සමස්ත ඔස්ට්‍රේලියවම අභිමානයෙන් සමරන ANZAC දිනය හෙටට (25/04) යෙදී තිබේ.
1914 දී ඇරඹි පළමු ලෝක යුද්ධයේ පටන් මේ දක්වා පැවති සියලු යුද්ධ වලදී සහ මෙහෙයුම් වලදී සේවය සැපයු සහ මිය ගිය සියලු ඔස්ට්‍රේලියනුවන් අනුස්මරණය කරන ප්‍රධාන දිනය ලෙස හැඳින්වෙන මෙම Anzac දිනය හැඳින්වේ.
SBS සිංහල සේවය - සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව සහ පසුව online අහන්න - www.sbs.com.au/sinhala
මෙම 2024 වසරේදී ANZAC යුධ අනුස්මරණ සැමරුමට වසර 110 ක් ගතවුවද අදටත් ඔස්ට්‍රේලියානුවන් තම වීර හමුදාවන්ට ගරු බුහුමන් කිරීමට මෙම ANZAC දිනය යොදාගැනීම විශේෂත්වයක්

Anzac දිනයේ උපත
ඔස්ට්‍රේලියානු හමුදා පළමු ලෝක යුද්ධයේදී 1915 වසරේ තුර්කියේ Gallipoli අර්ධද්වීපයට පා තැබීම සැමරීම Anzac දිනයේ ප්‍රධාන නිමිත්ත වේ.
පළමු ලෝක යුද්ධයේදී සේවයේ නියුතු ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ ආරක්ෂක හමුදාවන සිහිපත් කිරීමේ අරමුණින් ආරම්භ වූ Anzac දිනය අද වන විට ඉතිහාසයේ සියලු යුධ ගැටුම් වලදී මිය ගිය සහ තුවාල ලැබු සියලු ඔස්ට්‍රේලියානු හා නවසීලන්ත ආරක්ෂක භටයින් සිහිපත් කිරීම දක්වා පුළුල්වී තිබේ.
අතීතයේදී කොන්ස්තන්තීන්පොල් නමින් හැඳින්වූ වර්තාමන තුර්කියේ ඉස්තාන්බුල් නගරය අත්පත් කරගැනීමේ අරමුණින් ඔස්ට්‍රේලියානු සහ නවසීලන්ත හමුදා ඛාණ්ඩයන් තුර්කියේ Gallipoli අර්ධද්වීපයට පාතැබූ දිනය ලෙස 1915 වසරේ අප්‍රේල් 25 වන දින සටහන් වේ.
එහිදී ජර්මානු හිතවාදී ඔටෝමන් අධිරාජ්‍යාගේ හමුදා සහ විරුද්ධ පාර්ශවයේ ඒකාබද්ධ හමුදා අතර මාස 8 කට ආසන්න කාලයක් පැවති ගැටුම් වලින් අනතුරුව ඒකාබද්ධ හමුදා Gallipoli අර්ධද්වීපයෙන් ඉවත් වීමට තීරණය කළ බව සඳහන්.
මෙම සටන් වලදී දෙපාර්ශවයේම හමුදා සෙබළුන් දහස් ගණනක් දිවි පිදු බව වාර්තා වන අතර 8000 කට ආසන්න ඔස්ට්‍රේලියානු හමුදා සෙබළුන් ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්වූ බවද සඳහන් වෙයි.

පළමු ලෝක යුද්ධය සහ ඔස්ට්‍රේලියාව
ANZAC යන්නෙහි දිග හැරුම Australian and New Zealand Army Corps හෙවත් ඔස්ට්‍රේලියානු සහ නවසීලන්ත ඒකාබද්ධ හමුදාව යන අර්ථය ගෙන දෙයි.
1914 දී පළමු ලෝක යුද්ධය ආරම්භ වූ අවදියේදී ඔස්ට්‍රේලියාව ෆෙඩරල් රාජ්‍යයක් ලෙස නම්කොට ගතවී තිබුනේ වසර 13 ක් වැනි කෙටි කාලයක්.
එනිසාම මෙම නව රාජ්‍යයට ලොව අනෙකුත් රටවල පිළිගැනීම අත්‍යවශ්‍ය දෙයක් බවට පත්වී තිබුණි.
එම අරමුණ ඇතිව තුර්කියේ Gallipoli අර්ධද්වීපයේ Dardanelles ප්‍රදේශය මිත්‍ර නාවික හමුදා සඳහා අත්පත් කර දීමට ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය තීරණය කළේය.
එවකට මෙම Dardanelles ප්‍රදේශය භාණ්ඩ ප්‍රවාහනය සඳහා මර්මස්ථානයක් ලෙස ප්‍රසිද්ධියක් ඉසිලීය.
එනිසාම මිත්‍ර නාවික හමුදා සඳහා Dardanelles ප්‍රදේශය අත්පත්කරගෙන සිටීම පළමු ලෝක යුද්ධයේදී දැවැන්ත වාසියක් ලෙස ඔස්ට්‍රේලියාව සැලකුවේය.
එහි අවසන් අරමුණ වුයේ තුර්කියේ ඉස්තාන්බුල් නගරය අත්පත් කරගැනීම බව වාර්තා වේ.
කෙසේ වෙතත් මෙම සටනේදී බ්‍රිතාන්‍යය ට සහය දක්වනු ලැබූ ඔස්ට්‍රේලියාව - නවසීලන්තය ඇතුළු මිත්‍ර පාර්ශවික රටවලට පසුබැසීමට සිදුවුණු බව ඉතිහාසය සඳහන් කරයි.

Anzac දින සැමරුම්
Anzac දින සැමරුම සෑම වසරකම අප්‍රේල් 25 වන දින ලෙස පැවැත්වීමට තීරණය කර ඇත්තේ 1916 වසරේ අප්‍රේල් මස 25 වන දින සිට බව වාර්තා වේ.
Anzac දිනය ඔස්ට්‍රේලියාවේ ජාතික මට්ටමේ නිවාඩු දිනයක් ලෙස නම් කර ඇති අතර යුධ මෙහෙයුම් වලදී දිවි පිදු ඔස්ට්‍රේලියානු හමුදාවන් සිහිපත් කරමින් හෙට (25/04) දිනයේදී ඔස්ට්‍රේලියාව පුරාවට සැමරුම් උත්සව සංවිධානය කෙරේ.
මේ අතර තුර්කියේ Gallipoli අර්ධද්වීපයේ ද Anzac දින සැමරුම් උත්සවයක් සිදු කෙරෙන අතර Anzac දින සැමරුම් උත්සව අතරින් ඊට සුවිශේෂී තැනක් හිමි වේ.
Anzac දිනය සැමරීමට ඔස්ට්‍රේලියාවේ විවිධ පාගමන් ඉතිහාසයේ පටන් සංවිධානය කර තිබුණි.
එවකට සිඩ්නි නුවර පැවැත්වූ Anzac දින පාගමනේදී තුවාල ලැබූ ඔස්ට්‍රේලියානු හමුදා සෙබළුන් ඔවුන්ගේ සාත්තු සේවිකාවන් සමග රථ වලින් ගමන් කර තිබෙන බවද වාර්තා වේ.

Anzac දිනය පාදක කරගනිමින් විවිධ සැමරුම් ක්‍රියාකාරම් සහ අංග ඔස්ට්‍රේලියානු සංස්කෘතියට මේ වන විට එක්වී හමාරය.
ඒවායින් ප්‍රධාන අංග කිහිපයක් පහත පරිදි වේ.
උදා සේවාව
Anzac දින සැමරුම් උත්සවය පැවැත්වෙන්නේ අලුයම් කාලයේ වන අතර Gallipoli අර්ධද්වීපයට පා තැබූ නියම වෙලාව පාදක කරගනිමින් එය පවත්වයි.
Anzac පෙළපාලි
උදා සේවාවෙන් අනතුරුව හමුදා සේවයේ හිටපු පිරිස් එක්ව ප්‍රධාන නගර වල සංවිධානය කරනු ලබන පෙළපාලි වල ගමන් කරයි.
Two-up ක්‍රීඩාව
ඔස්ට්‍රේලියාවේ සාම්ප්‍රදායික සූදු ක්‍රීඩාවක් වන Two-up ක්‍රීඩාව Anzac දිනයේදී ක්‍රීඩා කරයි.
කාසි දෙකක් එකවර උඩ දැමීමෙන් මෙම ක්‍රීඩාව සිදු කරනු ලබයි.
———————————————————————————————————————————-
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව සහ පසුව online අහන්න - www.sbs.com.au/sinhala
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38 සහ 305
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීව හෝ පසුව අහන්න SBS Aadio APP (free)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhala
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
----------------------------------------------------------------------------------------------------

