SKIP TO MAIN CONTENT

විවිධ ස්ථාන වලට ගහන බව දැනගෙන හිටියා, නමුත් මෙහෙම ගහයි කියල හිතුවේ නැහැ : ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු

Sri Lanka bomb blast situation
Hemasiri Fernando Source: Daily News

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකාවේ විවිධ ස්ථාන වල ප්‍රහාර සිදුවන බවට තොරතුරු ලැබුණු නමුත් මෙතරම් මහා පරිමාණයේ සිදුවීමක් සිදුවනු ඇතැයි නොසිතූ බව ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ඊයේ (22/04) පැවසුවේය.

බෝම්බ පිපිරීමට හසුවූ කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි කතෝලික දේවස්ථානය නිරීක්ෂණයට පැමිණි විට වීදේශීය මාධ්‍යවේදියෙකු මෙම ප්‍රහාර සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයාගෙන් ප්‍රශ්න කළ විට ඔහු එලෙස පැවසුවේය.

ප්‍රහාර එල්ල වන බව කලින් දැන දැනත් ශ්‍රී ලංකාවේ කතෝලික දේවස්ථාන වෙත ආරක්ෂාව නොයෙදුවේ ඇයිදැයි විදේශ මාධ්‍යවේදියා ආරක්ෂක ලේකම්වරයාගෙන් ප්‍රශ්න කළ විට ඔහු පැවසුවේ ශ්‍රී ලංකාවේ කතෝලික දේවස්ථාන විශාල ප්‍රමාණයක් ඇති බවත් ඒ සියලු ස්ථාන වලට ආරක්ෂාව ලබා දෙන්නේ කෙලෙසද බවත්ය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now