SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ සමලිංගික පිරිමින්ට රුධිරය පරිත්‍යාග කිරීමට ඇති සීමාවන් ඉවත්කරන ලෙසට ඉල්ලීම් (SBS සිංහල/ වාර්තා)

HIV සම්ප්‍රේෂණය වීමේ අවදානම මත පදනම්ව වෙනත් පිරිමින් සමඟ ලිංගිකව එක්වන්නේ නම් රුධිරය පරිත්‍යාග කිරීමට කැමති පිරිමින්ට සීමා පනවා ඇති ලොව පවතින රටවල් කිහිපයෙන් ඔස්ට්‍රේලියාවද එකකි.

A man donates his plasma at the new Australian Red Cross Blood Service building at Town Hall in Sydney
A man donates his plasma at the new Australian Red Cross Blood Service building at Town Hall in Sydney Source: AAP

4 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

කැනඩාව, ප්‍රංශය, ග්‍රීසිය, ලිතුවේනියාව සහ ඔස්ට්‍රියාව සමලිංගික සහ ද්වීලිංගික පිරිමින්ට රුධිරය පරිත්‍යාග කිරීමට තිබූ සීමාවන් මේ වසරේ සිට ඉවත් කර ඇත.

ජුනි 14 ට යෙදී ඇති ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනයේ දී ඔස්ට්‍රේලියාවට ද එය සිදු කරන ලෙස ඉල්ලීම් ලැබී තිබේ.


Highlights

  • පිරිමින් සමඟ ලිංගිකව එක්වන්නේ නම් රුධිරය පරිත්‍යාග කිරීමට කැමති පිරිමින්ට සීමා පනවා ඇති ලොව පවතින රටවල් කිහිපයෙන් ඔස්ට්‍රේලියාවද එකකි.
  • HIV සම්ප්‍රේෂණය ඉහළම මට්ටමක පැවති 1980 ගණන්වල මෙම සීමා කිරීම් හඳුන්වා දෙන ලදී.
  • දැනට, සම ලිංගික පිරිමියෙකු රුධිරය පරිත්‍යාග කිරීමට කැමති නම්, ලිංගික සම්බන්ධකම් පැවැත්වීමෙන් පසු අවම වශයෙන් මාස තුනක් බලා සිටීමට සිදු වේ.

සමලිංගික පිරිමින්ට ඔස්ට්‍රේලියාවේ රුධිරය පරිත්‍යාග කිරීම තහනම් ඇයි?

HIV සම්ප්‍රේෂණය වීමේ අවදානම මත පදනම්ව වෙනත් පිරිමින් සමඟ ලිංගිකව එක්වන්නේ නම් රුධිරය පරිත්‍යාග කිරීමට කැමති පිරිමින්ට සීමා පනවා ඇති ලොව පවතින රටවල් කිහිපයෙන් ඔස්ට්‍රේලියාවද එකකි.

HIV සම්ප්‍රේෂණය ඉහළම මට්ටමක පැවති 1980 ගණන්වල මෙම සීමා කිරීම් හඳුන්වා දෙන ලදී.

අද වන විට පවා ඔස්ට්‍රේලියානු රතු කුරුස සංවිධානයේ Lifeblood සංවිධානය පසුගිය මාස තුන තුළ කොන්ඩම් භාවිතා කිරීම වැනි ආරක්ෂිත ලිංගික ක්‍රම භාවිත කරමින් ලිංගික හැසිරීමක යෙදී තිබුණ නමුත් වෙනත් පිරිමියෙකු සමඟ මුඛ හෝ ගුද සංසර්ගය අවදානම් ලිංගික ක්‍රියාකාරකම් ලෙස වර්ගීකරණය කරයි.

ඒ පසුගිය දශකය තුළ HIV අනුපාතය අඩුවෙමින් තිබියදීය.

මෙම නීතිය අවදානමක් ඇති සහ නැති සියල්ලම හසුකරන නීතියක් වීම පිළිබඳ Perth Gay Social Club හෙවත් පර්ත් සමලිංගික සමාජයේ උත්සව සම්බන්ධීකාරක Ian Odlum සිය කණගාටුව පළ කරයි.

ආරක්ෂිත ලිංගික හැසිරීම් වල නිරත නොවන විෂමලිංගික පිරිමියෙකු ආරක්ෂිත ලිංගික හැසිරීම් වල යෙදෙන සමලිංගික පුරුෂයෙකුට වඩා අවදානම් විය හැකි බවත් එය මෙහිදී වෙනස් කොට සැලකීමක් බවත් ලියාපදිංචි හෙද වෘත්තිකයෙකු වන Joe Staniszewski පවසයි.

ඔස්ට්‍රේලියාවේ රුධිරය පරිත්‍යාග කිරීමට සැපිරිය යුතු වෙනත් සුදුසුකම් සහ අවශ්‍යතා ද ඇත.

Calls to remove restrictions on gay and bisexual men donating blood in Australia
Source: AAP

ලොව පුරා සීමා ලිහිල් කෙරේ

COVID-19 වසංගතය සහ නිව් සවුත් වේල්ස් හා ක්වීන්ස්ලන්ත ප්‍රාන්තවල ගංවතුර ඇතුළු ස්වභාවික විපත් මධ්‍යයේ, ඔස්ට්‍රේලියාවේ රුධිරය පරිත්‍යාගශීලීන්ගේ ඉල්ලුම ඉහළ මට්ටමක පවතී.

සෑම වසරකම රුධිර පරිත්‍යාග මිලියන 1.6 කට වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වන අතර ඔස්ට්‍රේලියාව තුළ ක්‍රියාකාරී පරිත්‍යාගශීලීන් 500,000 ක් පමණ සිටියද රුධිරයේ අවශ්‍යතාවය නිරන්තරයෙන් පවතින බව ඔස්ට්‍රේලියානු රතු කුරුස සංවිධානය පවසයි.

එනිසා නව පරිත්‍යාගශීලීන් සැමවිටම අවශ්‍ය වන බව ඔවුන් පවසයි.

එය ගෝලීය වශයෙන් ද එකම කතාව වන අතර මෑත වසරවලදී රටවල් කිහිපයක් පිරිමින් සමඟ ලිංගිකව එක්වන පිරිමින්ට බලපාන රුධිරය පරිත්‍යාගශීලි සීමා ඉවත් කිරීමට තීරණය කර ඇත.

රුධිරය පරිත්‍යාග කිරීමට කැමති අයට ලිංගික අනන්‍යතා පදනම මත තිබූ සීමාවන් ඉවත් කළ 31 වැනි රට බවට කැනඩාව පත් වූ බව කැනේඩියානු අගමැති Justin Trudeau පසුගිය අප්‍රේල් මාසයේදී ප්‍රකාශ කළේය.

මේ වසරේදී ප්‍රංශය, ග්‍රීසිය, ලිතුවේනියාව සහ ඔස්ට්‍රියාව ද එම සීමාවන් ඉවත් කර ඇත.

ජර්මනිය සහ නෙදර්ලන්තය ඇතුළු ඇතැම් රටවල් ආරක්ෂිත, ඒකාකාරී සබඳතාවල සිටින පුද්ගලයින්ට කල් දැමීමකින් තොරව නිදහසේ රුධිරය පරිත්‍යාග කිරීමට අවසර දීමට තීරණය කර ඇත.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


සීමා කිරීම් ක්‍රියාත්මක වන්නේ කෙසේද?

ඔස්ට්‍රේලියාව යනු පිරිමින් සමඟ ලිංගිකව එක්වන පිරිමින්ට (MSM) සීමා පනවා ඇති රටවල් 44 න් එකකි.

දැනට, MSM පිරිමියෙකු රුධිරය පරිත්‍යාග කිරීමට කැමති නම්, ලිංගික සම්බන්ධකම් පැවැත්වීමෙන් පසු අවම වශයෙන් මාස තුනක් බලා සිටීමට සිදු වේ.

බොහෝ විට 'කල් දැමීමේ කාල පරිච්ඡේදයක්' ලෙස හඳුන්වනු ලබන එය බලාත්මක කරන ලොව පුරා රටවල් 21 න් ඔස්ට්‍රේලියාව යනු එක රටකි.

මෙම කාල සීමාවන් ඔස්ට්‍රේලියාවේ මාස තුනේ සිට වසර පහක් දක්වා විය හැක.

ඔස්ට්‍රේලියානු රුධිර සැපයුමේ ආරක්‍ෂාව සහ අඛණ්ඩතාව පවත්වා ගැනීම සඳහා ඔස්ට්‍රේලියාවේ ඖෂධ හා චිකිත්සක නියාමන ධිකාරිය (TGA) විසින් සීමා කිරීම් ක්‍රියාත්මක කරයි.

ඕස්ට්‍රේලියානු රතු කුරුස සංවිධානය ද රුධිරය පරිත්‍යාග කරන්නාගේ සෞඛ්‍යය සහ යහපැවැත්ම මෙන්ම රුධිරය ලබන්නාගේ සෞඛ්‍යය යන දෙකම ආරක්ෂා කිරීම සඳහා නීති රීති ක්‍රියාත්මක කරන අතර එය වෙනස් කොට සැලකීමක් ලෙසට වන චෝදනා ප්‍රතික්ෂේප කරයි.

2021 ජනවාරි මාසයේ මෙවැනි පිරිමින්ට පොරොත්තු කාලය මාස 12 සිට මාස තුන දක්වා අඩු කිරීමෙන් පසු ඔස්ට්‍රේලියාව සිය සීමාවන්හි යම් ප්‍රගතියක් ලබා ඇත.



Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now