලැව් ගිනි සමයේදී සිතා මතා පරිසරයට ගිනි තබා ලැව් ගිනි වලට රුකුල් දුන් පුද්ගලයින් 24 දෙනෙකු නීතියේ රැහැනට හසු කරගත් බව නිව් සවුත් වේල්ස් පොලීසිය පවසයි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Total Fire Ban තත්ත්ව හෙවත් ගිනි ආශ්‍රිත ක්‍රියා සපුරා තහනම් කළ තත්ත්ව පසුගිය මාස කිහිපය තුළ විටින් විට ක්‍රියාත්මක විය.

ඒ අතරේ පසුගිය මාසයේ සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය පුරාවට ලැව් ගිනි නිසා හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කෙරිණි.

මේ තත්ත්ව යටතේ ගිනි ආශ්‍රිත ක්‍රියාවල නිරතවූ බවට පවසමින් තවත් 53 දෙනෙකුට නීතිමය පියවර ගැනීමට බලධාරීන් කටයුතු කර ඇති බව ඇමෙරිකාවේ abc පුවත් සේවය පවසයි.

එමෙන්ම පානය කළ සිගරට් බට සහ භාවිතා කළ ගිනි කූරු පොළොව මත බැහැර කළ බවට පවසමින් තවත් පුද්ගලයින් 47 දෙනෙකුට නීතිය ක්‍රියාත්මක කෙරෙන බව සඳහන්.

සිතා මතා පරිසරයට ගිනි තබා ලැව් ගිනි වලට රුකුල් දීම බරපතල වරදක් බවත් එම වරද ඔප්පු වුවහොත් වසර 21 ක් දක්වා වූ සිර දඬුවමකට යටත් වීමට සිදුවන බවත් වාර්තා වේ.

Bushfire
Source: AAP

ලැව් ගිනි වලින් මේ වන විට සිදුවී ඇති හානිය

පසුගිය සැප්තැම්බර් මාසයේ සිට මේ දක්වා ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකම ලැව් ගිනි හටගනිමින් පවතී.

නිව් සවුත් වේල්ස්, ක්වීන්ස්ල්නත, දකුණු ඔස්ට්‍රේලියා සහ වික්ටෝරියා යන ප්‍රාන්ත ඒ අතරින් ප්‍රධාන වේ.

එමෙන්ම බටහිර ඔස්ට්‍රේලියා සහ ටස්මේනියා යන ප්‍රාන්ත වලද ලැව් ගිනි හටගනිමින් ඇත.

මෙම ලැව් ගිනි වලින් මේ දක්වා පුද්ගලයින් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවත් නිවාස 2000 කට අධික සංඛ්‍යාවක් විනාශ වී ඇති බවත් ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් පසුගිය සඳුදා (06/01) පැවසීය.

එමෙන්ම සමස්ත ඔස්ට්‍රේලියවේම මේ වන විට ලැව් ගිනි නිසා හෙක්ටයාර මිලියන 12කට අධික ප්‍රමාණයක් ගින්නෙන් පිළිස්සී ඇති බවටද ගණන් බලා තිබේ.

මෙම ලැව් ගිනි වලින් වන සතුන් මිලියන 500 ක් පමණ මිය යන්නට ඇතැයි සිඩ්නි විශ්ව විද්‍යාලය ඇස්තමේන්තු කර ඇති අතර එම මරණ ප්‍රමාණයෙන් මිලියන 480 ක් පමණ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුළ පමණක් සිදුවී ඇති බවද ගණන් බලා ඇත.

මෙවර ලැව් ගිනි වලින් බරපතලම හානිය සිදුව ඇත්තේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට බවද සඳහන්.

Bushfire
Bushfire Source: AAP

මේ වන විට සිදුවූ හානිය ඩොලර් වලින්

ලැව් ගිනි නිසා මේ වන විට රක්ෂණ වන්දි ලබාගැනීම සඳහා ඉදිරිපත් කර ඇති claims ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 485 ක් බව ඔස්ට්‍රේලියාවේ රක්ෂණ සභාව පවසයි.

මේ අතර ලැව් ගිනි වලින් විනාශ වූ ප්‍රජාවන් යළි ගොඩනැගීමට අමතර ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4 ක මුදලක් වෙන් කරන බව අගමැති මොරිසන් පසුගිය සඳුදා (06/01) පැවසුවේය.

මේ වන විට මුළු ලෝකයේම අවධානය ඔස්ට්‍රේලියාවේ මෙම ලැව් ගිනි දෙසට ලැබී තිබේ.

ලොව ප්‍රසිද්ධ කලාකරුවන්, ක්‍රීඩකයින් සහ ව්‍යාපාරිකයින් මේ වන විට ලැව් ගිනි වලින් පීඩාවට පත් ජනයාට, ගිනි නිවන භටයින්ට සහ ගින්නෙන් පීඩාවට පත් වන සතුන්ට උපකාර පිණිස දැවැන්ත මුදල් පරිත්‍යාගයන් සිදු කරමින් පවතී.

ඔස්ට්‍රේලියානු රංගන ශිල්පියෙකු වන Chris Hemsworth (Thor) මේ වන විට ඩොලර් මිලියන් 1 ක් පරිත්‍යාග කර ඇති අතර ජනප්‍රිය ගායිකා Pink, ඔස්ට්‍රේලියානු රංගන ශිල්පිනියක් වන Nicole Kidman සහ සංගීතඥයකු වන Keith Urban $500,000 බැගින්ද පරිත්‍යාග කර තිබේ.

Bushfire
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now