ලැව් ගිනි නිසා ලොව දූෂිතම වායු තලය පිහිටි නගරය ලෙසට ඔස්ට්‍රේලියාවේ කැන්බරා නුවර පත්වෙයි (SBS සිංහල/ වාර්තා)

Canberra's air quality

Source: Twitter

ඔස්ට්‍රේලියාවේ අග නුවර වන කැන්බරා නුවර වායු තලය ලොව දූෂිත වායු තල අතරින් ප්‍රථම ස්ථානයට පත්ව තිබේ.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

ඔස්ට්‍රේලියාවේ හටගෙන ඇති ලැව් ගිනි වල දුමාරය හේතුවෙන් ඊයේ (01/01) පෙරවරුව වන විට ලොව දූෂිතම වායු තලය පිහිටි නගරය ලෙස කැන්බරා නුවර නම් කර ඇත.

ACT enters state of emergency
Mùa cháy rừng năm rồi kéo dài Source: AAP

ලොව දූෂිතම වායු තලය පිහිටි නගරය

ලොව දූෂිතම වායු තලය පිහිටි නගර පිළිබඳ ලෝක ප්‍රකට AirVisual වෙබ් අඩවිය නිරතුරුවම පර්යේෂණ පවත්වමින් සිටියි.

එහිදී ඊයේ පෙරවරුවේ ලබාගත් නවතම දත්ත වලට අනුව මෙලෙස ලොව දූෂිතම වායු තලය පිහිටි නගරය ලෙස කැන්බරා නුවර ඔවුන් විසින් හඳුනාගෙන තිබේ.

ඒ අනුව ඊයේ වන විටත් ලොව දූෂිතම වායු තලය පිහිටි නගරය ලෙස පළමු ස්ථානය ගෙන සිටි ඉන්දියාවේ දිල්ලි නුවර පසුකරමින් කැන්බරා නුවර එම ලැයිස්තුවේ ප්‍රථම ස්ථානයට පැමිණ ඇත.

AQI හෙවත් air quality index ශ්‍රේණිගත කිරීමේදී කැන්බරා නුවර වායු තලය දූෂණයවූ මට්ටමට ලකුණු 568 ක් ලැබී ඇති අතර ඉන්දියාවේ දිල්ලි නුවරට ලකුණු 473 ක් ලැබී තිබේ.

ඒ අනුව දිල්ලි නුවරට වඩා කැන්බරා නුවර වායු තලය දූෂණය වීමේ වර්ධනය ලකුණු 95 ක වෙනසකට ලක්ව ඇත.

Canberra's air quality
Canberra's air quality Source: Twitter

කැන්බරා වාසීන්ට අනතුරු ඇඟවීම්

මෙම තත්ත්වය හේතුවෙන් කිසිදු ශාරීරික ක්‍රියාකාරකමක් එළිමහනේ සිදු නොකරන ලෙස ACT රජය කැන්බරා වාසීන්ට දැනුම් දෙයි.

එමෙන්ම දුමාරයට සංවේදී පුද්ගලයින් නිවෙස් වලින් බැහැර නොයන ලෙසත් ඔවුන් දොර ජනෙල් වසා තබා නිවෙස් වලම රැදී සිටීම වැදගත් බවත් ACT රජය වැඩි දුරටත් දැනුම් දෙයි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඇතිවී ඇති අධික ලැව් ගිනි වල දුමාරය සෘජුව කැන්බරා නුවරට පැමිණීම මීට ප්‍රධාන හේතුව වේ.

මේ වන විටත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුළ ලැව් ගිනි 100 කට අධික සංඛ්‍යාවක් ඇවිලෙමින් පවතින අතර දකුණු වෙරළ ආශ්‍රිත ප්‍රදේශ දැඩි අවදානම් තත්ත්වයක පසුවන බව වාර්තා වේ.

Canberra's air quality
Source: Twitter

ලොව දූෂිතම වායු තලය පිහිටි නගර 10

ලොව දූෂිතම වායු තලය පිහිටි නගරය ලෙස අද වන විට ඔස්ට්‍රේලියාවේ කැන්බරා නුවර පත්වී ඇති අතර ඉන්දියාවේ දිල්ලි සහ පාකිස්තානයේ ලාහෝර් නුවර පිළිවෙලින් දෙවැනි හා තුන්වන තැනට පත්ව තිබේ.

AirVisual වෙබ් අඩවිය සඳහන් කරන අන්දමින් ලොව දූෂිතම වායු තලය පිහිටි නගර 10 පහත පරිදි වේ.

Canberra's air quality
World AQI Ranking Source: www.airvisual.com
Canberra's air quality
Source: SBS Sinhala


2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now