SKIP TO MAIN CONTENT

වික්ටෝරියානු ප්‍රාන්තයේ මේ මාර්ග නීතිය උල්ලංඝනය කළොත් demerit points 4 ක් සමග $159 ක් දඩ (SBS සිංහල/ වාර්තා)

වික්ටෝරියානු ප්‍රාන්තයේ මේ මාර්ග නීතිය උල්ලංඝනය කළොත්  demerit points 4 ක් සමග $159 ක් දඩ (SBS සිංහල/ වාර්තා) Road Rule 128: If you break this, carry a $159 fine and 4 demerit points.
Source: Twitter

2 min read

Published

By Madhura Seneviratne


Skip to article content

වර්ණ සංඥා එළි සහිත මංසන්ධි අසල රතු පැහැති සංඥා එළිය දැල්වුණු විට එම මාර්ගය හරහා වැටී ඇති පදික මාරු තීරයේ පවා ඇතැම් වාහන වලට නැවත්වීමට සිදුවීම ඔබට සුලබව අත්දකින්නට ලැබෙන දසුනකි.


SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්, සිඩ්නි වැනි ජනාකීර්ණ ප්‍රධාන නගර වල Peak Time හෙවත් කාර්යබහුල වේලාවලදී මේ සිදුවීම සුලබව දැකිය හැකිය.

නමුත් මෙය වික්ටෝරියානු ප්‍රාන්තයේ මාර්ග නීති උල්ලංඝනය කිරීමක් බව ඔබ දන්නවාද?

Road Rule 128
Source: Pexels

වික්ටෝරියානු ප්‍රාන්තයේ මාර්ග නීති අංක 128

මහා මාර්ගයක පදිකයින් හට පාර මාරු වීමට ඇති තීරය අවහිර නොකිරීමට වග බලාගැනීම වික්ටෝරියානු ප්‍රාන්තයේ ඇති මාර්ග නීතියකි.

වික්ටෝරියානු ප්‍රාන්තයේ මාර්ග නීති අංක 128 යටතේ එය සඳහන්.

නමුත් මෙල්බර්න් නුවර බොහෝ රියදුරන් මෙම මාර්ග නීතිය අමු අමුවේම උල්ලංඝනය කරන බව ඇතැම් පිරිස් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ඡායාරූප සහිතව පළ කර ඇති බව news.com.au වෙබ් අඩවිය වාර්තා කරයි.

අධික වාහන තදබදයක් සහිත මාර්ගයක වර්ණ සංඥා එළි සහිත මංසන්ධියකින් රිය ධාවනය කරන විට රතු පැහැති සංඥා එළිය දැල්වීම ආරම්භ වන විටදී බොහෝ වාහන මංසන්ධිය මධ්‍යයේ ඇති අතර තවත් වාහන මාර්ගය හරහා වැටී ඇති පදික මාරු තීරයේ පසුවෙයි.

එහිදී කොළ පැහැති එළිය දැල්වී තිබුණද පදික මාරුවන තීරුවේ වාහන ඇති නිසා පදිකයින්ට පාර මාරු වීමට අවස්ථාව නොලැබෙයි.

Road Rule 128
Source: Pexels

දඩ මුදල

මෙම 128 වන මාර්ග නීතිය උල්ලංඝනය කළහොත් $159 ක දඩ මුදලක් හිමිවන අතර demerit points 3 ක් හෝ 4 ක් හිමිවනු ඇත.

පසුගිය වසරේදී පමණක් මෙම 128 වන මාර්ග නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් 300 කට අධික පිරිසකට දඩ පැනවීමට වික්ටෝරියානු පොලීසිය කටයුතු කර ඇති බවට news.com.au වෙබ් අඩවිය වාර්තා කරයි.

2017 වසරේදී එම ප්‍රමාණය 223 ක් බවද සඳහන්.

නමුත් වික්ටෝරියානු ප්‍රාන්තයේ වැඩියෙන්ම උල්ලංඝනය කරන මාර්ග නීතිය වන්නේ වේග සීමාව ඉක්මවා යාම බවද සඳහන්.

නියමිත වේග සීමාව 10km/h ට වඩා අඩුවෙන් ඉක්මවා යාම නිසා 2017 වසරේදී දඩ පැනවූ රියදුරන් සංඛ්‍යාව 923,074 ක් බවද වාර්තා වේ.

Road Rule 128
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now