ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි දුමාරය ලෝකය වටේ ගොස් නැවතත් ඔස්ට්‍රේලියානු අහසට පැමිණෙන බවට NASA ආයතනයෙන් හෙළිදරව්වක් (SBS සිංහල/ වාර්තා)

Bushfire smoke

Hình chụp từ vệ tinh của NASA cho thấy khói từ các đám cháy rừng sẽ quay trở lại Úc. Source: NASA

ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්ත වල ඇතිවී ඇති ලැව් ගිනි වල දුමාරය ලෝකය වටේ ගොස් ඉදිරි දින කිහිපයේදී නැවත වරක් ඔස්ට්‍රේලියාවේ ඉහළ අහසට පැමිණෙනු ඇතැයි පුරෝකථනය කරයි.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

National Aeronautics and Space Administration හෙවත් NASA ආයතනය තම නවතම දත්ත හරහා මේ බව පවසා තිබේ.

ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි දුමාරය ලෝකය වටේ කැරකෙයි

ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි දුමාරය වායු ගෝලයේ ගමන් කරන ආකාරය පිළිබඳ NASA ආයතනය විසින් අධ්‍යනය කරමින් පසුවන බවත් එය මේ වන විට කිලෝ මීටර් 15 කට අධික ප්‍රමාණයක් වායුගෝලය තුළට ගමන් කර ඇති බවත් ඔවුන් හඳුනාගෙන තිබේ.

2020 ජනවාරි 08 වන දින වන විට ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි දුමාරය පෘථිවියේ අඩක් පමණ ගමන් කර ඇති බවද NASA ආයතනය පවසයි.

එහිදී මෙම ලැව් ගිනි දුමාරය දකුණු ඇමෙරිකාවද පසුකර ඇති අතර දකුණු ඇමෙරිකානු අහස මෙම දුමාරය නිසා විවිධ වර්ණ ගත් බවත් සඳහන්.

ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි දුමාරය ලෝකය වටේ අවම වශයෙන් එක් වටයක් හෝ ගමන් කරන බවත් ඉන් අනතුරුව නැවතත් ඔස්ට්‍රේලියාවේ ඉහළ අහසට පැමිණෙන බවත් NASA ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

වික්ටෝරියානු වායුගෝලය ලැව් ගිනි දුමාරය විසින් ආක්‍රමණය කරයි

අද පෙරවරුව වන විට මෙල්බර්න් නගරය ඇතුළුව වික්ටෝරියා ප්‍රාන්තයේ වායුගෝලය ලැව් ගිනි දුමාරයෙන් පිරී පවතින බව දක්නට ලැබේ.

මේ හේතුවෙන් සෞඛ්‍ය අවදානම් තත්ත්ව ඇතිවිය හැකි බවට සෞඛ්‍ය බලධාරීහු අනතුරු ඇඟවීම් සිදු කර තිබේ.

වික්ටෝරියානු වායුගෝලයට පැමිණි මෙම ලැව් ගිනි දුමාරය ප්‍රාන්තයේ ලැව් ගිනි වලින් මෙන්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ලැව් ගිනි වලින් පැමිණි බව වික්ටෝරියානු පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

මේ තත්ත්වය යටතේ වික්ටෝරියානු වාසීන්ට හැකිනම් එළිමහනට නොපැමිණ නිවෙස් හා සේවා ස්ථාන වල පමණක් රැදී සිටින ලෙස ඔවුහු දන්වා සිටිති.

එමෙන්ම නිවෙස් වල දොර ජනෙල්ද වසා තබා දමන ලෙසද ඔවුහු ප්‍රාන්ත වාසීන්ට දන්වා සිටිති.

Bushfire smoke
Bushfire smoke invades Melbourne Sky Source: SBS Sinhala

නවසීලන්ත වායුගෝලයටත් බලපෑම්

ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි දුමාරය නවසීලන්ත වායුගෝලයටත් බලපෑම් එල්ල කර ඇති බවත් එනිසාම නවසීලන්තයේ වායුගෝලයේ පිරිසිදුභාවයට දැඩි තර්ජන එල්ලවෙමින් පවතින බවත් NASA ආයතනය පවසයි.

සුදු පැහැයෙන් හැඩවුණු නවසීලන්තයේ හිම කඳු මෙම ලැව් ගිනි දුමාරය නිසා අවපැහැ ගැන්වී ඇති බව පසුගිය දිනවලදී ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ අනාවරණය විය.

එමෙන්ම පසුගිය වසර අග භාගයේදී ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි දුමාරය නිසා නවසීලන්ත අහස තැඹිලි පැහැ ගත් බවද වාර්තා විය.

ඔස්ට්‍රේලියාවේ මෙම ලැව් ගිනි තත්ත්වය තවත් මාස කිහිපයක් පමණ යනතුරු පවතින බව හදිසි හා ගිනි නිවන සේවා අනාවැකි පළ කරති.

Bushfire smoke
Source: SBS Sinhala

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now