සමාජ මාධ්‍ය ඔස්සේ ශීග්‍රයෙන් සැරිසරන ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි සමබන්ධව නිර්මාණය කෙරුණු ව්‍යාජ සිතියම් සහ ඡායාරූප හඳුනාගැනේ (SBS සිංහල/ වාර්තා)

Bushfire

Source: Instagram

ඔස්ට්‍රේලියාවේ මේ වන විට ඇතිවී ඇති දරුණු ලැව් ගිනි මුළු ලෝකයම කම්පාවට පත් කොට හමාරය.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ පටන් මේ දක්වා තවමත් ඇවිලෙමින් පවතින ලැව් ගිනි නිසා මේ වන විට මිනිස් ජීවිත, සත්ත්ව ජීවිත මෙන්ම නිවාස හා දේපළ හානිද විශාල වශයෙන් ඇතිවී තිබේ.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

මේ අතර ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි සම්බන්ධව නිර්මාණය කෙරුණු ව්‍යාජ ඡායාරූප කිහිපයක්ම ලොව පුරා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සැරිසරන බව ඔස්ට්‍රේලියානු ජනමාධ්‍ය පසුගියදා අනාවරණය කළේය.

Bushfire
Source: AAP

ලැව් ගිනි සම්බන්ධ ව්‍යාජ ඡායාරූප

ඔස්ට්‍රේලියාවේ ඇතිවී ඇති දරුණු ලැව් ගිනි තත්ත්වය සම්බන්ධ විවිධ වූ ඡායාරූප මේ වන විට විශාල වශයෙන් ලොව පුරා සැරිසරමින් පවතී.

එම බොහොමයක් ඡායාරූප හද සසළ කරවන ඡායාරූප බව වාර්තා වේ.

එම ඡායාරූප වලට අමතරව ලැව් ගිනි හටගෙන ඇති ප්‍රදේශ සටහන් කරමින් නිර්මාණය වූ ඔස්ට්‍රේලියාවේ සිතියම ආශ්‍රිත ඡායාරූප ද විශාල ලෙස සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ලොව පුරා සැරසරමින් පවතී.

නමුත් එම ඡායාරූප වලින් ඇතැම් ඒවා ව්‍යාජ ලෙස සැකසූ ඒවා බවත් තවත් ඒවා මීට පෙර ඇතිවූ වෙනත් හදිසි තත්ත්ව වලදී ලබාගත් ඡායාරූප බවත් news.com.au වෙබ් අඩවිය වාර්තා කරයි.

සාමාන්‍ය ජනතාව මෙන්ම ලෝක ප්‍රකට කලාකරුවන් ද නොදැනුවත්ව මෙම ව්‍යාජ ඡායාරූප තම සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ share කර ඇති අයුරු දක්නට ලැබිණි.

Bushfire
Source: Facebook

ලැව් ගිනි හටගත් ප්‍රදේශ සටහන් කරමින් සැරිසරන අසත්‍ය ඔස්ට්‍රේලියානු සිතියම්

ලැව් ගිනි හටගත් ප්‍රදේශ සටහන් කරමින් ව්‍යාජ ලෙස සකස් කළ සිතියම් කිහිපයක් මේ වන විට හඳුනාගෙන තිබේ.

ඔස්ට්‍රේලියාවේ සමස්ත නැගෙනහිර වෙරළාශ්‍රිත කලාපයම ලැව් ගිනි වලින් ආක්‍රමණය වී ඇතැයි පහත සිතියම ආශ්‍රයෙන් ඇමෙරිකාවේ ABC මාධ්‍ය ආයතනය විස්තර කොට ඇත.

Bushfire
Source: Supplied

කෙසේනමුත් ඇතැම් පිරිස් එම සිතියමට දැඩි විවේචන එල්ල කර තිබුණේ පහත පරිදිය.

Bushfire
Source: Twitter

මේ අතර බ්‍රිස්බේන් ඡායාරූප ශිල්පියෙකු ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි සම්බන්ධව නිර්මාණය කළ ත්‍රිමාන සිතියමක්ද මෙලෙස ලොව පුරා ශීග්‍රයෙන් සැරිසරන්නට විය.

මෙය නාසා ආයතනය උඩු ගුවනේ සිට ලබාගත් ඡායාරූපයක් බවට පවසමින් බොහෝ දෙනා සමාජ මාධ්‍ය ඔස්සේ share කර ඇති නමුත් මෙය නිර්මාණයක් පමණක් බව එහි නිර්මාණ කරු පවසා තිබේ.

එම සිතියම සමග ඔහුගේ ප්‍රකාශය පහතින් දැක්වේ.

Bushfire
Source: Instagram

බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ විශාල කලාපයක් ලැව් ගින්නට හසුවූ බවට දක්වමින් තවත් ඔස්ට්‍රේලියානු සිතියමක් ව්‍යාජ ලෙස සකසා සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතින බව දක්නට ලැබුණි.

එම සටහන පහත පරිදි වේ.

මේ අතර කුඩා දරුවන් පස් දෙනෙකු සමග මවක්ජලයේ බැස තම ජීවිත බේරාගැනීමේ සටනක නිරත වන ඡායාරූපයක් ද මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරමින් පවතී.

මේ දිනවල ඔස්ට්‍රේලියාවේ ඇතිවී ඇති ලැව් ගිනි හේතුවෙන් මෙම පවුල මෙලෙස පීඩාවට පත්ව ඇති බවට එම ඡායාරූපය සමග තොරතුරු හුවමාරු වෙමින් පවතී.

Bushfire
Source: News Limited

නමුත් මෙම ඡායාරූපය ඇත්තෙන්ම ගෙන ඇත්තේ වසර 2013 දී ටස්මේනියාවේ ඇතිවූ ලැව් ගිනි තත්ත්වයකදී ය.

Bushfire
Source: SBS Sinhala


3 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now