2018 ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ 7 වන දිනය : ලෝක ටෙනිස් තරු වලට ආසියාවෙන් අභියෝග.

Australian Open 2018

Source: SBS Sinhala

2018 ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ 7 වන දිනය වන ඊයේ (21/01) දිනය නිමා වන විට ලොව සුපිරි ටෙනිස් ක්‍රීඩකයින්ට අභියෝගයක් වීමට ආසියානු ටෙනිස් ක්‍රීඩකයින් පෙරමුණ ගෙන ඇති බවක් පෙනෙන්නට ලැබුණි.

ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම් වල ඉහළ මට්ටම් වල සිටි ටෙනිස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තුන්වන වටයේදී සහ සිව්වන වටයේදී ඉවතට ඇද දැමීමට මෙම ආසියානු ටෙනිස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය.

ඒ අනුව දකුණු කොරියාවේ තරුණ ටෙනිස් ක්‍රීඩක Hyeon Chung, ජපානයේ Noami Osaka සිව්වන වටය සඳහා සුදුසුකම් ලැබූ අතර එය ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවකදී සිව්වන වටය සඳහා ඔවුන් සුදුසුකම් ලැබූ ප්‍රථම අවස්තාව ලෙසද ඉතිහාසගත වේ.

මීට අමතරව තායිපේ හි Su-Wei Hsieh ද සිව්වන වටය සඳහා සුදුසුකම් ලැබීය.

ඒ අනුව දකුණු කොරියාවේ Hyeon Chung ඔස්ට්‍රේලියානු දිවා සම්මත වේලාවෙන් අද රාත්‍රී 7 ට සර්බියාවේ සුපිරි ක්‍රීඩක Novak Djokovic සමග Rod Laver Arena හිදී තරග වැදීමට නියමිතය.

ඊට අමතරව  තායිපේ හි Su-Wei Hsieh, ලොව සුපිරි ටෙනිස් ක්‍රීඩිකා ජර්මනියේ Angelique Kerber සමග ඔස්ට්‍රේලියානු දිවා සම්මත වේලාවෙන් අද පස්වරු 1 ට Rod Laver Arena හිදී තරග වැදීමට නියමිතය.

එමෙන්ම ගියවර ඔස්ට්‍රේලියානු විවෘත පිරිමි ටෙනිස් ශූරතාව දිනාගත් ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර්, හංගේරියාවේ Márton Fucsovics සමග අද පස්වරු 3 ට Rod Laver Arena හිදී තරග වැදීමට නියමිතය.

මේ වන විටත් සුපිරි ක්‍රීඩකයින් වන ස්පාඤ්ඤයේ Rafael Nadal සහ බල්ගේරියාවේ Grigor Dimitrov අර්ධ අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබා ඇත.

Rafael Nadal vs Grigor Dimitrov
Source: SBS

ඔස්ට්‍රේලියාවේ අවසන් ටෙනිස් බලාපොරොත්තුවත් බිඳ වැටෙයි.

2018 ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ ඔස්ට්‍රේලියාවේ අවසන් බලාපොරොත්තුව වූ Nick Kyrgios ඊයේ (21/01) පැවති තුන්වන වටයේ තරගයෙන් ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම් හි අංක 3 පසුවන බල්ගේරියාවේ Grigor Dimitrov අතින් 7-6 7-6 4-6 7-6 ලෙස පරාජයට පත් විය.

මේ අනුව මෙතැන් පටන් 2018 ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ ඉදිරි තරග සඳහා කිසිදු ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකු ට හෝ ක්‍රීඩිකාවක ට හෝ සහභාගී වීමට වරම් නොලැබේ.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now