පසුගිය දශකය තුළ නිවාස මිල විශාල ලෙස සහ අවම ලෙස ඉහළ ගිය මෙල්බර්න් කලාපයේ උප නගර මෙන්න (SBS සිංහල/ වාර්තා)

Houses

Homes in Springfield Lakes in Brisbane's west, Thursday, July 4, 2013. (AAP Image/Dan Peled) NO ARCHIVING Source: AAP

ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළෙඳපොළ වෙත ප්‍රධාන වශයෙන් බලපෑම් එල්ල කිරීමට මෙල්බර්න් නිවාස වෙළෙඳපොළ සමත්වී තිබේ.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

පසුගිය දශකය තුළ නිවාස මිල විශාල ලෙස සහ අවම ලෙස ඉහළ ගිය මෙල්බර්න් කලාපයේ උප නගර (suburbs) පිළිබඳ මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.

house prices
بر اساس آمار، قیمت خانه در ماه جنوری سال جاری به سطح بی‌سابقه‌ای بالا رفته است. Source: AAP

මෙල්බර්න් නිවාස වෙළෙඳපොළ

පසුගිය දශකයේ මුල සිටම මෙල්බර්න් නිවාස වෙළෙඳපොළ මිල ගණන් කැපී පෙනෙන ලෙස ඉහළ වර්ධනයක් පෙන්නුම් කළේය.

නමුත් ඔස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රාන්ත වල මෙන්ම මෙල්බර්න් නිවාස වෙළෙඳපොළද පසුගිය 2017 මැද භාගයේ සිට 2019 මැද භාගය දක්වා සැලකිය යුතු ලෙස කඩා වැටෙන්නට විය.

ඒ අනුව මෙල්බර්න් නිවාස වෙළෙඳපොළ මිල ගණන් ද යම් ආකාරයෙන් අවම මට්ටමක පැවති අතර බොහෝ නිවාස අලෙවි නොවී නිවාස වෙළෙඳ පොළේ දිගු කලක් තිබුණි.

මෙල්බර්න් නිවාස වෙළෙඳපොළේ කැපී පෙනෙන මිල ඉහළ යාම සිදුවුයේ වසර 2012 පටන්ය.

ඔස්ට්‍රේලියාවේ නිවාස හා දේපළ වෙළඳාම් සම්බන්ධව කටයුතු කරන ප්‍රමුඛ පෙළේ වෙබ් අඩවියක් වන Domain වෙබ් අඩවිය පවසන පරිදි 2010 $553,693 ක්ව පැවති මෙල්බර්න් නුවර මධ්‍යන නිවාස මිල පසුගිය වසර අවසන් වන විට $855,428 දක්වා ඉහළ ගොස් ඇත.

එය 54% ක වර්ධනයකි.

house prices
Source: AAP

නිවාස මිල විශාල ලෙස ඉහළ ගිය මෙල්බර්න් කලාපයේ උප නගර

පසුගිය දශකය තුළ නිවාස මිල විශාල ලෙස ඉහළ ගිය මෙල්බර්න් කලාපයේ උප නගර ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය South Yarra වෙත හිමිව ඇත.

2010 වසරේදී $725,000 ක්ව පැවති South Yarra මධ්‍යන නිවාස මිල පසුගිය වසර අවසන් වන විට $1,477,750 ක්ව සටහන්ව තිබුණි.

එය 104% ක වර්ධනයකි.

එමෙන්ම මෙම ලැයිස්තුවේ දෙවැනි ස්ථානය St Kilda උප නගරයටත් තුන්වන ස්ථානය Prahran උප නගරයටත් හිමිව ඇත.

2010 වසරේදී $592,000 ක්ව පැවති St Kilda මධ්‍යන නිවාස මිල පසුගිය වසර අවසන් වන විට $1,175,000 ක්ව සටහන්ව තිබුණි.

එය 98% ක වර්ධනයකි.

නිවාස මිල විශාල ලෙස ඉහළ ගිය මෙල්බර්න් කලාපයේ ප්‍රමුඛතම උප නගර 10 පහත පරිදි වේ.

house prices
Source: Domain

නිවාස මිල අවම ලෙස ඉහළ ගිය මෙල්බර්න් කලාපයේ උප නගර

පසුගිය දශකය තුළ නිවාස මිල අවම ලෙස ඉහළ ගිය මෙල්බර්න් කලාපයේ උප නගර 10ක් ද Domain වෙබ් අඩවිය හඳුනාගෙන තිබේ.

එම ලැයිස්තුව පහත පරිදි වේ.

house prices
Source: Domain
house prices
Source: SBS Sinhala


2 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now