SKIP TO MAIN CONTENT

ලංකාවේ බෝම්බ පිපිරීම් සිද්ධි වලින් මිය ගිය පිරිස 228 දක්වා ඉහළට. විදේශිකයින් 32ක් මරුට.

Sri Lanka bomb blast situation
Source: Daily News

2 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකාවේ ඊයේ (21/04) ස්ථාන 8 කදී සිදුවූ බෝම්බ පිපිරීම් සිද්ධි හේතුවෙන් මේ වන විට 228 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් 500 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවත් වාර්තා වේ.

කොළඹ කොච්චි කඩේ දේවස්ථානය, කටාන කටුවාපිටිය දේවස්ථානය, මඩකලපුව සියොන් දේවස්ථානය, කොළඹ ශැන්ගිලා හෝටලය, කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය, කොළඹ කින්ග්ස්බරි හෝටලය, දෙහිවල සහ දෙමටගොඩ යන ස්ථාන අටෙහි මෙම පිපිරීම් සිදුව ඇත.

අදාළ දේවස්ථාන වල ඊයේ පෙරවරුවේ පාස්කු දේව මෙහෙය පවත්වන වෙලාවේ මෙම පිපිරුම් සිදුවී ඇති අතර මේ සියලු පිපිරීම් සංවිධානාත්මකව සිදුකළ පිපිරුම් බවට ආරක්ෂක අංශ සැක කරයි.

එම පිපිරීම් වලින් විදේශිකයන් 32ක් මියගොස් ඇති බවද වාර්තා වේ.

ඔවුන් බෙල්ජියම, චීනය, එක්සත් රාජධානිය හා අමෙරිකාව යන රටවලින් ශ්‍රී ලංකාවට පැමිණි බව සඳහන්.

මේ අතර අනතුරට පත් විදේශිකයන් පිළිබඳ තොරතුරු ලබා ගැනීමට ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ විශේෂ ඒකකයක් ද පිහිටුවා ඇති අතර +94112323015 යන දුරකථන අංකයෙන් ඒ පිළිබඳ තොරතුරු දැනගැනීමට හැකිවේ.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now