Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔස්ට්‍රේලියාවටවත් ඇබොර්ජීනියානු වැසියන්ටවත් අයිති නැති ඇබොර්ජීනියානු ධජය (SBS සිංහල/ වාර්තා)

A man is seen under the indigenous flag protesting Aboriginal rights on Australia Day at Parliament House in Canberra, Sunday, January 26, 2020. (AAP Image/Mick Tsikas) NO ARCHIVING

A man is seen under the Aboriginal flag at Parliament House in Canberra on 26 January. Source: AAP

නොවැම්බර් 8 සිට 15 දක්වා මේ ගෙවී යන්නේ ඔස්ට්‍රේලියාවේ 2020 NAIDOC (National Aborigines and Islanders Day Observance Committee) සතිය වේ.

එහිදී ඇබොර්ජීනියානු වැසියන් ඇතුළුව ඔස්ට්‍රේලියාවේ ස්වදේශික ජනයා පිළිබඳ මෙන්ම ඔවුන්ගේ නිර්මාණ සහ සංස්කෘතිය, ජන ජීවිතය පිළිබඳව ද අවධානය යොමු කෙරේ.

ඔස්ට්‍රේලියාවේ ස්වදේශික ජනයා පිළිබඳ සැලකීමේදී ඔවුන්ගේ ප්‍රධාන ජන කොට්ටාසය වන ඇබොර්ජීනියානු වැසියන්ව සංකේතවත් කරන ඇබොර්ජීනියානු ධජය ද අතිශය වැදගත් වේ.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


ඇබොර්ජීනියානු වැසියන්ගේ නිල ධජය වන ඇබොර්ජීනියානු ධජයේ ප්‍රකාශන හිමිකම් (copyrights) සම්බන්ධයෙන් පසුගිය වසර කිහිපය තුළ සිටම දැඩි අර්බුදයක් හටගෙන තිබේ.ඇබොර්ජීනියානු ධජයේ ප්‍රකාශන හිමිකම් ඇබොර්ජීනියානු වැසියෙකුට හෝ අයත් නොවන සමාගමකට තිබීම ඊට හේතුව වී ඇත.

වසර දහස් ගණනක ඉතිහාසයක් ඇති මේ මිහිපිට වෙසෙන පැරණිතම ආදිතමයන් කොට්ටාසයක් වන ඇබොර්ජීනියානුවන්ගේ මෙම නිල ධජයේ අර්බුදය පිළිබද සම්පූර්ණ විස්තරය මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.

Parliament House seen through an Aboriginal flag in Canberra, Tuesday, September 5, 2017
Parliament House seen through an Aboriginal flag in Canberra Source: AAP

ඇබොර්ජීනියානුධජයේඋප්පත්තිකතාව

ඇබොර්ජීනියානු ධජය, ඔස්ට්‍රේලියාවේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලද ධජ වලින් එකක්.

මෙය ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන දේශපාලන උත්සව වලදී මෙන්ම විශේෂ උත්සව වලදී ඔස්ට්‍රේලියානු ජාතික ධජයත් සමග එකට ඔසවනු ලබනවා.

ඇබොර්ජීනියානු ධජය නිර්මාණය කරනු ලැබුවේ 1971 වසරේදී ඇබොර්ජීනියානු චිත්‍ර ශිල්පියෙකු වන Harold Thomas විසිනි.

ඔහු මධ්‍යම ඔස්ට්‍රේලියාවේ මුල් පදිංචිකරුවන් ලෙස පැවත එන ඇබොර්ජීනියානු වැසියන්ගේ Luritja ජන ඛාණ්ඩයට අයත් පුද්ගලයෙක්.

ඒ අනුව ඇබොර්ජීනියානු ධජය නිර්මාණය කිරීමේ බුද්ධිමය දේපළ අයිතිවාසිකම හිමි වූයේ ඇබොර්ජීනියානු චිත්‍ර ශිල්පියෙකු වන Harold Thomas හටයි.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


ඔස්ට්‍රේලියාව තුළ තම භූමිය සඳහා ඇබොර්ජීනියානු වැසියන් තම අයිතිවාසිකම් කීමේ අරගලයේ දී මෙම ඇබොර්ජීනියානු ධජය මුල් වරට නිර්මාණය කෙරුණු බව සඳහන් වෙනවා.

ඇබොර්ජීනියානු ධජය මුල් වරට නිල වශෙයන් ඔසවනු ලැබුවේ 1971 වසරේ ජූලි මස 12 වන දින ඇඩිලේඩ් නුවර වික්ටෝරියා චතුරශ්‍රයේ පැවති ජාතික ස්වදේශිකයින් ගේ දිනය සැමරීමේ උත්සවයෙදීයි.

ඉන් අනතුරුව එය ඇබොර්ජීනියානු වැසියන්ගේ නිල ධජය සහ සංකේතය බවට පත් වුණා.

Harold Thomas
Harold Thomas Source: FIONA MORRISON

ඇබොර්ජීනියානුධජයේසංකේතහාවර්ණ

ඇබොර්ජීනියානු ධජයේ හරහට එක හා සමානව දිව ගිය කළු පාට සහ රතු පාට තීරු දෙකක් වන අතර හරි මැද කහ පාට වෘත්තයක් පවතිනවා.

මෙහි කළු වර්ණයෙන් ඔස්ට්‍රේලියාව තුළ සිටින ඇබොර්ජීනියානු වැසියන් නියෝජනය කෙරෙන අතර කහ වර්ණයෙන් යුත් වෘත්තයෙන් සූර්යයා ව නිරූපණය කෙරෙනවා.

රතු පැහැති වර්ණයෙන් රතු පැහැති පෘථිවි තලය නිරූපණය කෙරෙනවා.

Labor's Malarndirri McCarthy and Linda Burney
Labor's Malarndirri McCarthy and Linda Burney are backing calls to change the anthem. Source: SBS News

ඇබොර්ජීනියානු ධජයේ හිමිකම

ඇබොර්ජීනියානු ධජයේ හිමිකම් ඇබොර්ජීනියානු වැසියන්ට හෝ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට හෝ නොමැති බව ඔබ පුදුමයට පත් කරවන කරුණක් වනු ඇති.

ඇබොර්ජීනියානු ධජය නිර්මාණය කිරීමේ මූලික අයිතිය එහි නිර්මාණකරු වූ ඇබොර්ජීනියානු චිත්‍ර ශිල්පිපී Harold Thomas විසින් 1997 වසරේදී ඔස්ට්‍රේලියානු ෆෙඩරල් අධිකරණය හමුවේ සාර්ථකව තහවුරු කරගත්තා.

ඒ සඳහා ඔහු ඔස්ට්‍රේලියානු හිමිකම් ප්‍රකාශන සහ බුද්ධිමය දේපළ නීතිය ඔස්සේ නිවැරදි ක්‍රමය අනුගමනය කළ බව සඳහන්.

එම ක්‍රියාවලියේදී ඔහුට විරුද්ධව ඔස්ට්‍රේලියානු රජය හෝ ඇබොර්ජීනියානු සංවිධාන හෝ විරුද්ධ නොවූ බව වාර්තා වනවා.

ඉන් අනතුරුව Flags 2000 නමැති ධජ නිෂ්පාදනය කරන සමාගමකට Harold Thomas විසින් ඇබොර්ජීනියානු ධජය නිෂ්පාදනය කිරීමේ නීතිමය හිමිකම ලබා දුන්නා.

2018 වසරේ නොවැම්බර් මාසයේදී ඇඳුම් මත ඇබොර්ජීනියානු ධජය භාවිතා කිරීම සම්බන්ධයෙන් වන ප්‍රකාශන හිමිකම Harold Thomas විසින් WAM Clothing පුද්ගලික සමාගම වෙත නිල වශයෙන් ලබා දුන්නා.

ඒ අනුව 2018 නොවැම්බර් මාසයේ සිට ලොව කොතැනක හෝ ඇඳුමක ඇබොර්ජීනියානු ධජය මුද්‍රණය කරනවා නම් WAM Clothing පුද්ගලික සමාගමට එහි කර්තෘභාගය ගෙවිය යුතු වනවා.

කෙසේවෙතත් මෙම කර්තෘ හිමිකම් නිසා පසුගිය වසරේ පැවති AFL හා NRL තරගාවලි වලදී ක්‍රීඩකයින් ගේ නිල ජර්සියේ ඇබොර්ජීනියානු ධජය මුද්‍රණය කිරීම පිළිබද අර්බුදයක් හටගත්තා.

එයින් පසුව ඇබොර්ජීනියානු ධජයේ හිමිකම ඇබොර්ජීනියානු වැසියන්ට ලබා දෙන ලෙස ඉල්ලා Free the Flag නමින් විරෝධතා ව්‍යාපාරයක්ද ඔස්ට්‍රේලියාව තුළ ආරම්භ කෙරුණා.

කෙසේවෙතත්, 2020 වසරේ නොවැම්බර් වන තෙක් පවා ඇබොර්ජීනියානු ධජය සම්බන්ධයෙන් පවතින මෙම අර්බුදය විසදී නැහැ.

ඇබොර්ජීනියානු සහ ටෝරස් දූපත් වාසීන් ගේ ධජ සෙනෙට් සභාව තුළ ප්‍රදර්ශනය කිරීම

ඇබොර්ජීනියානු සහ ටෝරස් දූපත් වාසීන් ගේ ධජ සෙනෙට් සභාව තුළ ප්‍රදර්ශනය කිරීමේ යෝජනාවක් ඔස්ට්‍රේලියානු සෙනට් සභාවේ විපක්ෂය විසින් මේ සතිය තුළ ගෙන ආවේය.

ඒ අනුව කම්කරු පක්ෂයේ සෙනට් සභිකවරුන් වන Pat Dodson, Malarndirri McCarthy  ප්‍රධාන කොටගනිමින් ග්‍රීන්ස් පක්ෂයේ Lidia Thorpe විසින් ඔස්ට්‍රේලියානු ධජයත් සමග ඇබොර්ජීනියානු සහ ටෝරස් දූපත් වාසීන් ගේ ධජ සෙනෙට් සභාව තුළ ප්‍රදර්ශනය කළ යුතු බවට එම යෝජනාව ගෙන ආවෝය.

නමුත් එම යෝජනාව සෙනට් සභාව හමුවේ 29 ට 28 ක් ලෙස පසුගිය බදාදා (10/11) පරාජය විය.

සියලුම ඕස්ට්‍රේලියානුවන් නියෝජනය කරන ඕස්ට්‍රේලියානු ජාතික ධජය සෙනෙට් සභා ගර්භය තුළ දිස්විය හැකි එකම ධජය බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විශ්වාස කරන පැවසීය.


4 min read

Published

Updated

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now