ඔස්ට්‍රේලියාව තුල රැකියාවක් ලබා ගැනීමේ හැකියාව සුලබම උපාධි මොනවාද? (SBS සිංහල/ වාර්තා)

The new report looks at what is causing disruption to the labour market and how humans can survive increasingly tech-reliant industries.

Source: Getty Images

ඔස්ට්‍රේලියාවෙහි සිටින උපාධිධාරීන් පස් දෙනෙකු අතරින් තුන් දෙනෙකු වෘත්තියෙහි යෙදෙනුයේ තමන් උපාධිය ලබාගත් ක්ෂේත්‍රයෙහි නොවන බව ඔබ දන්නවාද?

 


SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


highschool
Source: SBS

මේ වන විට ඔස්ට්‍රේලියාව පුරා වෙසෙන 12 ශ්‍රේණියෙහි සිසුන් තමන්ගේ පාසල් ජීවිතය නිම කොට උසස් අධ්‍යාපනයට යොමු වීමට සූදානමින් සිටියි. නමුත් ඔවුන්ගේ බලාපොරොත්තු වලට පුංචි සැකයක් එකතු කරමින් නව අධ්‍යන වාර්තාවක් නිකුත් වී තිබෙයි. The Australia Institute සංවිධානය මගින් නිකුත් කර ඇති මෙම වාර්තාවෙහි සඳහන් වනුයේ විශ්ව විද්‍යාල උපාධිධාරීන්ට පූර්ණ කාලීන රැකියාවක් ලබා ගැනීම දුෂ්කර කාර්යයක් වී ඇති බවයි.

මේ හේතුවෙන් ඔස්ට්‍රේලියාවෙහි අධ්‍යාපන අංශය වෙනස් විය යුතු යැයි ද සමාජය තුල හඬක් නැගෙමින් පවතියි.

ඔස්ට්‍රේලියාව තුල රැකියාවක් ලබා ගැනීමට උපාධියක් අනවශ්‍යද?

The Australia Institute සංවිධානයේ වාර්තාව තුල උපාධියක් යනු වර්තමානයේ දී රැකියාවක් සොයා ගැනීමට ඇති හොඳම අඩිතාලමක් ලෙස හඳුන්වයි. නමුත් මීට වසර කිහිපයකට පෙරදී ඉහළ ඉල්ලුමක් පැවති බොහෝ රැකියා ක්ෂේත්‍රයන්හි තවදුරටත් ඉහළ ඉල්ලුමක් නොමැති වීම ගැටලුවක් වී ඇති බව ඔවුන් පෙන්වා දෙයි.

The Australia Institute සංවිධානයේ ආචාර්ය Jim Stanford පවසනුයේ උපාධිධාරීන්ගේ රැකියා වියුක්තියට හේතුව ඔවුන්ගේ උපාධියෙහි ගුණාත්මකභාවය පිළිබඳව ගැටලුවක් නොවන බවයි. එසේම ඔවුන් පසුගිය පරම්පරා හා සැසදීමේදී නිපුණතාවෙන් ඉහළම පරම්පරාව බවද ඔහු පවසා සිටියි.

Dr Jim Stanford
Dr Jim Stanford - The Australia Institute Source: The Australia Institute

ආචාර්ය Jim පැවසුවේ වසර ගණනාවක සිට ශ්‍රම වෙළඳපොළෙහි පරිසරය තරුණ රැකියා අපේක්ෂකයින්ට අයහපත් බවයි. මෙම තත්වයන් යටතේ ඔවුන්ට රැකියාවක් ලැබීමේ අවස්ථාවන් ඉතාමත් දුර්ලභ අතර රැකියාවක් ලැබුනද එම අවස්ථාව නැති වීමට ඇති ඉඩකඩ ඉතා ඉහල බව ඔහු වැඩිදුරටත් පැවසූවේය.

රැකියා අවස්ථා සුලබ උපාධි ක්ෂේත්‍ර

  • වෛද්‍ය විද්‍යාව
  • අධ්‍යාපන
  • ඉංජීනේරු
  • සාත්තු සේවා

රැකියා අවස්ථා දුලබ උපාධි ක්ෂේත්‍ර

  • නිර්මාණාත්මක කලා
  • සන්නිවේදන
  • විද්‍යා හා ගණිත
  • සමාජ සේවා
The employment outcomes for graduates in 2018
The employment outcomes for graduates in 2018 Source: The Australia Institute

පසුගිය දශකය තුළ රැකියා අවස්ථා පිරිහී ඇති අයුරු

2008 වසරේදී උපාධිධාරීන්ගෙන් 85%ක්2018 වසරේදී උපාධිධාරීන්ගෙන් 73%ක් පමණක්ද පූර්ණ කාලීන රැකියා අවස්ථා හිමි කර ගෙන ඇති බව අනාවරණය වී තිබෙයි.

මේ වනවිට රැකියා අවස්ථා අඩුව තිබුනද ආචාර්ය Jim පවසනුයේ රැකියා වෙළඳපොළට ඇතුළුවීමේදී උපාධියක් තිබීම වැදගත් සාධකයක් බවයි.

අනාගතයට සුදුසු අධ්‍යාපන සැලැස්මක්

මෙම නව අධ්‍යන වාර්තාව සිදුකල The Australia Institute සංවිධානයේ Centre for Future Work අංශය හා Graduate Careers Australia සංවිධාන පවසනුයේ ඔස්ට්‍රේලියාවෙහි අධ්‍යාපන අංශය විසින් අනාගත වෘත්තිකයින්ගේ අවශ්‍යතා හඳුනා ගෙන ඊට සරිලන සැලැස්මක් අනුගමනය කල යුතු බවයි. මේ තුළින් සිසුන්ගේ වෘත්තිය ජීවිතයට වැදගත් වන පදනමක් බිහි කල හැකි බව ඔවුන් පෙන්වා දෙයි.

රජයේ, විශ්ව විද්‍යාල සහ සේවා යෝජකයන්ගේ කාර්ය පහසු කිරීම සඳහා අනාගතයට සුදුසු අධ්‍යාපන සැලැස්මක් බිහි කිරීමට අදාළ අංශ වලට වගකීමක් ඇතයි තමා සිතන බව ආචාර්ය Jim පවසයි.

වර්තමානයේ දී විශ්ව විද්‍යාල පරිසරයක සිට වැටුප් ලබන පරිසරයකට යොමු වීම අභියෝගාත්මක බවත් උපාධිධාරීන්ගේ මෙම ක්‍රියාවලිය පහසු කිරීමට තව බොහෝ දෑ කල හැකි බව ආචාර්ය Jim වැඩිදුරටත් පැවසුවේය.

SBS Sinhalese
Source: SBS Sinhala

3 min read

Published

Updated

By Gamidu Agampodi


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now