SKIP TO MAIN CONTENT

ළමුන්ව ලිංගික ගොදුරු බවට පත් කරගන්නා ලොව ප්‍රමුඛ පෙළේ වෙබ් අඩවි ත්‍රිත්වයක් නවතා දැමීමට පියවර (SBS සිංහල/ වාර්තා)

child predator
Source: Kholood Eid for The New York Times

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ලෝකයේ ළමුන්ව ලිංගික ගොදුරැ බවට පත් කරගන්නා ප්‍රධාන වෙබ් අඩවි තුනක් වසා දැමීමට පසුගිය මාසයේදී කටයුතු කෙරිණි.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

වසර ගණනක පරිශ්‍රමයකින් පසුව මෙම ඉලක්කය සපුරා ගත් බව අදාළ බලධාරීහු පවසති.

child predator
Source: Press Association

ළමුන්ව ලිංගික ගොදුරු බවට පත් කරගන්නා වෙබ් අඩවි

ළමුන්ව  ලිංගික ගොදුරු බවට පත් කරගන්නා වෙබ් අඩවි විශාල සංඛ්‍යාවක් අද වන විට අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක වෙමින් පවතී.

ඇතැම් වෙබ් අඩවි වලට නීතිමය පියවර ගැනීමට ඒ ඒ රටවල රජයන් ක්‍රියා මාර්ග ගත්තද බොහෝ ඒවා නීතියේ සිදුරු වලින් රිංගා තම මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට සමත් වී තිබේ.

අදාළ වෙබ් අඩවි ජංගම දුරකතන Apps වර්ග, සමාජ මාධ්‍ය ජාලා සහ වීඩියෝ ක්‍රීඩා වැනි විවිධ ස්වරූප හරහා තම ක්‍රියා සිදු කරන බව අනාවරණය වී ඇත.

වසා දැමීමට පියවර ගත් මෙම වෙබ් අඩවි ත්‍රිත්වයේ ලිංගික අපයෝජනය උනන්දු කරවන ඡායාරූප, වීඩියෝ වැනි දෑ අඩංගු කර තිබිණි.

පසුගිය වසරේ පමණක් ළමුන්ව ලිංගික ගොදුරු කරගැනීමට අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ මිලියන 45 කට අධික සංඛ්‍යාවක් අන්තර්ජාලයේ සැරිසරා ඇති බව මේ වන විට අනාවරණය කරගෙන තිබේ.

child predator
Source: Pixabay

කැනේඩියානු මෙහෙයුම

අදාළ වෙබ් අඩවි ත්‍රිත්වය වසා දැමීමට මූලික මෙහෙවර සිදු කරනු ලැබුවේ කැනඩාව විසිනි.

වසර ගණනක අධ්‍යනයකින් පසුව නිපදවූ අධි තාක්ෂණික තොරතුරු තාක්ෂණ මෙවලම් ආශ්‍රයෙන් මෙම වෙබ් අඩවි වල ක්‍රියාකාරකම් හසු කරගෙන නවත්වා දැමීමට කැනේඩියානු බලධාරීහු පියවර ගත්හ.

ඇතැම් වෙබ් අඩවි නීතිමය රැහැනට හසු කරගැනීමට ජාත්‍යන්තර නීතිය යටතේ හැකියාව නොලැබුණද කෙසේහෝ කැනේඩියානු නීතිය ඇසුරෙන් ඒවායේ ක්‍රියාකාරීත්වය කොටු කරගැනීමට ඔවුන්ට හැකියාව ලැබුණි.

එම වෙබ් අඩවි වල වයස අවුරුදු 6 සිට 16 දක්වා පමණ වූ ළමුන්ගේ අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ ඒවායේ ඇතුළත් කර තිබිණි.

ඇතැම් ළමුන් නොදැනුවත්වම ලිංගික ගොදුරු බවට පත්වීම නිසා ඔවුන්ගේ ඡායාරූප සහ වීඩියෝ අදාළ වෙබ් අඩවි ක්‍රියාකාරිකයින් ඒ ඔස්සේ  ලබාගෙන ඇති බව ආරක්ෂක අංශ අනාවරණය කරගෙන තිබේ.

කෙසේ හෝ ළමුන්ව ලිංගික ගොදුරු බවට පත් කරගන්නා ලොව ප්‍රමුඛ පෙළේ වෙබ් අඩවි ත්‍රිත්වයක් මෙලෙස නවත්වා දැමීමට හැකිවීම ළමුන් වෙනුවෙන් ලැබූ ජයග්‍රහනයක් බව ඔවුහු පවසති.

child predator
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now