ඔස්ට්‍රේලියානු වීසා සැකසීමේ ක්‍රියාවලිය පුද්ගලිකකරණය කිරීමේ සැලසුම නිසා ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව උණුසුම් වෙයි (SBS සිංහල/ වාර්තා)

Australian visa processing system

Australian visa Source: SBS

ඔස්ට්‍රේලියානු වීසා සැකසීමේ ක්‍රියාවලිය ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් පිටත ආයතනයකට ලබාදීමේ සූදානමක් ඇති බව වාර්තා වේ.


SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


කම්කරු පක්ෂය මෙහි අවදානම පිළිබඳ මතුකරමින් මෙයට විරුද්ධව මෝසමක් පසුගිය සඳුදා (14/10) ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

Australia visa processing system
Source: Department of Home Affairs

ඔස්ට්‍රේලියානු වීසා සැකසීමේ ක්‍රියාවලිය පුද්ගලිකකරණයට

ඔස්ට්‍රේලියානු වීසා සැකසීමේ ක්‍රියාවලිය රජයෙන් පිටත ආයතනයකට ලබා දීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ සැලැස්මක් ඇති බවට පසුගිය වසරේ අග භාගයේදී ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේය.

ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව සැලසුම් කරන පරිදි  ඔස්ට්‍රේලියානු වීසා සැකසීමේ ක්‍රියාවලිය රජයෙන් පිටත ආයතනයකට ලබාදීමෙන් ඉහළ ස්වයංක්‍රීය භාවයක් ලබාගනිමින් කාර්යක්ෂම සේවාවක් අත් කරහැකි බවට විශ්වාස කරන බව එම පුවත් හරහා වාර්තා විය.

නමුත් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මේ පුවත් ප්‍රතික්ෂේප කරයි.

ඔවුන් පවසන්නේ ඔස්ට්‍රේලියානු වීසා සැකසීමේ ක්‍රියාවලිය outsource කරන බවය.

නමුත් outsource කරනවා යනු පුද්ගලිකකරණයට ලක් කිරීමක් නොවන්නේ ද යන්න කම්කරු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී Andrew Giles පසුගිය සඳුදා ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවේදී රජයෙන් ප්‍රශ්න කළේය.

ඩොලර් බිලියනක ඔස්ට්‍රේලියානු වීසා සැකසීමේ ක්‍රියාවලිය, ඉහළම ලංසුවට ලබාදෙන බවට විවෘත ටෙන්ඩර් කැඳවීමක් කර ඇති බවට ද ඔහු පැවසුවේය.

Australia visa processing system
Labor Member for Scullion Andrew Giles. Source: AAP

ඔස්ට්‍රේලියානු වීසා සැකසීමේ ක්‍රියාවලිය පුද්ගලිකකරණය කිරීමේදී මතුවන අවදානම

ඔස්ට්‍රේලියානු වීසා සැකසීමේ ක්‍රියාවලිය පුද්ගලිකකරණය කිරීමේදී මතුවන අවදානම තත්ත්ව කිහිපයක් පිළිබඳවද කම්කරු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී Andrew Giles ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට විශාල ආර්ථික පාඩුවක් සිදුවන බවත් රාජ්‍ය සේවයේ රැකියා අහිමිවීමක් සිදුවන බවත් ප්‍රධාන අවදානම් බව ඔහු පැවසීය.

එමෙන්ම වීසා ගාස්තු ඉහළ යාම, වීසා අයදුම්පත්කරුවන්ගේ පුද්ගලික තොරතුරු සොරාගැනීමට ඇති හැකියාව, දත්ත වංචාවන්, රජයට මැදිහත්වීමට ඇති සීමාවන් යනාදී කරුණු නිසාද මෙම තත්ත්වයේ අවදානම් බව ඉහළ යන බවද ඔහු පෙන්වා දුන්නේය.

Australia visa processing system
Australia visa processing system Source: Getty Images

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය චෝදනා ප්‍රතික්ෂේප කරයි

කම්කරු පක්ෂයේ මේ චෝදනා වත්මන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ප්‍රතික්ෂේප කරයි.

ඔස්ට්‍රේලියානු වීසා සැකසීමේ ක්‍රියාවලිය පුද්ගලිකකරණය කිරීමේ කිසිදු අදහසක් රජයට නැති බව රජයේ නියෝජිතයෙකු SBS පුවත් සේවයට පැවසුවේය.

ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විවෘත ටෙන්ඩරයක් කැඳවා ඇත්තේ නව workflow tool එකකට පමණක් බවද ඔහු එහිදී පැවසීය.

නමුත් ඔස්ට්‍රේලියානු වීසා සැකසීම සහ ඒ පිළිබඳ කටයුතු කිරීමේදී ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සැමවිටම වගකීමෙන් කටයුතු කරන බව ද ඔහු පැවසීය.

වීසා නීති පිළිබඳව සහ වීසා පිරිනැමීමේ තීරණ පිළිබඳ තීන්දු ගනු ලබන්නේ ද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය බවද එම නියෝජිතයා SBS පුවත් සේවයට පැවසුවේය.

Australia visa processing system
Source: SBS Sinhala

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now