BREAKING: ලංකාවේ බෝම්බ ප්‍රහාර වල වගකීම IS සංවිධානය බාර ගනී. තව්හිද් ජමාද් තවමත් තහනම් කර නැහැ.

Sri Lanka attacks

Source: AAP

පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවට එල්ල කළ බෝම්බ ප්‍රහාර වල වගීකම IS සංවිධානය බාරගෙන තිබේ.

ස්ථාන 8 ක ඇතිවූ පිපිරීම් 9 කදී මේ වන විට 321 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් 500 ක් පමණ තුවාල ලබා ඇති බවත් වාතා වේ.

IS සංවිධානය ප්‍රහාරයේ වගකීම බාරගත් බව එම සංවිධානයේ පුවත් ඒජන්සියක් වන AMAQ හරහා දැනුම් දී ඇත.

නමුත් ඔවුන් තවමත් ඒ සඳහා කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නොමැත.

මේ අතර ශ්‍රී ලංකාවට එල්ල කළ මෙම ත්‍රස්ත ප්‍රහාරය නවසීලන්තයේ Christchurch නුවර සිදුකළ මිනිස් සංහාරයට පලිගැනීමක් ලෙස සිදුකල බවට තොරතුරු ලැබී ඇතැයි ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

මේ අතර IS සංවිධානයේ සහයෝගය ඇතිව මේ ප්‍රහාර දියත් කිරීමට ශ්‍රී ලංකාවේ කුඩා සංවිධානයක් කටයුතු කළ බව අගමැති රනිල් වික්‍රමසිංහ පැවසුවේය.

නමුත් මෙය සිදු කිරීමට ප්‍රධාන සැකකරු ලෙස තව්හිද් ජමාද් සංවිධානය අගමැති රනිල් එහිදී පවසා නොමැත.

ජාත්‍යන්තර සහයක් ලැබුණද ශ්‍රී ලංකාව තුළ මෙවැනි ආකාරයේ ප්‍රහාරයක් දියත් කිරීමට දේශීය වශයෙන් ප්‍රබල සංවිධානාත්මක ශක්තියක් සහ අනුග්‍රහයක් අවශ්‍ය බව ආරක්ෂක අංශ පවසයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රබල මුස්ලිම් දේශපාලකන් කිහිප දෙනෙකුටම මේ වන විට චෝදනා එල්ල වෙමින් පවතී.

මේ අතර තව්හිද් ජමාද් සංවිධානය යනු ඉසලාමීය අන්තවාදී සංවිධානයක් වන අතර එය තහනම් කරන ලෙස පසුගිය වසර කිහිපය පුරාවටම විවිධ නායකයින් සහ සංවිධාන ඉල්ලීම් කර තිබුණි.

නමුත් මේ වන විටත් එම සංවිධානය ශ්‍රී ලංකාව තුළ තහනම් කිරීමට ශ්‍රී ලංකා රජය කිසිදු පියවරක් ගෙන නොමැත.

----------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

----------------------------------------------------------------------------------------------------


2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now