SKIP TO MAIN CONTENT

උදයංග වීරතුංග ඩුබායි හිදී අත්අඩංගුවට

Udayanga Weerathunga
Source: dailynews.lk

1 min read

Published

Updated

By Sanjaya Dissanayake



Skip to article content

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ඩුබායි හිදී එරට බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව මාධ්‍ය වාර්තා සදහන් කරයි. FCID හෙවත් ශ්‍රී ලංකා පොලීසියේ  මුල්‍ය  අපරාධ අංශය විසින් සිදුකරන ලද පරීක්ෂණ සහ සැල  කිරීම් වලින් පසුව ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව මුල්‍ය  අපරාධ අංශයේ නියෝජ්‍ය පොලිස්‌පති රවී වෛද්‍ය ලංකාර මහතා Daily News පුවත් පතට ප්‍රකාශ කර තිබේ.

ඊයේ උදෑසන  උදයංග වීරතුංග මහතා ඩුබායි බලධාරීන් විසින්  අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහු ශ්‍රී ලංකාවට භාර දීම පිලිබදව ශ්‍රී ලංකා පොලීසියේ  මුල්‍ය  අපරාධ අංශය සමගින් මේ වන විට සාකච්චා පවත්වමින් සිටින බවත් වැඩි දුරටත් වාර්තා වෙයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now