SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ රැකියා පද්ධතිය විනාශ වී ඇති බවට නවතම විමර්ශනයකින් හෙළිවෙයි (SBS සිංහල/ වාර්තා)

Job market
Source: AAP

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියාවේ රැකියා පද්ධතිය ඛණ්ඩනය වී ඇතැයි නවතම විමර්ශනයක් අනාවරණය කරයි.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


ඔස්ට්‍රේලියානු ශ්‍රම වෙළෙඳපොළ පිළිබඳ සිදුකළ නවතම විමර්ශනයක් ආශ්‍රයෙන් Anglicare Australia රැකියා වාර්තාව මේ බව හෙළිකරයි.

Job market
Source: AAP

ඔස්ට්‍රේලියානු රැකියා වෙළෙඳ පොළේ වත්මන් තත්ත්වය

Anglicare Australia රැකියා වාර්තාවට අනුව රැකියා සොයන පාසලේ 12 ශ්‍රේණිය සම්පූර්ණ නොකළ හෝ තමන්ගේ පසුකාලීන දිවියේ රැකියාව අහිමිවූ වියපත් පුද්ගලයින් 7 දෙනෙකුගෙන් එක් අයෙකුටම රැකියා සෙවීමේදී බාධාවන්ට මුහුණ දීමට සිදුවන බව සඳහන්.

එවැනි පුද්ගලයින්ට රැකියාවක් සොයාගැනීමට වසර 5 ක් පමණ ගතවන බවද එම වාර්තාව හෙළි කරයි.

මේ අතර පසුගිය මැයි මාසයේදී ඔස්ට්‍රේලියාව තුළ පළ කළ රැකියා පුරප්පාඩු දැන්වීම් වලින් 10% කම රැකියා ගැලපී ඇත්තේ සුදුසුකම් රහිත හෝ රැකියා පළපුරුද්දක් නොමැති පුද්ගලයින්ට බවද වාර්තා වේ.

මේ තත්ත්වය හේතුවෙන්ම ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළෙඳ පොළ පිළිබඳ සමාලෝචනයක් සිදුකළ යුතු බව Anglicare Australia ආයතනයේ අධ්‍යක්ෂිකා Kasy Chambers පැවසුවාය.

එමෙන්ම ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ Jobactive පද්ධතිය ද කඩිනම් ප්‍රතිසංස්කරණයකට ලක් කළ යුතු බව ඇය පෙන්වා දුන්නාය.

අදාළ රැකියා සොයන්නන්ගේ අවශ්‍යතාවන්, ඔවුන්ගේ ධාරිතාවන් සහ කුමන අන්දමේ පුහුණුවක් ලබා දිය යුතුද යන කාරණා එහිදී සොයා බැලිය යුතු බවට ඇය යෝජනා කරයි.

දරිද්‍රතාවයෙන් පීඩා නොවිඳීමට ඇති හොඳම විසඳුම මනා වැටුපක් ලබන පූර්ණ කාලීන රැකියාවක් කිරීම නමුත් එවැනි රැකියාවක් නොමැති ඔස්ට්‍රේලියානුවාසීන් මිලියන 1.1 ක් පමණ සිටින බව ද Anglicare Australia ආයතනයේ අධ්‍යක්ෂිකා Kasy Chambers පැවසුවාය.

Job market
Source: AAP

ආබාධිත පුද්ගලයින් සහ සරණාගතයින් විශාල අභියෝග වලට මුහුණ දෙයි

ඔස්ට්‍රේලියාවේ සිටින ආබාධිත පුද්ගලයින්ගෙන් 68% ක් පමණ පිරිසක් අවාසනාවන්ත රැකියා සොයන්නන් බවට පත්වී ඇතැයි Anglicare රැකියා විමර්ශනය පෙන්වා දෙයි.

එම ප්‍රතිඵලය පිළිබඳව පුදුම විය යුතු නැති බව ආබධිතයින් පිළිබඳ ඔස්ට්‍රේලියා ආයතනයේ උපදේශන සහ ප්‍රතිපත්ති පිළිබඳ අධ්‍යක්ෂිකා Romola Hollywood පැවසුවාය.

පවතින නීති දැඩි කිරීම නිසා ආබාධිත සහන විශ්‍රාමික දීමනා සහ Newstart වැනි සුබ සාධන දීමනා වලින් බොහෝ පිරිස් වෙත ඉවත් වීමට සිදුව ඇති බව ඇය පැහැදිලි කළාය.

ඔස්ට්‍රේලියාවේ රැකියා සොයන සියලුම ආබාධිත පුද්ගලයින් හට ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක Disability Employment Service හි සේවාව ලබාගැනීමට අවස්ථාව සැලසිය යුතු බවට Anglicare ආයතනය නිර්දේශ කරයි.

නමුත් එය ඊට එහාට ගෙන යමින් ආබාධිත පුද්ගලයින් හට ඔවුන්ටම විශේෂිත වූ රැකියා සැලැස්මක් නිර්මාණය කළ යුතු බව ආබධිතයින් පිළිබඳ ඔස්ට්‍රේලියා ආයතනයේ උපදේශන සහ ප්‍රතිපත්ති පිළිබඳ අධ්‍යක්ෂිකා Romola Hollywood පැවසුවාය.

Job market
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now