SKIP TO MAIN CONTENT

විශ්වාසභංගයේදී රනිල්ගේ පැත්තට තවත් පක්ෂයක සහය ලැබෙයි.

Minister of Sri Lanka Cabinet Patali Champika Ranawaka
Source: Patali Champika Facebook

1 min read

Published

Updated

By Sanjaya Dissanayake


Skip to article content

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන  විශ්වාශභංගයේදී  ජාතික හෙළ උරුමය  ඒ සදහා සහාය  ලබාදෙන්නේ නැති බව එම පක්ෂයේ මහලේඛම්  අමාත්‍ය  පාඨලී  චම්පික රණවක මහතා පවසයි. අදාල විශ්වාශභංග යෝජනාව පිටුපස සිටින කණ්ඩායම මහබැංකු බැදුම්කර වංචාවට වඩා  දරුණු මුල්‍ය  වංචා වලට දායකත්වය ලබාදී ඇති බව ඔහු වැඩි දුරටත් සදහන් කරයි. මහබැංකු බැදුම්කර වංචාව පිලිබදව සොයා බැලීමට අවශ්‍ය පියවර රජය ගෙන ඇති බවත්, අදාල චුදිතයින්ට එරෙහිව කටයුතු කිරීමට රජය පියවර ගෙන ඇති බවත් පාඨලී  චම්පික රණවක මහතා පවසයි.

තවද විශ්වාශභංග යෝජනාව ඉදිරිපත් කරන පිරිස මිග් ගනු දෙනුව වැනි මුල්‍ය  අක්‍රමිකතා මගින් රටට ඩොලර් මිලියන 6.8කට ආසන්න  මුදලක් අහිමි කර ඇති බවත් ඒ නිසා එවන් පිරිසක් පිටුපස සිටින විශ්වාශභංගයට තම පක්ෂය සහාය  නොදෙන බවත් ජාතික හෙළ උරුමයේ  මහලේඛම් වරයා වැඩි දුරටත් සදහන් කරයි.

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now