ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරටරි හරහා ස්ථිර පදිංචිය ලබාදෙන Skilled Nominated visa (Subclass 190) සහ Skilled Work Regional (Subclass 491) ප්‍රාදේශීය වීසා සඳහා 2019/20 මුල්‍ය වසර සඳහා වන කෝටාව ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
එහිදී එක් එක් ප්‍රාන්තය හා ටෙරටරිය මගින් 2019/20 මුල්‍ය වසර සඳහා වෙන් කරන ලද 190 හා 491 වීසා ප්‍රමාණය දක්වා තිබේ.

2019/20 මුල්‍ය වසරේ 190 හා 491 වීසා කෝටාවන්
2019/20 මුල්‍ය වසර සඳහා 190 හා 491 වීසා වැඩිම ප්‍රමාණයක් වෙන් කර ඇත්තේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය බව වාර්තා වේ.
ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික කටයුතු පිළිබඳ ප්‍රමුඛ පෙළේ තොරතුරු සපයන ISCAH වෙබ් අඩවිය සඳහන් කරන පරිදි එම ප්‍රමාණය 5745 කි.
ඒ අනුව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය 3000 ක ප්‍රමාණයක් 190 වීසා ද 2745 ක ප්‍රමාණයක් 491 ප්‍රාදේශීය වීසා ද ලබාදීමට 2019/20 මුල්‍ය වසරේදී වෙන් කර ඇත.
2019/20 මුල්‍ය වසර සඳහා 190 හා 491 වීසා අඩුම ප්‍රමාණයක් වෙන් කර ඇත්තේ Northern Territory වන අතර එම ප්‍රමාණය 1000 කි.
ඒ අනුව Northern Territory මගින් 400 ක ප්‍රමාණයක් 190 වීසා ද 600 ක ප්‍රමාණයක් 491 ප්‍රාදේශීය වීසා ද ලබාදීමට 2019/20 මුල්‍ය වසරේදී වෙන් කර ඇත.

2019/20 මුල්‍ය වසර සඳහා එක් එක් ප්‍රාන්තය හා ටෙරටරිය මගින් වෙන් කරන ලද 190 හා 491 වීසා කෝටාවන්
2019/20 මුල්‍ය වසර සඳහා එක් එක් ප්‍රාන්තය හා ටෙරටරිය මගින් වෙන් කරන ලද 190 හා 491 වීසා කෝටාවන් පහත පරිදි වේ.

2019/20 වසර සඳහා ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික වැඩසටහනේ වීසා සැලසුම
ඔස්ට්‍රේලියාවේ 2019/20 Migration program planning levels හෙවත් 2019/20 වසර සඳහා ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික වැඩසටහනේ වීසා සැලසුම පසුගිය වසරේ අග භාගයේදී ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් එළිදක්වනු ලැබිණි.
එහිදී Employer Sponsored වීසා යටතේ 30,000 ක කෝටාවක්ද Skilled Independent වීසා යටතේ 16,652 ක කෝටාවක්ද වෙන් කර තිබේ.
එමෙන්ම Skilled Employer Sponsored (Subclass 494) වීසා යටතේ 10,000 ක කෝටාවක්ද Skilled Work Regional (Subclass 491) වීසා යටතේ 15,000 ක කෝටාවක්ද වෙන් කර තිබේ.
ඊට අමතරව ඒ ඒ ප්‍රාන්තය හා ටෙරටරිය මගින් නිර්දේශ කරන State/Territory Nominated වීසා කෝටාව 24,968 ක් ලෙසටද ඔවුන් දක්වා තිබේ.


