Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

සංචරණය අඩු නැති නිසා NSW ප්‍රාන්තයේ lockdown තත්වය ගැන සැකයක්: ජූලි 2දා SBS සිංහල සේවයේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්

ජූලි 2 වන සිකුරාදා SBS සිංහල සේවයේ ප්‍රවෘත්ති ප්‍රකාශය කෙටියෙන් ලිපියක් ලෙසින් ඉදිරිපත් කෙරේ

Doubts on NSW lockdown will be successful as residents are failing to minimise their movements
Source: AAP

Highlights

  • විදේශයන්හි සිට ඔස්ට්‍රේලියාවට ගෙන්වන පිරිස යලි කපා හැරීමට අද කැබිනට් මණ්ඩල රැස්වීමට යෝජනාවක් 
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ lockdown පැවතියද සංචරණය අඩුව නොමැති බව බලධාරීන් පවසයි 
  • ඇතැම් ප්‍රාන්ත වල lockdown අදින් ඉවතට 
  • සෙසු ප්‍රාන්තයන්හි කොරෝනා තත්වය 
  • ඕස්ට්‍රේලියානුවන් හට කොරෝනා එන්නත් ගැන විශ්වාස බව ඕස්ට්‍රේලියානු මුදල් ඇමති පවසයි  
  • කොරෝනා අතරේ ශ්‍රී ලංකාවේ හෙද සංගම් වර්ජනයක  
  • ත්‍රස්තවාදය වැළක්වීමේ පනතේ සමාලෝචනය ගැන යුරෝපා සංගමයට කියන්න ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයෙන් පියවර

විදේශයන්හි සිට ඔස්ට්‍රේලියාවට ගෙන්වන පිරිස යලි කපා හැරීමට අද කැබිනට් මණ්ඩල රැස්වීමට යෝජනාවක්

ජාත්‍යන්තරයේ සිට ඔස්ට්‍රේලියාවට තුලට පැමිණෙන පිරිස අවම කිරීම සම්බන්ධයෙන් වන යෝජනාවක් අද පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්චා කෙරේ.

නිරෝධායන පහසුකම් ස්ථාපිත කරන තෙක් සහ එන්නත් ලබාදීම කාර්යක්ෂම වන තෙක් වික්ටෝරියා ප්‍රාන්තය සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය සඳහා මේ වනවිට වෙනත් රටවල සිට පැමිණෙන ඕස්ට්‍රේලියනුවන් ප්‍රමාණය 80%න් අඩු කිරීමට වන අවශ්‍යතාවය මතුව තිබේ.

ABC මාධ්‍ය වෙත අදහස් දක්වමින් ක්වීන්ස්ලන්ත අග්‍රාමාත්‍යවරිය වන Anastasia Palaszczuk සඳහන් කොට සිටින්නේ තමන් මේ වනවිට ඔස්ට්‍රේලියාව තුල ව්‍යාප්ත වෙමින් පවතින Delta කොරෝනා ප්‍රබේදය සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දක්වන අතර ජාත්‍යන්තර ගුවන් ගමන් කපාහැරීමට ඕස්ට්‍රේලියානු අගමැති ගත් තීරණය ඔස්සේ කොරෝනා වෛරස පීඩනය අවම මට්ටමක පවතින බවයි.

මේ වනවිට ඔස්ට්‍රේලියාවට ජාත්‍යන්තරයේ සිට පැමිණෙන පිරිස සතියකට පුද්ගලයින් 6070ක් වන අතර එය 80% අඩු කිරීම සිදු කළහොත් ජාත්‍යන්තරයේ සිට පැමිණෙන පිරිස සතියකට පුද්ගලයින් 814ක් දක්වා අඩු වේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ lockdown පැවතියද සංචරණය අඩුව නොමැති බව බලධාරීන් පවසයි

ගතවූ පැය 24ක කාලය තුලදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් සිදු කල පරීක්ෂණ ඔස්සේ ප්‍රජාව අතුරින් නව කොරෝනා ආසාදිතයින් 31 ක් හමු වී තිබේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මේ වනවිට ක්‍රියාත්මක lockdown තත්වය ප්‍රාන්ත වැසියන්ගේ සංචරණය අවම කිරීමට අසමත් වී ඇතැයි බලධාරීන් පවසයි. මේ හේතුවෙන් ප්‍රකාශයට පත්කොට ඇති lockdown තත්වයෙන් සාර්ථක ප්‍රතිපල අත් වීමේ ඉඩකඩ අඩු විය හැකි බව ඔවුන් පෙන්වා දෙයි.

 


 ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න 

පිවිසෙන්න SBS සිංහල Facebook පිටුවට

www.facebook.com/sbssinhala


ඊයේ ( 1 July)දිනයේදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් හමු වූ කොරෝනා ආසාදිතයින් 24 දෙනාගෙන් ආසාදිතයින් කිහිප දෙනෙකු රෝග ලක්ෂණ පවතින අවස්ථාවේදී සේවා ස්ථාන වෙත ගොස් තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරිය වන Gladys Berejiklianසඳහන් කොට සිටින්නේ මේ වනවිට ප්‍රාන්තය තුල සිදු කෙරෙන පරීක්ෂණ සම්බන්ධයෙන් සහීමට පත්වන අතර යම් සේවකයකු හට අසනීප තත්වයක් පවතී නම් නිවසේ සිටින ලෙසයි.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් නව කොරෝනා ආසාදිතයින් හමු නොවේ

වික්ටෝරියා ප්‍රාන්තය තුල පසුගිය පැය 24ක කාලය තුලදී සිදු කල පරීක්ෂණ 24,726 ඔස්සේ කිසිදු ආසාදිතයකු වාර්තා වී නොමැත

වික්ටෝරියා ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Daniel Andrews සඳහන් කොට සිටින්නේ කොරෝනා වෛරසය හේතුවෙන් විදේශයන්හි සිරව සිටින ඕස්ට්‍රේලියානුවන්ගේ සංක්‍යාව අඩු කිරීම සිදු කල යුතු බවයි.

ඒ අනුව මෙම ජාත්‍යන්තර සංචාර 50%ත් 80%ත් අතර සංක්‍යාවකට අඩු කිරීම සම්බන්ධයෙන් වන යෝජනා අද ජාතික කැබිනට් රැස්වීමේදී සාකච්චා කිරීම සිදු කරන බව ඔහු පවසයි.

ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එන්නත්කරණය නිසි ලෙස ක්‍රියාත්මක වනතුරු මෙම තීරණය අවශ්‍ය අතර මෙරට සියලුම පුද්ගලයින් lockdown කිරීමට වඩා රටින් පිටත සිටින යම් පිරිසක් නැවත්වීම උචිත වන බවයි.

ඇතැම් ප්‍රාන්ත වල lockdown අදින් ඉවතට

අද(2) දිනයේදී ඕස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රාන්ත වල පවතින lockdown සීමා ඉවත් කිරීමට නියමිතව තිබේ.

මේ අනුව ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ Noosa, Sunshine Coast, Ipswich, Logan, Redlands, Gold Coast, Scenic Rim, Lockyer Valley, Somerset සහ Townsville. යන ප්‍රදේශ සඳහා පවතින lockdown තත්වය ඉවත් වන අතර කොරෝනා සීමා තවත් සති 2ක කාලයක් ක්‍රියාත්මක වේ.

හෝටල් නිරෝධායනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරිය සඳහන් කොට සිටින්නේ මේ වනවිට සෞඛ්‍ය පද්ධතිය පුළුල් වී ඇති අතර පවතින තත්වයට නිරෝධායන මධ්‍යස්ථාන සම්බන්ධයෙන් ගැටළු පවතින බවයි.

නොදර්න් ටෙරිටරියේ පවතින lockdown තත්වය නොදර්න් ටෙරිටරි වේලාවෙන් අද සවස 1ට අවසන් වීමට නියමිතව තිඔබ්. කෙසේ නමුත් කොරෝනා අසාදිත පතල් සේවකයකු සිදු කරන ලද කොරෝනා නීති උල්ලංඝනය කිරීමක් හේතුවෙන් තත්වයේ යම් වෙනසක් වීමේ හැකියාව පවතින බව වාර්තා වේ.


 SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


මෙම පතල් සේවකයා Stuart Park වෙළඳසැල වෙත නිරෝධායනය විය යුතු කාලසීමාව තුල ගොස් ඇති අතර ඒ අනුව එම වෙළඳසැල කොරෝනා වෛරසයට නිරාවරණය වූ ස්ථානයක් වශයෙන් නම් කොට තිබේ.

මෙම පුද්ගලයා සෞඛ්‍ය බලධාරීන් හට අසත්‍ය තොරතුරු ලබාදී ඇති අතර මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නොදර්න් ටෙරිටරි ප්‍රධාන අමාත්‍ය Michael Gunner පවසන්නේ කිසිම විටක එලෙස අසත්‍ය තොරතුරු සෞඛ්‍ය බලධාරීන්ට ලබාදීමට කටයුතු නොකරන ලෙසයි.

සෙසු ප්‍රාන්තයන්හි කොරෝනා තත්වය

ඊයේ දිනයේදී බටහිර ඕස්ට්‍රේලියාවේ ප්‍රජාව අතුරින් කිසිදු කොරෝනා ආසාදිතයකු වාර්තා නොවූ අතර ප්‍රාන්තය තුල හටගත් කොරෝන පොකුරට සමීප සම්බන්ධතාවයක් දක්වන පුද්ගලයින් 350 දෙනෙකු හඳුනාගෙන තිබේ.

කෙසේ නමුත් මොවුන්ගෙන් බොහෝ දෙනෙකු මේ වනවිට වෛරසයට සෘණාත්මක ප්‍රතිපල පෙන්වා තිබේ.

බටහිර ඕස්ට්‍රේලියාවේ Perth සහ Peel යන ප්‍රදේශ සඳහා අද මධ්‍යම රාත්‍රියෙන් පසු කොරෝනා සීමා ලිහිල් කිරීමට නියමිතව ඇති අතර මෙම Delta කොරෝනා ප්‍රබේදයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් දරන මතය අනුව සීමා රඳවා පවතින බව ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Mark McGowan පවසයි.

ඊයේ දිනයේදී දකුණු ඕස්ට්‍රේලියාවෙන් කිසිදු කොරෝනා අසදිතයකු වාර්තා වී නොමැති අතර ප්‍රාන්ත බලධාරීන් නොදර්න් ටෙරිටරියේ පතල් සේවකයින් සම්බන්ධයෙන් වන ආසාදිතයින් පිළිබඳව දැඩි අවධානයකින් පසු වේ.

මේ වනවිට දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තය සිය එන්නත් කිරීමේ මධ්‍යස්ථාන පුළුල් කරමින් සිටින අතර මේ වනවිට ප්‍රාන්ත වැසියන් බොහෝ පිරිසක් කොරෝනා එන්නත ලබාගැනීම සඳහා උනන්දුවක් දක්වන බව වාර්තා වේ.

ඕස්ට්‍රේලියාවේ සෙසු ප්‍රාන්ත සහ ටෙරිටරි lockdown සහ විවිධ සීමා පැනවීම ඔස්සේ මෙම කොරෝනා වෛරසයට ගන්න පියවර අගය කරන බව ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරි රජය පවසයි.

මේ වනවිට ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරි වැසියන් තමන් අවදානම් සහිත ස්ථාන වෙත ගමන් ගත් බවට සෞඛ්‍ය බලධාරීන් හට දැනුම් දී ඇති අතර ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවේ.

මේ අනුව ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරිය සඳහා පවතින තර්ජනය අවම කිරීමට සහ කළමනාකරණය කිරීමට ප්‍රජාවෙන් දැඩි සහායක් ලැබෙන බව ටෙරිටරි ප්‍රධාන අමාත්‍ය Andrew Barr සඳහන් කොට සිටී.

ඕස්ට්‍රේලියානුවන් හට කොරෝනා එන්නත් ගැන විශ්වාස බව ඕස්ට්‍රේලියානු මුදල් ඇමති පවසයි

Astra Zeneca එන්නත සම්බන්ධයෙන් විවිධ මත සහ විවාද පැවතියද ඕස්ට්‍රේලියානුවන් එන්නත් සම්බන්ධයෙන් විශ්වාසයෙන් පසුවන බව ඕස්ට්‍රේලියානු මුදල් අමාත්‍ය Simon Birmingham පවසයි.

වයස අවුරුදු 40 වඩා අඩු පුද්ගලයින් සිය Astra Zeneca එන්නත ලබාගැනීම සම්බන්ධයෙන් පවුල් වෛද්‍යවරයා සමග සකච්ච් කරන ලෙස ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison සඳහන් කළේය.

නමුත් Simon Birmingham පෙන්වා දෙන්නේ වයස අවුරුදු 60 වැඩ අඩු පුද්ගලයින් සඳහා නිර්දේසහ වන්නේ Pfizer එන්නත වන බවයි.

එමන්ම ඔහු සඳහන් කොට සිටින්නේ පවුල් වෛද්‍යවරයා සමග සාකච්චා කිරීම ඔස්සේ එක එක පුද්ගලයින්ගේ තත්වයන් සම්බන්ධයන් නිසි තොරතුරු ලබාගත කහි අතර ඒ මත සෞඛ්‍ය උපදෙස් ලබාදිය හැකි බවයි.

කොරෝනා අතරේ ශ්‍රී ලංකාවේ හෙද සංගම් වර්ජනයක

ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවෙන් නව කොරෝනා ආසාදිතයින් 1,815 දෙනෙකු වාර්තා වී ඇති අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 260,904 ක් දක්වා ඉහල ගොස් තිබේ.

එමෙන්ම ඊයේ දිනයේ ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආශ්‍රිත මරණ 43 ක් ද වාර්තා වී තිබේ.ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා මරණ ගණන 3,120 ක් දක්වා ඉහල ගොස් තිබේ.

මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන හෙද සංගම් ත්‍රිත්වය එක්ව ඊයේ (01) ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් රටපුරා රෝහල්වල කටයුතු සඳහා දැඩි බාධා එල්ලව තිබේ.

මෙම වර්ජනය හේතුවෙන් ඊයේ දිනයේදී ප්‍රතිකාර සඳහා පැමිණි රෝගීන් දැඩි අපහසුතාවයට පත්ව ඇති අතර මෙම වර්ජනය අද දිනයේත් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ත්‍රස්තවාදය වැළක්වීමේ පනතේ සමාලෝචනය ගැන යුරෝපා සංගමයට කියන්න ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයෙන් පියවර

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනයට සහ ජාතීන් අතර ඒකාග්‍රතාව ඇති කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් යුරෝපා සංගමය දැනුවත් කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය සඳහා අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත්කිරීමට කිරීමට යෝජනාවක් ජුනි 21 වනදා සම්මත වී තිබුණි. ඒ අනුව ඒ සඳහා නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක්ද ජුනි 24 වනදා පත්කෙරින.

ජුනි 24 වනදා බන්ධනාගාර ගත කර සිටි එල්.ටී.ටී.ඊ රැඳවියන් පිරිසක්ද නිදහස් කිරීමද විදේශ කටයුතු අමාත්‍යාංශය යුරෝපා සංගමයට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

මේ අතර GSP සහනය දීර්ඝ කරන්නේද යන්න සොයා බැලීම සඳහා යුරෝපා සංගමයේ පිරිසක් මේ වසරේ සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මාසයේ දී මෙරටට පැමිණීමට නියමිතව තිබේ.


ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු

ඉක්මනින් දැනගන්න පිවිසෙන්න

  • SBS සිංහල Facebook පිටුවට

www.facebook.com/sbssinhala

  • SBS සිංහල වෙබ් අඩවියෙන්

www.sbs.com.au/sinhalese

  • SBS Radio APP එකෙන් (Free)


7 min read

Published

Updated

By Nipuna Dodangoda


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now