ශ්‍රී ලංකාවේ පිපිරීම් වලින් මිය ගිය පිරිස 290 දක්වා ඉහළට.

Sri Lanka bomb blast situation

Source: SBS

ශ්‍රී ලංකාවේ ඊයේ (21/04) ස්ථාන 8 ක සිදුවූ පිපිරීම්වලින් මේ වනවිට පුද්ගලයන් 290ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසීය.

මේ අතර තවත් පුද්ගලයින් 500 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවද ඔහු සඳහන් කළේය.

බෝම්බ පිපිරීම්වලට අදාළව පුද්ගලයින් 24 දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවත් ඔවුන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරන බවත් වාර්තා වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

මේ වනවිට තවදුරටත් ශ්‍රී ලංකාව පුරා අඛණ්ඩ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කෙරෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර වැඩි දුරටත් පැවසුවේය.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


1 min read

Published

Updated

By Madhura Seneviratne


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now