ඔස්ට්‍රේලියාවේ High-vis කමිස හරහා සමේ පිළිස්සුම් ඇතිවන බවට අනතුරු ඇඟවීමක් (SBS සිංහල/ වාර්තා)

High-vis Shirts

Source: Pixabay

ඔස්ට්‍රේලියාවේ High-vis කමිස වල ආරක්‍ෂිතභාවය සම්බන්ධ පර්ත් නුවර වෛද්‍යවරයෙකු අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ.


 

SBS සිංහල සේවය සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

සූර්යාලෝකයට සෘජුව නිරාවරණය වීමෙන් High-vis කමිස වල පිහිටි retro-reflective tape හෙවත් ප්‍රති-පරාවර්තක තීරුව (බොහෝ විට මෙම තීරුව අළු පැහැයක් ගනී) හරහා සමේ පිළිස්සීම් ඇතිවන බවට එම වෛද්‍යවරයා පෙන්වා දෙයි.
High-vis Shirt
Source: Pixabay

High-vis කමිස වල ආරක්‍ෂිතභාවයට අනතුරු ඇඟවීම්

High-vis කමිසයක් හැඳ සිටි පුද්ගලයෙකුට එම කමිසය නිසා සමේ පිළිස්සීමක් ඇති වූ බවත් ඔහුට තමන් ප්‍රතිකාර කළ බවත් පර්ත් නුවර හදිසි ප්‍රතිකාර විශේෂඥ වෛද්‍යවරියක් වන Ioana Vlad පැවසුවාය.

High-vis කමිසයක් හැඳ සිටි පුද්ගලයෙකුට මෙවැනි ආකාරයේ පිළිස්සීමක් ඇති වූ බවට ලෝකයෙන් වාර්තාවූ පළමු පුවත මෙය විය හැකි බවදාස වාර්තා වේ.

ඔස්ට්‍රේලියාවේ වෛද්‍ය ජර්නලයේ කර්තෘට ලිපියක් මාර්ගයෙන් වෛද්‍ය Ioana Vlad මේ බව දන්වා තිබේ.

ක්ෂේත්‍ර ඉංජිනේරුවෙකු ලෙස කටයුතු කරන 40 හැවිරිදි මෙම පිළිස්සුම් තුවාල ලැබූ පුද්ගලයා පර්ත් නුවර Sir Charles Gairdner රෝහලේ හදිසි ප්‍රතිකාර දෙපාර්තමේන්තුවට පැමිණ ඇත්තේ 2018 වසරේ ජනවාරි මාසයේදීය.

එහිදී ඔහු තමන්ගේ පිට ප්‍රදේශයේ දදයක් හටගෙන ඇති බවට පවසා තිබේ.
High-vis Shirt
Source: Pexels
ඒ අනුව අදාළ පුද්ගලයාව වෛද්‍ය Ioana Vlad විසින් පරීක්ෂාවට ලක් කෙරුණු විට එම දදය පිහිටා ඇත්තේ ඔහුගේ High-vis කමිසයේ ප්‍රති-පරාවර්තක තීරුවට සමගාමීව බව ඇයට පෙනී ගියාය.

එම පුද්ගලයාගේ තත්ත්වය බරපතල නොවුණු නමුත් දින කිහිපයක පටන් ඔහුට මෙනිසා දැඩි අපහසුතාවට ලක්වීමට සිදුවූ බවත් පවසා තිබේ.

ඒ අනුව පළමු ඛාණ්ඩයේ පිළිස්සුම් තුවාලයකට ප්‍රතිකාර කරන අන්දමේ කෝමාරිකා සහ වේදනා නාශක ඔහුගේ පිළිස්සුම් තුවාලයට ලබාදී තිබේ.

මෙවැනි අන්දමේ High-vis කමිස භාවිතා කරන ඕනෑම පුද්ගලයෙකු හට මේ ආකාරයේ පිළිස්සුම් තුවාල වලට මුහුණ දීමේ අවදානමක් ඇති බව ද වෛද්‍ය Ioana Vlad පැවසු බව ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කාරයි.
High-vis Shirt
Source: Pixabay

එළිමහනේ සේවය කරන විට ඇඳිය යුත්තේ කුමක්ද?

සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවේ ක්ෂේත්‍ර සේවා වලදී සහ එළිමහනේ රාජකාරී කටයුතු කරන ඕනෑම පුද්ගලයෙකු High-vis කමිස ඇඳිය යුතු වීම නීතියකි.

එය Occupational Health & Safety ආරක්ෂණ රෙගුලාසි යටතේ ඕනෑම සමාගමක් පිළිපැදිය යුතු කරුණකි.

නමුත් ඔස්ට්‍රේලියාවේ නීති යටතේ මෙම High-vis කමිස පාරජම්බූල කිරණ වලින් අදාළ පුද්ගලයින්ව ආරක්ෂා කළ යුතු වන අතර ඊට අදාළ මිනුම් දඬු නිර්ණය කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ සම්මතයට අනුව High-vis කමිස වල පාරජම්බූල කිරණ වලින් ආරක්ෂා වීමේ පරාසය හෙවත් UPF rating එක 40 ත් 50 ත් අතර හෝ ඊට වඩා වැඩි විය යුතුය.

නමුත් මෙම High-vis කමිස නිෂ්පාදනයේදී ඒවායින් මිනිසුන්ට ලබාදෙන ආරක්ෂාව පිළිබඳ නැවත සමාලෝචනය කළ යුතු බවට වෛද්‍ය Ioana Vlad පැවසුවාය.

එමෙන්ම High-vis කමිස භාවිතා කිරීමේදී එයට යටින් වෙනත් බැනියමක් වැනි ඇඳුමක් ඇඳීම ඉතා සුදුසු බවත් High-vis කමිසයේ retro-reflective tape හෙවත් ප්‍රති-පරාවර්තක තීරුව සෘජුව සිරුරේ ස්පර්ශ වීම වලක්වා ගත යුතු බවත් ඇය පෙන්වා දෙයි.
High-vis Shirt
Source: SBS Sinhala

Share

Published

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service