SKIP TO MAIN CONTENT

මෙල්බර්න් සහ සිඩ්නි නිවාස මිල ගණන් නැවත වරක් ඉහළට (SBS සිංහල/ වාර්තා)

Sydney and Melbourne house prices
Source: AAP

2 min read

Published

Updated

By Madhura Seneviratne


Skip to article content

මෙල්බර්න් සහ සිඩ්නි නිවාස වෙළෙඳපොළේ මිල ගණන් ඉදිරි වසර තුන ඇතුළත නැවතත් උච්ඡතම අවස්ථාවට නැවත පැමිණීමට ඉඩ ඇතැයි ආර්ථික විද්‍යාඥයෝ අනාවැකි පළ කරති.


 

SBS සිංහල සේවය සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

පසුගිය කාලයේ මෙල්බර්න් සහ සිඩ්නි නිවාස වෙළෙඳපොළේ මිල ගණන් සැලකිය යුතු මට්ටමකින් පහත බැස තිබුණු බවත් අපේක්ෂිත කාලයට වඩා පෙරාතුව නැවත පෙර තත්ත්වයට ඒවා පත්වෙමින් තිබෙන බවත් ඔවුහු පෙන්වා දෙති.

Sydney and Melbourne house prices
Source: AAP

මෙල්බර්න් සහ සිඩ්නි නිවාස වෙළෙඳපොළේ පසුබැස්ම

වසර 2017 සහ 2019 යන කාලය අතරතුරේ මෙල්බර්න් සහ සිඩ්නි නිවාස වෙළෙඳපොළේ මිල ගණන් සැලකිය යුතු ලෙස පහත වැටුණු අතර එය ඔස්ට්‍රේලියාවේ සමස්ත නිවාස වෙළෙඳපොළට ම දැඩි ලෙස බලපෑවේය.

මන්ද සමස්ත ඔස්ට්‍රේලියානු නිවාස වෙළෙඳපොළ තුළ මෙල්බර්න් සහ සිඩ්නි නිවාස වෙළෙඳපොළ ප්‍රධානතම භූමිකාව රඟ දක්වන බැවිනි.

පසුගිය සමයේදී මෙල්බර්න් නිවාස වල මිල ගණන් සාමාන්‍ය අගයකින් ගත් කල 10% කින් පමණ පහත වැටුණු අතර සිඩ්නි නිවාස වෙළෙඳ පොළ මිල ගණන් 14% කින් පමණ පහත වැටුණු බව ඔස්ට්‍රේලියාවේ නිවාස හා දේපළ වෙළෙඳාම් සම්බන්ධ ප්‍රධාන වෙබ් අඩවියක් වන Domain වෙබ් අඩවිය වාර්තා කරයි.

කෙසේනමුත්, පසුගිය ජුනි මාසයේ සිට මෙල්බර්න් සහ සිඩ්නි නිවාස වෙළෙඳපොළ මිල ගණන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බව ඔවුහු පවසති.

房屋價格
Source: AAP

නිවාස වෙළෙඳපොළ මිල ගණන් යථා තත්ත්වයට පත්වීමට හේතු

මෙලෙස නිවාස වෙළෙඳපොළ මිල ගණන් යථා තත්ත්වයට ප්‍රධානතම හේතුව ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව පොලී අනුපාතික කප්පාදු කිරීම බව Domain ආර්ථික විද්‍යාඥ Trent Wiltshire පැවසීය.

එනිසා නිවාස ගැණුම්කරුවන් නැවතත් නිවාස වෙළෙඳපොළට පැමිණීම ආරම්භ කළ බව ඔහු පෙන්වා දෙයි.

පසුගිය ජුනි මාසයේ සිට ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව තුන්වරක් පොළී අනුපාතික කප්පාදු කළේය.

ඒ අනුව මේ වන විට නවතම පොළී අනුපාතිකය 0.75% මට්ටමේ පවතින අතර මෑත ඉතිහාසයේ වාර්තාවූ අඩුම පොළී අනුපාතිකය ලෙසද එය සටහන් වේ.

මේ හේතුවෙන් පසුගිය ජුනි මාසයේදී පුරෝකථනය කළාට වඩා ධනාත්මක අයුරින් නිවාස වෙළෙඳපොළ වේගයෙන් ඉහළට යන බවක් පෙනෙන්නට ඇති බව Domain ආර්ථික විද්‍යාඥ Trent Wiltshire පැවසීය.

Sydney and Melbourne house prices
Source: AAP

මිල ඉහළ යාම

මේ වන විට ඇති තත්ත්වය විමසා බලන විට  මෙල්බර්න් සහ සිඩ්නි නිවාස වෙළෙඳපොළේ නිවාස මිල ගණන් ඉදිරි මාස 12 ඇතුළත 5% ත් 10% ත් අතර වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව ආර්ථික විද්‍යාඥ Trent Wiltshire පැවසීය.

එමෙන්ම ලබන වසරේ අග භාගය වන විට මෙල්බර්න් සහ සිඩ්නි නිවාස වෙළෙඳපොළේ නිවාස මිල ගණන් පෙර තිබූ අයුරින් උපරිමයට ළඟා වනු ඇතැයිද තමන් විශ්වාස කරන බව ඔහු පැවසුවේය.

Sydney and Melbourne house prices
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now