SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ superannuation සමබන්ධ නව සංශෝධන ඔස්ට්‍රේලියානුවාසී ඔබට බලපාන්නේ කෙසේද? (SBS සිංහල/ වාර්තා)

superannuation
Source: Pixabay

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියාවේ superannuation සම්බන්ධ නව නීති ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවේදී සම්මත වූ අතර ඒ පිළිබඳ තවත් සමාලෝචනයක් නුදුරේදීම සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.


 

SBS සිංහල සේවය සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

නමුත් බොහෝ ඔස්ට්‍රේලියානුවාසීන් මේ පිළිබඳ නොදැනුවත් බවද සඳහන්.

Superannuation
Cov nyiaj superannuation (AAP) Source: AAP

රක්ෂණ ඉතිරිය

වයස අවුරුදු 25 ට අඩු උදවිය හෝ තම superannuation ගිණුමේ ශේෂය $6000 ට වඩා අඩු උදවිය හට superannuation ගිණුම හා සම්බන්ධ රක්ෂණාවරණය ස්වයංක්‍රීයව  නොලැබේ.

ඒ වෙනුවට ඔවුන්ට එයින් ඉවත් වීමට හැකිය.

මේ ක්‍රමය පසුගිය අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මකය.

මේ හේතුවෙන් අඩු ශේෂයක් සහිත superannuation ගිණුම් හිමියන්ට සිය superannuation රක්ෂණය සඳහා ඉහළ මිලක් ගෙවීමට සිදු නොවනු ඇත.

ජීවිත රක්ෂණය යනු ඉතා වැදගත්  දෙයක් වන නමුත් ඔබට superannuation ගිණුම්  වැඩි ප්‍රමාණයක් තිබේනම් ඔබට එම ගිණුම් සියල්ලටම අදාළව රක්ෂණ වාරික ගෙවීමට සිදුවේ.

මෙය ඇත්තෙන්ම අමතර වියදමකි.

ඒ අනුව මෙම නව නීතිය හරහා අඩු superannuation ශේෂයක් ඇති උදවියට සිය superannuation මුදල් සකසුරුවම් අන්දමින් හැසිරවීමට අවස්ථාව හිමිවේ.

superannuation
Source: Pixabay

විශ්‍රාම වැටුප් පිළිබඳ සමලෝචනය

ඔස්ට්‍රේලියාවේ superannuation ගිණුම් පිළිබඳ මෙන්ම විශ්‍රාමික වැටුප් සම්බන්ධවද සමාලෝචනයක් සිදුකිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබේ.

නමුත් මේ හරහා විශ්‍රාමික වැටුප් කප්පාදුවක් සිදුවිය හැකි බවට කම්කරු පක්ෂය චෝදනා කරයි.

මෙම සංශෝධනය සිදුවන්නේ වසර 30කට පමණ පසුවීමද සුවිශේෂී සිදුවීමකි.

මෙමගින් විශ්‍රාමික වැටුප, superannuation, නිවෙස් හිමිකම් යනාදිය පිළිබද අවධානය යොමුවනු ඇත.

මෙහිදී ස්වාධීන කමිටුවක් මගින් වත්මන් පද්ධතිය විමර්ශනයට ලක් කරනු ඇත.

ඔස්ට්‍රේලියානු විශ්‍රාමික ආදායම් පද්ධතිය දරා සිටින ප්‍රධාන් කුළුණු 3 වන විශ්‍රාම වැටුප්, ස්වේච්ඡා ඉතුරුම් සහ අනිවාර්ය superannuation ගිණුම් යන සියල්ල එක්ව ක්‍රියාකරන අයුරු අධ්‍යනය කළ යුතු බවට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg පැවසීය.

මේ වන විට නිවෙස් හිමි විශ්‍රාමික ජනගහනය 75% ක මට්ටමේ පවතින අතර එය තව වසර 30 කදී 60% දක්වා පහත බසිනු ඇතැයි ආර්ථික ප්‍රවීණයෝ අනුමාන කරති.

මේ අනුව ජනගහනයේ ආයු කාලය වැඩිවත්ම superannuation ගිණුම් වල මුදල් දීර්ග කාලීනව පැවැතීම සම්බන්ධ අධ්‍යනයක් අවශ්‍ය බව ඔවුන් පෙන්වා දෙයි.

Sinhalese
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now