ශ්‍රී ලංකාවේ ත්‍රස්ත ප්‍රහාර ඔස්ට්‍රේලියානු අගමැති සහ විපක්ෂ නායක දැඩි ලෙස හෙළා දකියි.

Australian government & Opposition have condemned the Sri Lankan Terror attacks.

Source: AAP

ශ්‍රී ලංකාවේ ඊයේ (21/04) සිදුවූ ත්‍රස්ත ප්‍රහාර ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් දැඩි ලෙස හෙළා දකින බව ඔස්ට්‍රේලියානු අග්‍රමාත්‍ය Scott Morrison විශේෂ වීඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් පැවසීය.

බෝම්බ පිපිරීම් වලින් ජීවිතක්ෂයට පත් සහ තුවාල ලැබූ සියලු දෙනාට කණගාටුව පළ කරන බවත් ශ්‍රී ලංකාවට ඔස්ට්‍රේලියාවේ සහය ලබාදෙන බවත් අගමැති මොරිසන් එහිදී වැඩි දුරටත් පැවසීය.

මේ අතර ශ්‍රී ලංකාවේ ඊයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාර කම්කරු  පක්ෂයද දැඩි ලෙස හෙළාදකින බව ඔස්ට්‍රේලියාවේ විපක්ෂ නායක Bill Shorten පවසයි.

ඔස්ට්‍රේලියාවේ සංවර්ධනයට ශ්‍රී ලාංකික සංක්‍රමණික ප්‍රජාව ප්‍රබල දායකත්වයක් සපයා ඇති බවත් සිදුවීම් වලින් අනතුරට පත්වූ සියලු ශ්‍රී ලාංකිකයින්ට සිය කණගාටුව පළ කරන බවත් විපක්ෂ නායක Bill Shorten එහිදී පැවසීය.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now