SKIP TO MAIN CONTENT

වික්ටෝරියාවේ උතුරට සහ දකුණු ඕස්ට්‍රේලියාවට නැවතත් ලැව්ගිනි, නිව් සවුත්වේල්සයේ ලැව්ගිනි 127 ක් : ඕස්ට්‍රේලියාවේ ලැව්ගිනි අනතුර ගැන අද අලුත්ම තත්වය මෙන්න

Fire crews work on a bushfire in Yanchep, Western Australia.
Fire crews work on a bushfire in Yanchep, Western Australia. Source: DFES Incident Photographer Lewis van Bommel

2 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content
වික්ටෝරියා ප්‍රාන්තයේ උතුරු කලාපයට හෙට ලැව්ගිනි තර්ජන

හෙට දිනයේදී වික්ටෝරියා ප්‍රාන්තයේ නැවතත් උෂ්ණත්වය ඉහල යා හැකි බැවින් ඒ පිළිබඳව සෝදිසියෙන් සිටින ලෙසට වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ඩැනියෙල් Andrews ප්‍රාන්ත වැසියනට දැනුම් දී සිටී. ඒ පිළිබඳව අනතුරු ඇඟවීම් අද දිනයේදී සිදුකිරීමට නියමිත බවද එසේම හෙට දින වික්ටෝරියා ප්‍රාන්තයේ අධික උෂ්ණත්වය හේතුවෙන් ප්‍රාන්තයේ උතුරු කලාපයට ලැව්ගිනි තරණය මතුවිය හැකි බවටද වාර්තා වේ.

නිව්සවුත්වෙල්ස් ප්‍රාන්තයේ ලැව්ගිනි පිඩිතයිනට වන්දි

නිව්සවුත්වෙල්ස් ප්‍රාන්තයේ තවමත් ලැව්ගිනි 127 ක් සක්‍රිය තත්වයේ පවතින අතර ඉන් 56ක් තාමත් පාලිත තත්ව යටතට ගෙන ඒමට නොහැකිව ඇතැයි ද වාර්තා වේ. මඳ වැසි හේතුවෙන් අධික උෂ්ණත්වය සහිත කාලගුණයට මඳ විරාමයක් ලැබී ඇතත් එය ප්‍රමාණවත් නොවන බව ද සඳහන්.

ඉදිරි දිනවල යලිත් උණුසුම් කාලගුණයක් පැවතීමට නියමිත බැවින් තත්වය තවත් අයහපත් අතට හැරෙනු ඇතැයි නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත ප්‍රාදේශීය ගිනි නිවීමේ සේවාවෙහි මාධ්‍ය සේවා වැඩබලන කළමනාකරු බෙන් ෂෙපර්ඩ් පවසා සිටී.

මේ අතර ලැව්ගිනි වලින් තම නිවාස සහ දේපොළ විනාශයට පත්වී ඇති වින්දිතයිනට එම යටිතල පහසුකම් නැවත සංවර්ධනය කිරීම සඳහා අමතර ආධාර මුදල් ලබාදීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී ග්ලැඩිස් බෙරෙජික්ලියන් තීරණය කරයි. ඒ සඳහා ප්‍රාන්ත රජය ඩොලර් බිලියනයක් වෙන්කොට ඇත.

මෙම මුදල්, වසර දෙකක කාලයක් තුළ, විනාශයට පත්වුණු යටිතල පහසුකම් අලුත්වැඩියා කිරීමට දායක වනු ඇති බව වන බව ප්‍රාන්ත අගමැතිනී අගමැතිනී ග්ලැඩිස් බෙරෙජික්ලියන් වැඩිදුරටත් පවසා සිටි.

දකුණු ඕස්ට්‍රේලියාවේ Kangaroo Island වලට නැවතත් ලැව්ගිනි තර්ජන

දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ Kangaroo Island ප්‍රදේශයේ ජිවත්වන පුද්ගලයින් නැවතත් ලැව්ගිනි තර්ජනයකට මුහුණ දී සිටින බව වාර්තා වේ.

Kangaroo Island හි ඇතිවුණු ලව් ගිනි හේතුවෙන් මේ වන විටත් ජාතික උද්‍යාන කලාපයට අයත් හෙක්ටයාර 1,60,000 ක් පමණ ගිනිබත් වී ඇත.

කලාපයේ ප්‍රසිද්ද සංචාරක කලාපයක් වන Vivonne Bay හි නගරවාසීන් ඉන් ඉවත් කිරීමට දකුනු ඕස්ට්‍රේලියා ප්‍රාන්ත “ග්‍රාමීය ගිනි නිවීමේ සේවාව” විසින් පියවර ගෙන ඇත.

මේ වනවිට Kangaroo Island ප්‍රදේශයේ ලව්ගින්නට හසුවීමෙන් පුදගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now