ලංකාවේ පිපිරීම් වලින් එක් ඔස්ට්‍රේලියානුවෙකු තුවාල ලබයි.

DFAT confirms an Australian injured in the attacks

Source: SBS

ශ්‍රී ලංකාවේ ඊයේ සිදුවූ බෝම්බ ප්‍රහාර වලින් එක් ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

නමුත් මියගිය පිරිස් අතරින් කිසිදු ඔස්ට්‍රේලියානුවෙකු මේ වන විට වාර්තා නොවන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ජ්‍යෙෂ්ඨ කැබිනට් අමාත්‍යවරයෙකු වන Simon Birmingham පැවසීය.

පිපිරීම් වලින් තවත් ඔස්ට්‍රේලියානුවන් අනතුරට පත්වී ඇත්දැයි සොයාබැලීමට ශ්‍රී ලංකා බලධාරීන් සමග ඔස්ට්‍රේලියානු විදේශ දෙපාර්තමේන්තුව දිගින් දිගටම කටයුතු කරන බවද ඔහු පැවසීය.

ශ්‍රී ලංකාවේ ඊයේ (21/04) ස්ථාන 8 කදී සිදුවූ බෝම්බ පිපිරීම් සිද්ධි හේතුවෙන් මේ වන විට 228 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් 500 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවත් වාර්තා වේ.

කොළඹ කොච්චි කඩේ දේවස්ථානය, කටාන කටුවාපිටිය දේවස්ථානය, මඩකලපුව සියොන් දේවස්ථානය, කොළඹ ශැන්ගිලා හෝටලය, කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය, කොළඹ කින්ග්ස්බරි හෝටලය, දෙහිවල සහ දෙමටගොඩ යන ස්ථාන අටෙහි මෙම පිපිරීම් සිදුව ඇත.

එම පිපිරීම් වලින් විදේශිකයන් 32ක් මියගොස් ඇති බවත් තවත් විදේශිකයින් 30 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවත් වාර්තා වේ.

මිය ගිය විදේශිකයින් බ්‍රිතාන්‍ය,  ඇමෙරිකාව,ඉන්දියාව, ඩෙන්මාර්කය, තුර්කිය සහ පෘතුගාලය යන රටවලින් පැමිණි අය බවද වාර්තා වේ.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now