SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකාවේ විපක්ෂ නායක ධුරය වෙනස් වේවිද ? එසේම තියේවිද? අද තීරණාත්මක දවසක්.

Dinesh Gunawardhana_R Sampandan_Kumara Welgama
Dinesh Gunawardhana_R Sampandan_Kumara Welgama Source: SBS Sinhala

2 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

ශ්‍රී ලංකාවේ විපක්ෂ නායක ධුරය වෙනස් වියයුතු බවට වුනු යෝජනාව පිළිබඳව තවමත් කතානායක විසින් නිසි තින්දුවක් ගෙන නොමැති බවට ඒකාබද්ද විපක්ෂය චෝදනා කරයි. මේ සම්බන්ධ වන යෝජනාව ඒකාබද්ද විපක්ෂ විසින් පසුගිය සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට තිබිණ. ඊයේ (06) පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ද තීරණ කතානායක විසින් ප්‍රකාශයට පත්කිරීමට සිදුවෙනු ඇතැයි අපේක්ෂාවෙන් පසුවුවද එය සිදු නොවුණු බවද වාර්තාවේ.

ඊයේ මහනුවරදී පැවති උත්සවයකදී මේ පිලිබදව විමසු අවස්ථාවේදී වත්මන් විපක්ෂ නායක R සම්පන්දන් මහතා පවසා සිටියේ විපක්ෂනායක තනතුර සම්බන්ධයෙන් ගත යුතු තීන්දුව කථානායකවරයා විසින් ගනු ඇතැයි යන්නයි. ඒ සම්බන්ධයෙන් තමන් කිසිවක් ප්‍රකාශ නොකරන බවත් තීන්දුව තමන්ට කථානායකවරයා දැනුම් දෙනු ඇතැයි ද සම්පන්දන් මහතා පවසා සිටියේය.

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය සඳහා දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා පත් කරන ලෙස ඒකාබද්ධ විපක්ෂය පසුගියදා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කොට තිබිණ. කතානායකට සතුව ඇති ව්‍යවස්ථාපිත බලතල අනුව විපක්ෂ නායක ධුරය සුදුසු පාර්ශවයකට පැවරීමට කරුණු විමසමින් සිටීම අවශ්‍ය නොවන බව පා.ම. දිනේෂ් ගුණවර්ධන මහතා පවසා සිටියේය.

මේ අතර විපක්ෂනායක ධුරය පිළිබඳ එක්සත් ජනතා නිදහස් සංධානයේ මතය ඊයේ (Aug 6) රාත්‍රිය වන විටදී කථානායක කරු ජයසුරිය මහතා වෙත ලැබි ඇති බව කථානායක කාර්යාලය නිවේදනය කරයි. එය අද (07) පක්ෂ නායක රැස්වීමෙදි ඉදිරිපත් කරන බවත් ඉන් අනතුරුව එම පක්ෂ නායක රැස්වීමෙදි ලබා ගන්නා අවසන් තීරණය පාර්ලිමේන්තුව වෙත අද ඉදිරිපත් කිරිමට නියමිත බවති කතානායක කාර්යාලය විසින් නිකුත්කොට ඇති එම නිවේදනයේ සඳහන්වෙයි.

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now