2019 වසර ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික ප්‍රතිපත්ති වල බරපතල සංශෝධන රාශියක් සිදුවන වසරක් බවට පත්ව තිබේ.
ඔස්ට්‍රේලියාවේ මේ ගෙවී යන 2019/20 මුල්‍ය වර්ෂයේ සිට 190,000 කව පැවතුණු වාර්ෂික සංක්‍රමණික කෝටාව 160,000 දක්වා 30,000 කින් අඩු කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මේ වන විට පියවර ගෙන තිබේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
එමෙන්ම නිපුණතා සංක්‍රමණික වීසා ධාරාවේ ලකුණු ක්‍රමයේ වෙනස්කම් කිහිපයක් ඇති කරන බවට පසුගිය අප්‍රේල් මාසයේදී ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය දැනුම් දුන්නේය.
මෙම නව ලකුණු ක්‍රමය බොහෝ පිරිස් වැරදියට වටහාගෙන ඇති බව පවසමින් ඒ පිළිබඳ නැවත පැහැදිලි කිරීමක් ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පසුගිය දා සිදු කළේය.

නව ලකුණු ක්‍රමය
නිපුණතා සංක්‍රමණික වීසා ධාරාවේ මෙම නව ලකුණු ක්‍රමය එළඹෙන නොවැම්බර් 16 සිට ආරම්භ වේ.
ඒ අනුව මෙම නව ලකුණු ක්‍රමය 2019 නොවැම්බර් 16 සිට හඳුන්වා දීමට නියමිත 491 නව වීසා උප ඛාණ්ඩය ඇතුළුව 189 සහ 190 යනාදී සියලු නිපුණතා සංක්‍රමණික (General Skilled Migration) වීසා සඳහා අදාළ වන බව සඳහන්.
මෙම සංශෝධිත නව ලකුණු ක්‍රමයට අනුව සහකරුවන් සිටින අයදුම්කරුවන්ට සහ තනිකඩ අයදුම්කරුවන්ට සැලකිය යුතු ලකුණු ප්‍රමාණයක් පිරිනැමීමට මධ්‍යම රජය අදහස් කර සිටින අතර සහකරුවාගේ හෝ සහකාරියගේ ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණත්වය අනුව තවත් අමතර ලකුණු හිමිවෙයි.

නව ලකුණු
- කලාපයක වාසය කරන පවුලේ සාමාජිකයෙකු විසින් අනුග්‍රහය දැක්වීම - ලකුණු 15
- සහකරුගේ හෝ සහකාරියගේ නිපුණතාව (අධ්‍යාපන සුදුසුකම්) ඔස්ට්‍රේලියානු ඇගයීම් වලට වලංගුතාවක් දැක්වීම - ලකුණු 10
- විශේෂිත වූ විද්‍යා, තාක්ෂණික, ඉංජිනේරු සහ ගණිතය (STEM) අධ්‍යාපනික සුදුසුකම් සඳහා - ලකුණු 10
- සහකරුගේ හෝ සහකාරියගේ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වයට (competent English) - ලකුණු 5
- සහකරුවෙකු හෝ සහකාරියෙකු නොමැති ප්‍රධාන අයදුම්කරුවන්ට - ලකුණු 10

නව ලකුණු ක්‍රමයේ EOI සඳහා ආරාධනා පත්‍ර නිකුත් කිරීම සම්බන්ධ වැරදි වැටහීමක්
නව ලකුණු ක්‍රමයේ EOI සඳහා ආරාධනා පත්‍ර නිකුත් කිරීම සම්බන්ධ වැරදි වැටහීමක් මේ වන විට බොහෝ පිරිස් අතර පවතින බවත් EOI සඳහා ආරාධනා පත්‍ර නිකුත් කිරීම නව ශ්‍රේණිගත කිරීමකට අනුව සිදුවන බවට බොහෝ දෙනා පැවසීම අසත්‍ය බවත් ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.
විශේෂයෙන්ම EOI ලකුණු තත්ත්වය සමවූ විට එම අයදුම්පත් සලකා බැලීමේ ප්‍රමුඛතාව පහත සඳහන් පිළිවෙලට සිදුවන බවට ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පසුගිය අප්‍රේල් මාසයේදී දක්වා තිබුණි.
01. සහකරුගේ හෝ සහකාරියගේ නිපුණතාව (අධ්‍යාපන සුදුසුකම්) ඔස්ට්‍රේලියානු ඇගයීම් වලට වලංගුතාවක් දක්වන විට එම ප්‍රධාන අයදුම්කරුවන්ගේ අයදුම්පත්.
02. සහකරුවෙකු හෝ සහකාරියෙකු නොමැති ප්‍රධාන අයදුම්කරුවන්ගේ අයදුම්පත්.
03. ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වයක් සහිත සහකරුවෙකු හෝ සහකාරියක සිටින ප්‍රධාන අයදුම්කරුවන්ගේ අයදුම්පත්.
04. ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වයක් නොමැති සහ ඔස්ට්‍රේලියානු ඇගයීම් වලට වලංගුතාවක් දක්වන නිපුණතාව (අධ්‍යාපන සුදුසුකම්) නොමැති සහකරුවෙකු හෝ සහකාරියෙකු සිටින ප්‍රධාන අයදුම්කරුවන්ගේ අයදුම්පත්.
නමුත් EOI ලකුණු තත්ත්වය සමවූ විට ආරාධනා පත්‍ර නිකුත් කිරීම සඳහා කිසිදු ආකාරයක ශ්‍රේණිගත කිරීමකට යටත් නොවන බවත් එය මේ වන විට තිබෙන ආකාරයටම EOI එක යොමු කළ දිනය අනුව ක්‍රියාත්මක වන බවත් ඔවුන් පවසයි.
එනම් ලකුණු තත්ත්වය සම වුවත් EOI එක මුලින්ම යොමු කර ඇති අයදුම්කරුට මුලින්ම ආරාධනා පත්‍රය හිමිවන බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දන්වයි.

පැහැදිලි කිරීමට උදාහරණ
ඉහත පැහැදිලි කිරීම පහත උදාහරණයෙන් මනාව පැහැදිලි කළ හැකිය.
A නමැති අයදුම්කරු
- Occupation ID - 261311
- EOI එක යොමු කළ දිනය - 16/11/2019
- ලකුණු සංඛ්‍යාව - 85 (තනිකඩ අයදුම්කරුවෙකු ලෙස ලැබෙන ලකුණු 10ත් සමග)
B නමැති අයදුම්කරු
- Occupation ID - 261311
- EOI එක යොමු කළ දිනය - 20/10/2019
- ලකුණු සංඛ්‍යාව - 85 (විවාහකයෙකු වන නමුත් සහකාරියගෙන් කිසිදු ලකුණු සංඛ්‍යාවක් හිමි නැත)
මේ අනුව පළමුව ආරාධනා පත්‍රය ලැබෙන්නේ B නමැති අයදුම්කරුටය.
ඔහුගේ EOI එක යොමු කළ දිනය 2019 ඔක්තෝබර් 20 වන දින බැවින් එය A නමැති අයදුම්කරු ගේ EOI එක යොමු කළ දිනය වන 2019 නොවැම්බර් 16 වන දිනට පෙරාතුව යොමු කර තිබීම ඊට හේතුව වේ.


