විදේශීය රටවල පවතින COVID-19 ආසාදන ප්‍රතිශතය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු රජය ගණනය කිරීම් සිදු කොට තිබේ. මේ අනුව ඕස්ට්‍රේලියානු ආර්ථිකය යලි නගාසිටුවීමේ ක්‍රියාවලියේදී ජාත්‍යන්තර දේශසීමා විවුර්ත කලද යුරෝපය සහ ඇමරිකාව වැනි රටවල් සඳහා ඕස්ට්‍රේලියානු දේශසීමා වසා තැබීමට ඉඩ පවතින බව වාර්තා වේ.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison සඳහන් කොට ඇත්තේ මෙම වසරේ මාර්තු මස සිට වසා දමා ඇති ජාත්‍යන්තර දේශ සීමා යලි විවුර්ත කිරීමේ කාර්යයේදී දැඩි ලෙස ප්‍රවේශම් වන බවයි. එමෙන්ම යුරෝපයේ සහ ඇමරිකාවේ තත්වයට වඩා සාර්ථකව කොරෝනා මර්ධනයට වැඩපිළිවෙල ක්‍රියාත්මක වන වෙනත් රටවල් බොහොමයක් පැවතියද ලෝකයේ විවිධ ප්‍රදේශ වලින් ඔස්ට්‍රේලියාවට පුද්ගලයින් ගෙන්වා ගැනීම ඕස්ට්‍රේලියානු ජනතාවට අවදානමක් ගෙන දෙන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කොට තිබේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීව සහ පසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
මේ වන විට ඕස්ට්‍රේලියානු රජය අඩු කොරෝනා වෛරස අවදානමක් පවතින ජපානය වැනි රටවල් සමග සාකච්චා සිදුකරන අතර එම රටවල් සමග අවධානම් රහිත සංචාරක කලාප පිහිටුවීම අරමුනයි. නවසීලන්ත වැසියන් මේ වනවිටත් නිරෝධායන කාලසීමාවකට යටත් නොවී ඔස්ට්‍රේලියාවට සංචාරය කරන අතර කොරියාව සහ පැසිෆික් රටවල් සමගද සාකච්චා සිදුකොට ඇති බව අග්‍රාමාත්‍ය Scott Morrison පවසයි.

ජාත්‍යන්තර දේශසීමා විවුර්ත කිරීම මේ වන විට බොහෝ රටවල් ක්‍රියාත්මක කරන නමුත් ඔස්ට්‍රේලියාව තවමත් එලෙස දේශසීමා විවුර්ත කිරීම සඳහා වන නිසි වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් තීරණයකට එළඹ නොමැති බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කොට තිබේ.
උතුරු ආසියාවේ තායිවානය, චීනයේ ඇතැම් ප්‍රාන්ත සහ සිංගප්පුරුව වැනි රටවල සිටින පුද්ගලයින් නිසි නිරෝධායන කාලසීමාවකට යටත් කොට ඔස්ට්‍රේලියාවට ගෙන්වාගැනීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබේ.
ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා ගේ මතයට අනුව කොරෝනා වෛරසයට නිසි එන්නතක් සොයාගන්නා තුරු, දැඩි කොරෝනා අවදානමක් සහ දැඩි ප්‍රජා සම්ප්‍රේෂණයක් පවතින රටවල් සඳහා ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර දේශසීමා වසා තැබෙනු ඇති බවට විශ්වාස කෙරේ. ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා අවසන් වශයෙන් සඳහන් කොට ඇත්තේ සිකුරාදා දින පැවැත්වෙන ජාතික කැබිනට් රැස්වීමෙන් පසු මේ පිළිබඳව වැඩි තොරතුරු සඳහන් කරන බවයි.
වැඩබලන ආගමන අමාත්‍ය Alan Tudge ජාත්‍යන්තර දේශසීමා සීමාවන් ක්‍රමිකව ඉවත් කරන බවට ඉඟි පළකිරීමෙන් දින කිහිපයකට පසුව මේ පිලිබඳව වන අවධානය වර්ධනය වී තිබේ.නමුත් ඔහු සඳහන් කොට සිටියේ 2021 වසරේ අග භාගය දක්වා ගමන් සංචලනය අඛණ්ඩව නමුත් මන්දගාමීව පවතිනු ඇති බවයි. එමෙන්ම මෙම ක්‍රමිකව සහ ස්ථාවරව සිදුකෙරෙන ජාත්‍යන්තර දේශ සීමා විවුර්ත කිරීමේ කාර්යයේදී,අඩු අවදානමක් සහිත තෝරාගත් රටවල් සමඟ සංචාරක බුබුළු ස්ථාපිත කිරීම සඳහා ඕස්ට්‍රේලියානු රාජ්‍ය බලධාරීන් කටයුතු කරමින් සිටින බවද අමාත්‍ය Alan Tudge සඳහන් කොට තිබේ.

ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ නිරෝධායන කාලසීමාවකට පුද්ගලයින් යටත් කිරීමෙන් ඔස්ට්‍රේලියාව තුලට ගෙන එන පිරිස සීමා සහිත වන හෙයින් අඩු අවදානමක් සහිත රටවලින්, නිරෝධායන කාලසීමාවකින් තොරව පුද්ගලයින් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමට හැකියාවක් හිමිවන බවයි.
අධි අවදානම් සහිත රටවල්
International Air Transport Association සහ කර්මාන්ත කණ්ඩායමක් සිදු කල නවතම සමීක්ෂණයකට අනුව 2020 වසරේදී ගෝලීය ගුවන් ගමනාගමනය 66% කින් පහත වැටෙනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ. එමෙන්ම 2024 වසර වන තෙක් ජාත්‍යන්තර මගී ගමනාගමනය පූර්ව වසංගත මට්ටමට නොපැමිණෙනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

පසුගිය වසර 14ක කාලයක් තිස්සේ සත්කාරක ක්ෂේස්ත්‍රයේ සේවය කරන මෙල්බර්න්හි සංචාරක නියෝජිත Raju Salaria සඳහන් කොට ඇත්තේ කොරෝනා වෛරසය දරුණු ලෙස ව්‍යාප්තව පවතින රටවල පුද්ගලයින්ට ඔස්ට්‍රේලියාවට සංචාරය කිරීමට මෑතකදී හැකි නොවනු ඇති බවයි.
මේ අනුව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සඳහන් කල පරිදි ඇමරිකාව සහ යුරෝපය වැනි අවදානම් සහිත රටවල සංචාරකයින්ට සහ ඉන්දියාව සහ ඉන්දුනීසියාව වැනි රටවල පුද්ගලයින්ට මෑතකදී ඕස්ට්‍රේලියාවට ඇතුළුවීමට නොහැකි විය හැකි බව Raju Salaria පවසයි. ඔහු පෙන්වා දෙන්නේ එමගින් සංචාරක ආර්ථිකයේ සැලකිය යුතු අඩුවීමක් ඇති කරන බවයි.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
කෙසේ නමුත් කොරෝනා වසංගතයෙන් දරුණු ලෙස පීඩාවට පත්ව ඇති ආසියානු කලාපය සමඟ සංචාරක බුබුලු ඇති කිරීම ආගන්තුක සත්කාර ක්ෂේස්ත්‍රය කෙරෙහි යම් විශ්වාසයක් තබනු ඇති බවට විශ්වාස කරන අතර ඕස්ට්‍රේලියානු රජය මගින් මේ වනවිට ගතයුතු නිසි පියවර ගනිමින් සිටින බව Raju Salaria පෙන්වා දේ.
එමෙන්ම මෙම සංචාරක විධිවිධාන සාර්ථකව ක්‍රියාත්මක කළ පසු, ගිනිකොන දිග ආසියාව හැර වෙනත් රටවල් සමඟ ද්විපාර්ශ්වික සංචාරක ගිවිසුම් වලට එළඹීමට ඕස්ට්‍රේලියාවට හැකිවනු ඇති බවද ඔහු සඳහන් කොට සිටී.
** ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න SBS සිංහල සේවයේ Facebook පිටුවට www.facebook.com/sbssinhala

