මිනිසා සඳ මත පා තබා පසුගිය ජූලි 20 වන දිනට වසර 50 ක් සැපිරිණි.
අභ්‍යවකාශ තරණයේ යෝධ පිම්මක් ලෙස ඉතිහාසගත වූ මෙම සිදුවීම සමස්ත ලෝකයටම එක ලෙස වැදගත් වූ ඓතිහාසිගත සිදුවීමක් විය.
1969 ජූලි 20 වන දින ඇමෙරිකාවේ “ඇපලෝ 11” මෙහෙයුම හරහා මෙලෙස මිනිසාගේ පා සටහන් සඳ මත තබන්නට හැකියාව ලැබුණි.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
එම සඳ තරණය ඇමෙරිකාවට මෙන්ම ශ්‍රී ලංකාවටද අතිශය ආඩම්බර වීමට හැකි සිදුවීමක් විය.
ඒ සඳෙන් පෘථිවියට ගෙනා පස් පරීක්ෂා කිරීමේ කාර්යය සිදුකළ විද්‍යාඥ කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලැබුවේ ශ්‍රී ලංකාවේ ආචාර්ය සිරිල් පොන්නම්පෙරුම මහතා වීමය.
මින්සාගේ සඳ තරණයේ ස්වර්ණ ජයන්තිය සැමරීම වෙනුවෙන් SBS සිංහල සේවය විසින් මෙම ලිපිය ඉදිරිපත් කරනු ලබයි.

සඳට පා තැබීමට පෙර
'ඇපලෝ 11' මෙහෙයුම සිදුවන්නේ එවකට අමෙරිකාවත් සෝවියට් සංගමයත් අතර පැවති අභ්‍යවකාශ තරගයේ ප්‍රතිඵලයක් ලෙසටය.
වසර 1969 න් ඔබ්බට ගියහොත් 1957 වසරේදී සෝවියට් සංගමය විසින් අභ්‍යවකාශයට පළමු චන්ද්‍රිකාව "ස්පුට්නික් 01" නමින් නිකුත් කරනු ලැබීය.
ඊට සති කිහිපයකට පසුව අමෙරිකාවත් සිය චන්ද්‍රිකාවක් අභ්‍යකාශගත කිරීමට සමත් විය.
කෙසේවෙතත්, මිනිසුන් රහිත යානයක් සඳ මතට යැවීමට 1959 වසරේදී සෝවියට් දේශයට හැකියාව ලැබුණි.
මෙය සෝවියට් සංගමයත් අතර පැවති අභ්‍යවකාශ තරගයේ ඇමෙරිකාවට යම් පසුබෑමක් ඇතිකරන තත්ත්වයක් ඇති කරන්නට ද සමත් විය.
මේ අතර 1961 මාර්තු 12 වන දින අභ්‍යවකාශයට ඉතිහාසයේ පළමු වරට මිනිසෙකු යැවීමටද සෝවියට් සංගමය කටයුතු කළේය.
ඒ අනුව අභ්‍යවකාශයට ගිය ලෝක ඉතිහාසයේ පළමු මිනිසා බවට "යූරී ගගාරින්" පත් විය.

ඓතිහාසික ප්‍රකාශය
අභ්‍යවකාශ තරණයේ සෝවියට් දේශය එතෙක් ලැබූ ජයග්‍රහණ වලට අභියෝග කිරීමක් ලෙස 1961 මැයි 25 වන දින එවකට ඇමෙරිකානු ජනාධිපතිව සිටි ජෝන් එෆ් කෙනඩි මහතා විසින් මිනිසාගේ සඳ තරණ මෙහෙයුම පිළිබඳ ලෝක ප්‍රසිද්ධ ප්‍රකාශය සිදු කරනු ලැබුවේය.
ඒ පිළිබඳ ආතර් සි. ක්ලාර්ක් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ජෙනරාල් හා ප්‍රධාන විධායක නිලධාරී, ඉංජිනේරු සනත් පනාවැන්න මහතා SBS සිංහල සේවයට පැවසුවේ මෙවැනි අදහසකි.

“ඇපලෝ 11” මෙහෙයුම
"ඇපලෝ 11" මෙහෙයුම සඳහා අභ්‍යවකාශගාමීන් තිදෙනෙකු ඇමෙරිකාව විසින් තෝරාගත්තේය.
නීල් ආම්ස්ට්‍රෝන්, එඩ්වින් ඕල්ඩ්‍රීන් සහ මයිකල් කොලින්ස් එම අභ්‍යවකාශගාමීන් තිදෙනාය.
ඇපලෝ 11 මෙහෙයුමට පෙරාතුව "ජෙමිනි" යනුවෙන් එක්තරා අභ්‍යවකාශ වැඩසටහනක් තිබූ බව පනාවැන්න මහතා SBS සිංහල සේවයට පැවසීය.
සඳට යාමට පෙර තාක්ෂණික වශයෙන් පූර්ව සූදානමක් ඇතිකරගැනීම එහි මූලික අරමුණ විය.
එහිදී අත්හදා බැලුණු තාක්ෂණය ඉතා වැදගත් වූ බව ආතර් සි. ක්ලාර්ක් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ජෙනරාල් හා ප්‍රධාන විධායක නිලධාරී, ඉංජිනේරු සනත් පනාවැන්න මහතා SBS සිංහල සේවයට පැවසුවේය.

“ඇපලෝ 11” මෙහෙයුම ට ශ්‍රී ලාංකික දායකත්වය
“ඇපලෝ 11” මෙහෙයුම හරහා සඳෙන් පෘථිවියට ගෙනා පස් පරීක්ෂා කිරීමේ කාර්යය සිදුකළ විද්‍යාඥ කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලැබුවේ ශ්‍රී ලංකාවේ ආචාර්ය සිරිල් පොන්නම්පෙරුම මහතා විසිනි.
එමෙන්ම ජීවයේ සම්භවය පිළිබද මුඛ්‍ය අදහසක් පළ කළ විද්වතෙක් ලෙස ද ඔහු හැඳින්වෙයි.
ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ පළමු අධ්‍යක්‍ෂවරයා ලෙස ඔහු 1984 වසරේදී පත් වීමද තවත් සුවිශේෂී සිදුවීමක් බව ආතර් සි. ක්ලාර්ක් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ජෙනරාල් හා ප්‍රධාන විධායක නිලධාරී, ඉංජිනේරු සනත් පනාවැන්න මහතා SBS සිංහල සේවයට පැවසුවේය.

එමෙන්ම ලෝක අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ ප්‍රගමනයට දායකවූ සහ ඒ සඳහා සිදුකළ සේවය වෙනුවන් ඇගයීමට පාත්‍රවූ තවත් ශ්‍රී ලාංකිකයෙක් ඉතිහාසයේ සඳහන් වෙයි.
ඔහු පිළිබඳ සනත් පනාවැන්න මහතා SBS සිංහල සේවයට පැවසුවේ මේ ආකාරයෙනි.

අභ්‍යවකාශ තරණයේ අනාගත මෙහෙයුම්
සඳට පා තැබීමෙන් අනතුරුව තවත් ග්‍රහ ලෝක කිහිපයක්ම ගවේෂණය කිරීමට මිනිසා මේ වන විට කටයුතු කරමින් සිටියි.
ඒ අතර අභ්‍යවකාශයේ තවත් බොහෝ දේ සොයාබැලීමට මිනිසා උනන්දු වෙමින් සිටියි.
මේ වන විට අභ්‍යවකාශ තරණයේ අනාගත මෙහෙයුම් කිහිපයක් පිළිබඳව අපට විදෙස් වාර්තා වලින් අසන්නට ලැබී තිබේ.
ඒ පිළිබඳ ආතර් සි. ක්ලාර්ක් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ජෙනරාල් හා ප්‍රධාන විධායක නිලධාරී, ඉංජිනේරු සනත් පනාවැන්න මහතා SBS සිංහල සේවයට පැවසුවේ මෙවැනි අදහසකි.


