2019 වසර අවසන් වන විට ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රාන්ත වල නිවාස වෙළෙඳපොල මිල ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ඉකුත් දෙසැම්බර් මාසයේදී පමණක් ඔස්ට්‍රේලියාවේ ජාතික නිවාස වෙළෙඳපොල මිල 1.1% කින් ඉහළ ගොස් ඇති අතර වසර පුරාවට එය 2.3% ගත් බව සඳහන්.

2019 අවසන් කාර්තුවේදී නිවාස මිල කැපී පෙනෙන ලෙස ඉහළට
2019 දෙසැම්බර් මාසයෙන් අවසන් වූ කාර්තුවේදී ඔස්ට්‍රේලියාවේ ජාතික නිවාස වෙළෙඳපොල මිල වර්ධනය 4% කින් ඉහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියාවේ නිවාස හා දේපළ වෙළෙඳාම් සමබන්ධව පර්යේෂණ කරන පිළිගත් ආයතනයක් වන CoreLogic ආයතනය පවසයි.
2009 වසරේ නොවැම්බර් මාසයෙන් අනතුරුව ඔස්ට්‍රේලියාවේ ජාතික නිවාස වෙළෙඳපොල මිල ඉහළින්ම වර්ධනය වූ කාර්තුව ලෙස ඒ අනුව එම කාර්තුව වාර්තා වේ.
ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරටරි 8 න් හතකම නිවාස මිල පසුගිය වසර අවසානය වන විට ඉහළ නැග ඇති බව වාර්තා වේ.
එමෙන්ම ප්‍රධාන නගර 8 න් පහකම නිවාස මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවද නවතම දත්ත අනුව CoreLogic ආයතනය පෙන්වා දෙයි.
එහිදී මෙල්බර්න් සහ සිඩ්නි ප්‍රධානම ස්ථාන ගත් අතර එම නගර ද්විත්වයේම නිවාස මිල ඉහළ නැග්ම 5.3% කින් සිදුව ඇති බව සඳහන්.
2019 දෙසැම්බර් මාසයේදී සිඩ්නි නිවාස මිල 1.7% කින්ද මෙල්බර්න් නිවාස මිල 1.4% කින්ද ඉහළ නැග තිබුණි.
2019 වසරේදී ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල නිවාස මිල ඉහළ නැගීම සහ ඩාවින් නුවර නිවාස මිළ පහළ බැසීම සිදුවූ අයුරු පහත වගුවෙන් පැහැදිලි කෙරේ.

ඩාවින් නුවර නිවාස මිළ පහළට
මෙල්බර්න්, සිඩ්නි, කැන්බරා, හෝබාර්ට්, ඇඩිලේඩ්, පර්ත්, බ්‍රිස්බේන් යන ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල 2019 වසරේදී නිවාස මිල ඉහළ ගියද ඩාවින් නුවර නිවාස මිළ පහත බැස ඇති අයුරු දක්නට ලැබේ.
මාසික නිවාස මිල වර්ධනය ඩාවින් නුවර -0.5% ක් වූ අතර වාර්ෂිකව එම අගය -9.7% ක් ලෙස වාර්තා වේ.
ඩාවින් නුවර නිවසක සාමාන්‍ය විකුණුම් මිල $464,625 ක් වූ බවත් Unit මාදිලියේ නිවසක සාමාන්‍ය විකුණුම් මිල $279,357 ක් වූ බවත් ඔස්ට්‍රේලියාවේ නිවාස හා දේපළ වෙළෙඳාම් සමබන්ධ ප්‍රධාන වෙබ් අඩවියක් වන Domain වෙබ් අඩවිය පවසයි.
ඔස්ට්‍රේලියාවේ වාර්තා වන අඩුම Unit මාදිලියේ නිවසක සාමාන්‍ය විකුණුම් මිල සටහන්ව ඇත්තේද ඩාවින් නුවර වීම විශේෂත්වයකි.


