SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ඉන්දියාවෙන් "මාධ්‍යවේදීන්" ලෙස මිනිස් ජාවාරම් කරුවනුත් ඇවිත් (SBS සිංහල/වාර්තා)

people smuggle
Source: SBS

2 min read

Published

Updated

By Charitha Adikari

Source: SBS News



Skip to article content

Gold Coast හි ආරම්භ වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වීමට ඉන්දියාවෙන් මාධ්‍යවේදීන් ලෙස පැමිණි 9 දෙනෙකු බ්‍රිස්බන් ගුවන් තොටුපලේ ආගමන හා විගමන බලකාය විසින් රදවා ගෙන තිබේ . මොවුන් සැබෑ මාධ්‍යවේදීන් දැයි සැකයක් පළවූ හෙයින් මෙම රදවීම සිදු කොට තිබේ. මෙම පුද්ගලයන් අතරින් එක අයෙකු මිනිස් ජාවාරම් කරුවෙක් බවද සදහන් .

මෙම පුද්ගලයන් ගුවන් ගමන අතරමග බැංකොක් හිදී ඔවුන් පිළිබද සැක පල කල ඕස්ට්‍රේලියානු දේශසීම ආරක්ෂක බලකායේ ගුවන් සේවා සහය නිලධාරියෙකු විසින් ඔවුන් පිළිබඳව බ්‍රිස්බන් නුවරට තොරතුරු ලබා දී තිබේ.

මේ අතර 8 දෙනෙකු සතුව තිබු මාධ්‍ය හැඳුනුම් පත් සාවධ්‍ය ඒවා බවත් , එක පුද්ලයෙකු මිනිස් ජාවාරම් කරුවෙකු ලෙස මෙම ගමන සංවිධානය කර ඇති බවද සදහන්. එම මිනිස් ජාවාරමට සම්බන්ධ වූ Rakesh Kumar Sharma නම් තැනැත්තා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ට වසර 20ක සිර දඩුවමක් පවා ලැබිය හැකි බවට වාර්තා වේ .

අනෙක් පුද්ගලයන් 8 දෙනා දැනට රදවා ගෙන තිබේ. ක්වීන්ස්ලන්තයේ දේශ ආරක්ෂාව පිළිබඳව කොමාන්ඩර් Terry Price පවසන්නේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වන සියලු ක්‍රීඩකයන්, පුහුණු කරුවන් හා මාධ්‍යවේදීන් හට වලංගු වීසා එකක් සහ සියලු ලියකියවිලි තිබිය යුතු බවයි . එසේ පැමිණෙන සියලු දෙනා ගුවන් තොටුපලේදී වීසා හා ඔවුන්ගේ පැමිණීම නීත්යානුකුලද බව පරීක්ෂාවට ලක් කරන බවද ඔහු පවසයි

මේ පිළිබද දහස් දැක්වූ අග්‍රාමාත්‍ය Malcolm Turnbull පවසා ඇත්තේ ඕස්ට්‍රේලියාවේ දේශසීමා ආරක්ෂාවට දිගටම කටයුතු කරන බවයි


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now