SKIP TO MAIN CONTENT

රටවල් 20කින් රුසියානු රාජ්‍යතාන්ත්‍රිකයින් හදිසියේම දොට්ට දමයි : ඕස්ට්‍රේලියාවද එයට එක්වෙයි

Malcum Turnbull_ July Bishop
Malcum Turnbull_ July Bishop

2 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News



Skip to article content

ඇමරිකා එක්සත් ජනපදය තම රටෙහි සේවයෙහි යෙදීසිටි රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් 60 දෙනෙකු රටින් පිටුවහල් කරයි. බ්‍රිතාන්‍යයේ රැඳී සිටි රුසියානු රහස් ඔත්තුකරුවෙකු වන සර්ගෙයි ස්ක්‍රිපල් හට විෂ ශරීර ගතකොට මරණයට පත්කිරීමට රුසියාව සම්බන්ද බවට වන චෝදනා හමුවේ , ඇමරිකාව විසින් මෙම තීරණය ගනුලබ ඇත. බ්‍රිතාන්‍යයේ සේවයෙහි යෙදී සිටි රහස් ඔත්තුසේවයේ නියැලී යැයි සැකකරනු ලබන රුසියානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින් විසින් මෙය සිදුකරනු ලබා ඇතිබවට සැක පලව තිබීම මෙයට හේතුවයි. මෙයට රුසියාවේ කිසිඳු සම්බන්දයක් නොමැතිබවට රුසියාව විසින් ප්‍රකාශ කරනු ලැබ  ඇතත් රුසියාවේ ක්‍රියාකලාපය පිලිබඳ විශ්වාසය තැබිය නොහැකි බව ඇමරිකාවේ මෙම තීරණය පිළිබඳව අදහස් දක්වන රුසියාවේ ඇමරිකානු තානාපති ජොන් හන්ට්ස්මන් පවසයි.

එසේම මෙම සිදුවීම පාදක කොටගෙන මේවන විට රටවල් 20 ක රුසියානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින් එම රටවලින් පිටුවහල් කොට තිබේන බව වාර්තා වේ. ඒ අතරට යුරෝපයේ රටවල් 14 ක් ද ඇතුලත්. මේ පිළිබඳව අදහස් දැක්වූ යුරෝපා කවුන්සලයේ සභාපති ඩොනල්ඩ් ටුස්ක් පැවසුයේ මේ සම්බන්දව රුසියාවට එරෙහි සම්භාදක පැනවීමේ හැකියාවන් පිලිබඳ සොයාබැලිමක්ද සිදුකෙරෙනු ඇති බවයි.

මේ අතර ඕස්ට්‍රේලියාවද ඇමරිකාව සහ යුරෝපය අනුව යමින් මෙරට සිටින රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් රටින් පිටුවහල් කිරීමට තීරණය කොට තිබේ.  ඒ අනුව රුසියානු නිලධාරින් දෙදෙනෙකු මෙරටින් පිටත්කොට හැරීම සිදුවෙනු ඇතැයි රජය පවසයි. ඔවුන් දෙදෙනා හට දින 7ක් ඇතුලත මෙරටින් පිටවීමට සිදුවෙනු ඇති බවද සඳහන්. එසේම එළඹෙන ජූනි මසදී රුසියාවේ පැවැත්වෙන ලෝක පාපන්දු කුසලානය වර්ජනය කිරීම පිළිබඳවද රජය සලකා බව ඕස්ට්‍රේලියානු විදේශ ඇමතිනී ජූලි බිෂොප් පවසා සිටී.

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now