පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ සිදුවූ බෝම්බ ප්‍රහාර වලින් මේ වන විට පුද්ගලයින් 310 ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවත් 500 කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවත් වාර්තා වේ.
එම ප්‍රහාර වලින් ශ්‍රී ලාංකේය ජනතාව මෙන්ම විදේශිකයින්ද ජීවිතක්ෂයට පත්ව තිබේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
එහිදී විදේශිකයින් 40 කට ආසන්න ප්‍රමාණයක් මරුමුවට පත්ව ඇති බවත් තවත් 35 කට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ඇති බවත් මේ වන විට වාර්තා වේ.
මිය ගිය විදේශිකයින් ඔස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍ය, ඇමෙරිකාව,ඉන්දියාව, ඩෙන්මාර්කය, තුර්කිය සහ පෘතුගාලය යන රටවලින් පැමිණි අය බවද වාර්තා වේ.

මිය ගිය ඔස්ට්‍රේලියානුවන්
ශ්‍රී ලංකාවේ බෝම්බ ප්‍රහාර සිදුවීම් වලින් ඔස්ට්‍රේලියානුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison මහතා ඊයේ (22/04) ප්‍රකාශ කළේය.
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ශ්‍රී ලාංකික ඔස්ට්‍රේලියානු මවක් වන මැණික් සුරිආරච්චි මහත්මිය සහ ඇගේ 10 හැවිරිදි දියණිය Alexandria බව සඳහන්.
සුරිආරච්චි මහත්මියගේ සැමියා එම පිපිරුම වන අවස්තාවේදී සිය මෝටර් රථය ගාල් කරමින් සිටි නිසා ඔහු එම පිපිරුමෙන් දිවි ගලවාගෙන තිබේ.
තම පවුලේ සාමාජිකයෙකු රැක බලා ගැනීම සදහා ඔවුන් මීට වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාවට ගොස් ඇත.

මේ අතර පර්ත් නුවර විසූ යුවලක්ද මෙම බෝම්බ ප්‍රහාර නිසා ජීවිතක්ෂයට පත්වූ බව අද (23/04) වාර්තා විය.
Sally Bradley සහ Bill Harrop නමැති යුවළ මෙසේ මිය ගොස් ඇතැයි සඳහන්.

මේ අතර ශ්‍රී ලංකාවේ ත්‍රස්ත ප්‍රහාර වලින් තවත් ඔස්ට්‍රේලියානු ජාතිකයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
වයස අවුරුදු 50 ක සහ 20 ක ඔස්ට්‍රේලියානු කාන්තාවන් දෙදෙනෙකු එලෙස තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
නමුත් ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවද සඳහන්.
ශ්‍රී ලංකාවේ ත්‍රස්ත ප්‍රහාර වලින් මිය ගිය සහ තුවාල ලැබූ සියලු දෙනා හට ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison සිය කණගාටුව පළ කර සිටියේය.

සූපවේදිනී ශාන්තා මායාදුන්නේ සහ ඇගේ දියණිය
ශ්‍රී ලංකාවේ ප්‍රකට රූපවාහිනී සූපවේදිනීයක් වූ ශාන්තා මායාදුන්නේ මහත්මිය සහ ඇගේ දියණිය නිසංගා මායාදුන්නේ මෙනවිය ද කොළඹ ශැන්ගිලා හෝටලයට එල්ලවූ බෝම්බ ප්‍රහාරයෙන් මිය ගියහ.
ඔවුන් සිය පවුලේ උදවිය සමග පාස්කු ඉරිදා උදෑසන ආහාරය ගැනීමට කොළඹ ශැන්ගිලා හෝටලයට ගොස් ඇති අතර උදෑසන ආහාරය ගනිමින් සිටියදී ගත් ඡායාරූපයක් ද සිය Facebook ගිණුමේ නිසංගා පළ කර තිබුණි.

ශාන්තා මායාදුන්නේ මහත්මිය වසර ගණනාවක් පුරාවට ශ්‍රී ලාංකේය රූපවාහිනී සහ ගුවන් විදුලි සූපවේදිනීයක් ලෙස ඉමහත් ජනප්‍රියතාවක් හිමි කරගෙන සිටි අතර නිසංගාද ඉංග්‍රීසි භාෂා නිවේදිකාවක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ වී සිටියාය.
මීට අමතරව කොළඹ කොච්චි කඩේ දේවස්ථානය, කටාන කටුවාපිටිය දේවස්ථානය, මඩකලපුව සියොන් දේවස්ථානය, කොළඹ ශැන්ගිලා හෝටලය, කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය සහ කොළඹ කින්ග්ස්බරි හෝටලය, දෙහිවල සහ දෙමටගොඩ යන ස්ථාන වල සිදුවූ පිපිරීම් හේතුවෙන් ආරක්ෂක නිලධාරීන් ඇතුළු ශ්‍රී ලංකේය සාමාන්‍ය ජනතාව 250 කට අධික පිරිසක් මිය ගොස් ඇති බව මේ වන විට වාර්තා වේ.

ඩෙන්මාර්කයේ ධනවත්ම පුද්ගලයාගේ දරුවන් තිදෙනාත් මරු තුරුලට
ලොව ඉහළම පෙළේ ධනවතෙකු මෙන්ම ඩෙන්මාර්කයේ ධනවත්ම පුද්ගලයා ලෙස හැඳින්වෙන Anders Holch Povlsen තම දරුවන් සිව් දෙනාගෙන් තිදෙනෙකු මෙම බෝම්බ ප්‍රහාරය නිසා මිය ගිය බව පවසයි.
46 හැවිරිදි Anders Holch Povlsen, ලොව දැවැන්ත රෙදිපිළි අලෙවි ජාලයක් වන Bestseller හි තනි අයිතිකරුවා බව පැවසේ.
එමෙන්ම එක්සත් රාජධානියේ හා ස්කොට්ලන්තයේ වැඩිම ඉඩම් ප්‍රමාණයකට හිමිකම් කියනු ලබන පුද්ගලික ඉඩම් හිමියා ලෙසද ඔහු ප්‍රසිද්ධය.
බෝම්බ ප්‍රහාරය සිදුවන දිනට පෙර ඔහුගේ දරුවන්ගෙන් අයෙකු සිය සොයුරියන් සමග ශ්‍රී ලංකාවේ නිවාඩුව ගත කළ ඡායාරූපයක් සමාජ ජාල මාධ්‍ය වෙත පළ කර තිබුණි.

බ්‍රිතාන්‍ය ජාතිකයාට පවුලම අහිමිවෙයි.
නිවාඩුව ගත කිරීමට ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය ජාතික Ben Nicholson ගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා ද Shangri-La හෝටලයට එල්ලවූ බෝම්බ ප්‍රහාරයෙන් මිය ගොස් තිබේ.
එම ප්‍රහාරයෙන් සිය පවුලේ ඉතිරුවූ එකම පුද්ගලයා තමන් බවත් ඔහු පවසයි.
ඔහුගේ බිරිඳ Anita Nicholson වූ අතර දරු දෙදෙනා 14 සහ 11 වියෙහි පසු වුහ.
බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව තමන් තම බිරිඳ සහ දරු දෙදෙනාව සැමතැනම සෙවූ නමුත් අවසානයේ ඔවුන් මියගොස් තිබු අයුරු දැකගත් බව Ben Nicholson පවසා ඇත.
Ben Nicholson වෘත්තියෙන් නීතිඥයෙකු බවද සඳහන්.

බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රී Sheikh Selim ගේ මුණුබුරා
බංග්ලාදේශ වත්මන් රජය හොබවන Awami ලීගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ බංග්ලාදේශ අගමැතිනිය වන Sheikh Hasina ට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රී Sheikh Selim ගේ මුණුබුරා ද ශ්‍රී ලංකාවේ බෝම්බ ප්‍රහාරයෙන් මිය ගොස් තිබෙන බව වාර්තා වේ.
අට හැවිරිදි Zayan Chowdhury නමැති මෙම කුඩා දරුවාගේ මෘත දේහය අද දිනයේ බංග්ලාදේශයට රැගෙන යාමට නියමිත බවද සඳහන්.
Image
සෙසු විදේශිකයින්
ශ්‍රී ලංකා බෝම්බ ප්‍රහාරයෙන් තම ඥාතියෙකු ජීවිතක්ෂයට පත්වූ බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කම්කරු පක්ෂ මන්ත්‍රිනී Tulip Siddiq ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා ඇත.
නමුත් ඇය වැඩි විස්තර ලබාදීමට අකමැත්ත පළ කර තිබුණි.
මේ අතර ශ්‍රී ලංකාවේ ව්‍යාපෘතියක රාජකාරී කරමින් සිටි Serhan Nariçi සහ Yiğit Çavuş නැමති තුර්කි ඉංජිනේරුවන් දෙදෙනා ද මෙම ප්‍රහාරවලින් මියගිය බව තුර්කි විදේශ අමාත්‍ය Mevlüt Çavuşoğlu නිවේදනයක සටහන් වේ.
මේ අතර ජපානයේ Kaori Takahashi නමැති කාන්තාව Shangri-La හෝටලයේ ඉරිදා උදෑසන ආහාරය ගනිමින් සිටියදී එහි බෝම්බ ප්‍රහාරයට හසුවී මියගිය බව ජපානයේ NHK රූපවාහිනිය වාර්තා කරයි.
එමෙන්ම ඇමෙරිකානු ජාතිකයින් 4 දෙනෙකු මිය බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වාර්තා කරයි.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

