පාස්කු ඉරිදා ලංකාව හතර වටේ බෝම්බ පිපිරවූ බෝම්බකරුවන්ගේ පැටිකිරිය මෙන්න. (SBS සිංහල/වාර්තා)

Sri Lanka attacks

Source: SBS

පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ සිදුකළ බෝම්බ ප්‍රහාර වලට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බ කරුවන් දෙදෙනෙකු දෙමටගොඩ ප්‍රදේශයේ කෝටිපති කුළුබඩු ව්‍යාපාරිකයෙකුගේ පුතුන් දෙදෙනෙකු බව මේ වන විට වාර්තා වේ.

පසුගිය ඉරිදා සිදුකළ ත්‍රස්ත ප්‍රහාර වලින් මේ වන විට 359 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.


 SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

 මේ ප්‍රහාරයේ වගකීම IS සංවිධානය බාරගත් බවට ඊයේ වාර්තා වූ අතර මේ වන විට සිදුවීම් වලට සම්බන්ධව 58 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Sri Lanka attacks
Source: SBS

ඉන්ෂාෆ් ඊබ්‍රාහීම් හා ඔහුගේ සොයුරු ඉල්හාම් ඊබ්‍රාහීම්

පසුගිය ඉරිදා සිදු කළ පිපිරීම් 9 න් තුනක් සිදුවුයේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ්, ෂැන්ග්‍රිලා සහ කින්ග්ස්බරි යන තරු පහේ හෝටල් වලය.

එහිදී සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ බෝම්බය පුපුරුවා හරියේ 33 හැවිරිදි ඉන්ෂාෆ් ඊබ්‍රාහීම් බව මේ වන විට වාර්තා වේ.

ඉන්ෂාෆ් ඊබ්‍රාහීම් තඹ ආශ්‍රිත කර්මාන්ත ශාලාවක් වැල්ලම්පිටියේ පවත්වාගෙන ගිය අතර ඔහු විවාහයෙන් පසු මහනුවර නිවසක පදිංචිව සිටි බවද සඳහන්.

ඉන්ෂාෆ් ඊබ්‍රාහීම් අප්‍රේල් 21 වන ඉරිදා උදෑසන සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ උදෑසන ආහාරය ලබාදුන් අවන්හල් පරිශ්‍රයට ගොස් මෙම ඔහුගේ බෝම්බය පුපුරුව හැර ඇති බව මේ වන විට ලැබී ඇති CCTV දර්ශන වලින් අනාවරණය වී තිබේ.

ඉන්ෂාෆ් ගේ 31 වියෙහි පසුවූ සොයුරා වන ඉල්හාම් ඊබ්‍රාහීම් ෂැන්ග්‍රිලා හෝටලයේ බෝම්බය පුපුරුවා හැර ඇති බව වාර්තා වේ.

ඔහු සිය පියා සමග දෙමටගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසේ පදිංචිව සිට ඇති අතර හෝටලයේ බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව ලැබුණු තොරතුරු අනුව පොලීසිය සහ ආරක්ෂක හමුදා එම නිවාසය පරීක්ෂා කළෝය.

එහිදී ඉල්හාම් ගේ ගැබිණි බිරිඳ දරුවන් බෝම්බයක් පුපුරුවාගනිමින් ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා වේ.

පොලිස් මෙහෙයුම අතර නිවාසය තුළ බෝම්බය පුපුරුවා හැරීම සිදුකර ඇත්තේ ඉල්හාම් ගේ බිරිඳ වූ ෆාතිමා බව ABC පුවත් සේවය වාර්තා කරයි.

ඉන්ෂාෆ් සහ ඉල්හාම් ගේ පියා වන සුප්‍රසිද්ධ කුළු බඩු ව්‍යාපාරිකයා වන මොහොමඩ් ඊබ්‍රාහීම් මෙම සිද්ධියෙන් අනතුරුව අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් විය.

මොහොමඩ් ඊබ්‍රාහීම් ට පුතුන් සය දෙනෙකු මෙන්ම දියණියන් තිදෙනෙකු සිටි බව වාර්තා වේ.

ඔහු ප්‍රදේශයේ දුප්පත්ට උදව් උපකාර කරමින් සිටි පුද්ගලයෙකු බවට ඉතා ප්‍රසිද්ධියක් ඉසිලූ නමුත් ඔහුගේ දරුවන් මෙවැනි ත්‍රස්ත ක්‍රියාවක් සිදුකරනු ඇතැයි කිසිවිටෙක හෝ නොසිතූ බව මොහොමඩ් ඊබ්‍රාහීම් ගේ අසල්වාසී කාන්තාවක් වන ෆාතිමා ෆස්ලා පැවසුවාය.
Sri Lanka attacks
Source: Daily News

ඉල්හාම් ඊබ්‍රාහීම් සහ තවුහීත් ජමාත්

ඉල්හාම් ඊබ්‍රාහීම් තවුහීත් ජමාත් නමැති අන්තවාදී මුස්ලිම් සංවිධානයත් සමග සෘජුව කටයුතු කළ බවත් ඉස්ලාම් අන්තවාදී අදහස් ඔහු විවෘත ලෙස ප්‍රකාශ කළ අයෙක් බවත් ප්‍රසිද්ධය.

පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර වලට සෘජුව වගකිව යුත්තේ මෙම තවුහීත් ජමාත් අන්තවාදී ඉස්ලාම් සංවිධානය බව ශ්‍රී ලංකා රජය මේ වන විට පවසා ඇති නමුත් තවමත් එය ත්‍රස්තවාදී සවිධනයක් ලෙස නම් කර හෝ තහනම් කර හෝ නොමැත.

සාමාන්‍ය ජීවිතයක් ගත කරමින් පසුවූවා යයි පැවසෙන ඉන්ෂාෆ් ගේ මනසද අන්තවාදී මුස්ලිම් අදහස් වලින් පෝෂණය කරනු ලැබුවේ ඔහුගේ බාල සොයුරු වූ ඉල්හාම් ඊබ්‍රාහීම් බව මේ වන විට වාර්තා වේ.

ඉන්ෂාෆ් විවාහ වී සිටියේ ශ්‍රී ලංකාවේ ධනවත් රන්බඩු ව්‍යාපාරිකයෙකුගේ දියණියක් සමග බවත් ඔහුට මුදල් අතින් කිසිදු ගැටළුවක් නොතිබූ බවත් සඳහන්.
Sri Lanka attacks
Source: SBS

අබ්දූල් ලතීෆ් ජමීල් මොහොමඩ්

පාස්කු ඉරිදා සිදුකළ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ එක් මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු තම උපාධිය එක්සත් රාජධානියේ හදාරා පසුව පශ්චාත් උපාධිය ඔස්ට්‍රේලියාවෙන් හැදෑරු පුද්ගලයෙකු බව ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන පැවසීය.

ඔහු අබ්දූල් ලතීෆ් ජමීල් මොහොමඩ් බව ශ්‍රී ලංකාවේ ආරංචි මාර්ග පවසයි.

මෙම බෝම්බ ප්‍රහාර වලට සම්බන්ධ බොහෝ දෙනෙකු ඉහළ අධ්‍යාපනයක් ලැබූ අය බවත් ඔවුන් සියලු දෙනාම මධ්‍යම හෝ ඉහළ මධ්‍යම පන්ති පවුල් වල හොඳ ආර්ථික පසුබිමක් සහිත පවුල් වලින් පැමිණෙන අය බවත් අමාත්‍ය රුවන් විජේවර්ධන ඊයේ (24/04) වැඩි දුරටත් පැවසීය.
Sri Lanka attacks
Source: AAP

දේවගැති සහරාන් හෂීම්

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට ඉස්ලාම් දේවගැති සහරාන් හෂීම් ද වක්‍රව හෝ සම්බන්ධවී ඇති බවට ශ්‍රී ලංකා රජය චෝදනා කරයි.

ශ්‍රී ලංකාවේ ජාතික තවුහීඩ් ජමාත් සංවිධානයට නායකත්වය සපයමින් මෙම දැවැන්ත ප්‍රහාර මාලාවට මෙහෙයවීමේ නායකත්වය දරනු ලැබුවේ දේවගැති සහරාන් හෂීම් බව විශ්වාස කෙරේ.

වසර ගණනක සිට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව සහරාන් හෂීම් පිළිබඳ අනතුරු ඇඟවීම් සිදුකළ බවද මේ වන විට වාර්තා වේ.

පාස්කු ඉරිදා ශ්‍රී ලංකා ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම IS සංවිධානය බාරගත් බවට පවසමින් නිකුත් කළ වීඩියෝවේද සහරාන් හෂීම් පැහැදිලිව දක්නට ලැබේ.

එම වීඩියෝවේ පුද්ගලයින් 8 දෙනෙකු සිටින අතර ඔවුන්ගෙන් 7 දෙනෙකුගේම මුහුණු ආවරණය කර තිබු නමුත් සහරාන් හෂීම් ගේ මුහුණ පමණක් නිරාවරණය කොට තිබුණි.
Sri Lanka attacks
Zahran Hashim Source: YouTube

සහරාන් හෂීම් ගේ ඉස්ලාම් අන්තවාදය

තම අන්තවාදී ඉස්ලාම් කටුයුතු සඳහා සහරාන් හෂීම් YouTube සහ Facebook හරහා දහස් ගණනක පිරිවරක් නතු කරගෙන තිබුණි.

සහරාන් හෂීම් පිළිබඳ පැවති සැක සහිත බව නිසාම තමන් බලධාරීන් වෙත ඒ බව දැනුම් දුන් බව ශ්‍රී ලංකා මුස්ලිම් සභාවේ උප සභාපති හිල්මි අහමඩ් පැවසීය.

මොහු තනිව වාසය කළ අයෙකු බවත් ඔහු කුරාන් පන්ති පවත්වා මුස්ලිම් තරුණයන්ව අන්තවාදයට පොලඹවා ගත් බවත් හිල්මි අහමඩ් පැවසීය.

නමුත් මෙවනිවූ බරපතල ප්‍රහාරයක් මොවුන්ට එල්ල කිරීමට හැකිවනු ඇතැයි තමන් කිසිවිටෙක හෝ නොසිතු බවද හිල්මි අහමඩ් ප්‍රකාශ කළේය.

IS සංවිධානය මෙම ප්‍රහාර වලට ලබාදුන් දායකත්වය සම්බන්ධ ශ්‍රී ලංකා රජය මේ වන විට විමර්ශන සිදුකරමින් සිටී.

නමුත් සහරාන් හෂීම් හට බොහෝ ජාත්‍යන්තර සහය සහ සම්බන්ධකම් තිබු බව ශ්‍රී ලංකා මුස්ලිම් සභාවේ උප සභාපති හිල්මි අහමඩ් පැවසීය.

ඔහුගේ සියලු වීඩියෝ අන්තර්ජාලයට upload කර ඇත්තේ ඉන්දියාවේ සිට බව ද හිල්මි අහමඩ් සඳහන් කළේය.

ඔහු මේ වන විට ජීවත්වනවා ද නැතිනම් මියගොස් ඇත්ද යන්න තමන් නොදන්නා බවද හිල්මි අහමඩ් අවසන් වශෙයන් පැවසුවේය.

ඉරිදා බෝම්බ ප්‍රහාරය එල්ල කළ බවට සැකකරෙන බෝම්බ කරුවන්ගේ සිරුරු වල කොටස් මේ වන විට පොලීසිය DNA පරීක්ෂණ සඳහා යොමුකරමින් සිටිති.

එහිදී සහරාන් හෂීම් පිළිබඳ තොරතුරු සොයා ගැනීම ප්‍රධානතම කරුණ බවත් ඔහු පිළිබඳ යම් තොරතුරක් කවුරුන් හෝ දනී නම් එය දන්වන ලෙස  ශ්‍රී ලංකා පොලීසිය පවසයි.
Sri Lanka attacks
M.L.A.M hizbullah Source: YouTube

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ලා ට තවුහීත් ජමාත් සම්බන්ධකම්

ශ්‍රී ලංකාවේ තවමත් ක්‍රියාත්මක ඉස්ලාම් අන්තවාදී සංවිධානයක් වන ජාතික තවුහීත් ජමාත් සංවිධානය සමග නැගෙනහිර පළාත් ආණ්ඩුකාර M.L.A.M. හිස්බුල්ලා සම්බන්ධකම් පැවැත්වූ බවට TNA පාර්ලිමේන්තු මන්ත්‍රී M. A. සුමන්තිරන් ඊයේ (24/04) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඊට අමතරව ජාතික තවුහීත් ජමාත් සංවිධානය සමග තවත් දේශපාලකයින් සම්බන්ධකම් පවත්වා ඇති බවට සැක කරන බවත් ඒ සියලු දෙනා පිළිබඳ ශ්‍රී ලංකා රජය වාහම පරීක්ෂණ ආරම්භ කළ යුතු බවත් TNA පාර්ලිමේන්තු මන්ත්‍රී M. A. සුමන්තිරන් එහිදී පැවසීය.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share

Published

Updated

By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
පාස්කු ඉරිදා ලංකාව හතර වටේ බෝම්බ පිපිරවූ බෝම්බකරුවන්ගේ පැටිකිරිය මෙන්න. (SBS සිංහල/වාර්තා) | SBS Sinhala