මෙල්බර්න් නගරයේ දුම්බීම තහනම් කළ නවතම කලාපය මෙන්න, දුම් බිව්වොත් $100 ක් දඩ (SBS සිංහල/ වාර්තා)

Melbourne Smoke-free area

Source: Flickr

මෙල්බර්න් නගරයේ දුම්බීම තහනම් කළ නවතම කලාපය ලෙස Bourke වීදිය (Bourke Street) වාර්තා වේ.


SBS සිංහල සේවය සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


මෙල්බර්න් නගර මධ්‍යයේ ජනාකීර්ණතම වීදියක් ලෙස හැඳින්වෙන Bourke වීදියේ මෙම දුම්බීම තහනම් කිරීම පසුගිය ඔක්තෝබර් 04 වන දින සිට ක්‍රියාත්මක වීම ආරම්භ කෙරිණි.

Melbourne Smoke-free area
Source: SBS

Bourke වීදියේ දුම්බීම තහනම් කිරීම

Bourke වීදියේ දුම්බීම තහනම් කෙරුණු කලාපය Bourke Street mall ආශ්‍රිතව විහිදෙයි.

ඒ අනුව Elizabeth වීදිය සහ Russell Place අතර Bourke වීදියේ කලාපයේ මෙලෙස දුම්බීම තහනම් කර ඇත.

එයට පදික වේදිකා, ට්‍රෑම් මාර්ගය සහ ට්‍රෑම් නැවතුම්පොළ, මාර්ගය අයිති බව ABC පුවත් සේවය වාර්තා කරයි.

මෙල්බර්න් නගර සභාව විසින් මේ සම්බන්ධව පෙර පැවැත්වූ මහජන සමීක්ෂණයට අනුව මෙම තීරණය ගත් බව මෙල්බර්න් නගර සභික Beverley Pinder, Daily Mail වෙබ් අඩවියට පැවසුවාය.

Melbourne Smoke-free area
Source: Flickr

දුම්බීම තහනම් බවට සංඥා

Bourke වීදියේ දුම්බීම තහනම් කෙරුණු කලාපය පිළිබඳ මහජනයාට දැනුවත් කිරීම සඳහා සංඥා පුවරු නිරුපණය කිරීමට මෙල්බර්න් නගර සභාව කටයුතු කර තිබේ.

'Breathe easy on Bourke Street' යනුවෙන් එම සංඥා පුවරුවල සටහන්ව ඇති අතර දුම්බීම තහනම් බවට සංඥා ඡායාරූපයක් ද ඇතුළත් වේ.

එමෙන්ම පදික වේදිකා වල ඒ සම්බන්ධව සටහන් වූ විශාල ප්‍රමාණයේ ස්ටිකර් දැන්වීම් අලවා ඇත.

මේ සියලු සංඥා පුවරු සහ ස්ටිකර්, ඉංග්‍රීසි භාෂාවට අමතරව චීන සහ අරාබි භාෂාවන් වලින්ද නිරූපණය කිරීම මෙහි ඇති විශේෂත්වයකි.

Melbourne Smoke-free area
Source: Getty Images

දඩය

දුම්බීම් තහනම් කර ඇති කලාපයක දුම් පානය කර හසුවුවහොත් ඩොලර් 100 ක දඩයක් පනවන බව මෙල්බර්න් නගර සභාව දැනුම් දී තිබේ.

නමුත් පළමු මාස කිහිපය තුළ දඩ මුදල් අය නොකර අදාළ වැරදිකරුවන්ට අනතුරු ඇඟවීම් සමග දැඩි අවවාද ලබාදෙන බව ද ඔවුන් පවසයි.

ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරන පරිදි මෙම දඩ මුදල් පැනවීම 2020 ජනවාරි මාසයේ සිට ආරම්භ වනු ඇත.

දිනපතා Bourke වීදිය පරිහරණය කරන ජනතාව 60,000 කට අධික බව මෙල්බර්න් නගර සභාව පවසයි.

එනිසාම මෙය මෙල්බර්න් නගරයේ ඇති ඉතාමත් ජනාකීර්ණ වීදි වලින් එකකි.

මෙල්බර්න් නගරයේ දුම්බීම තහනම් කෙරුණු 11 වන කලාපය ලෙස Bourke වීදිය ඉතිහාසගත වේ.

Bourke වීදියට අමතරව මෙල්බර්න් නගරයේ පහත සඳහන් කලාප මේ වන විටත් දුම්බීම තහනම් කළ කලාප ලෙස නම් කොට ඇත.

  1. The Causeway
  2. Howey Place
  3. Block Place
  4. Equitable Place
  5. Goldsbrough Lane
  6. QV Melbourne
  7. The Tan running track
  8. Princes park running track
  9. Collins Way
  10. Fulham Place
Melbourne Smoke-free area
Source: SBS Sinhala

2 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now